
ඉරානය ලොකු ප‍්‍රහාරයකට සැරසේ.. චීනයෙන් මිසයිල පද්ධති 400ක් ගෙනේ...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින යුධමය වාතාවරණය හමුවේ සිය ගුවන් ආරක්ෂක පද්ධතිය යළි ශක්තිමත් කිරීම සඳහා ඉරානය චීනයෙන් උරහිස මත තබා ක්‍රියාත්මක කළ හැකි මිසයිල පද්ධති 400 ක් පමණ මිලදී ගැනීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි . රොයිටර් පුවත් සේවය පවසන්නේ , ඇමරිකානු ඩොලර් මිලියන 60 ත් 70 ත් අතර වටිනාකමකින් යුත් මෙම මිසයිල තොගයේ පළමු කොටස ඉදිරි සති කිහිපය තුළ ඉරානයට ලැබීමට නියමිත බවයි . මෙහිදී ප්‍රධාන වශයෙන් චීනයේ නිෂ්පාදිත QW-12 සහ FN-16 වර්ගයේ මිසයිල පද්ධති 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් ඉරානය විසින් ඇණවුම් කර තිබේ . මෙම ගනුදෙනුව සඳහා හොංකොං හි පිහිටි 'Zhongqing Baoshang International Investment' නැමති සමාගම අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ . පසුගිය මාස කිහිපය පුරා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ඉරානයේ මිසයිල , ඩ්‍රෝන සහ ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානවලට දැඩි හානි සිදුව ඇති අතර , එම හිඩැස පිරවීම සඳහා මෙම නව මිලදී ගැනීම් සිදු කරන බව යුධ විශ්ලේෂකයෝ පෙන්වා දෙති . ස්ථාවර ගුවන් ආරක්ෂක පද්ධතිවලට වඩා මෙවැනි ජංගම මිසයිල පද්ධති කුඩා කණ්ඩායම්වලට ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගෙන යා හැකි බැවින් , සතුරු ප්‍රහාරවලින් බේරී සංවේදී ස්ථාන ආරක්ෂා කිරීමට ඒවා වඩාත් උචිත වේ . විශේෂයෙන්ම පහත් මාලයේ පියාසර කරන ගුවන් යානා , හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා විනාශ කිරීමේ හැකියාව මෙම මිසයිල සතුය . කෙසේ වෙතත් , චීන විදේශ අමාත්‍යාංශය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම තොරතුරු පදනම් විරහිත බවත් , තමන් සැමවිටම කලාපීය සාමය වෙනුවෙන් පෙනී සිටින බවත්ය . එසේම , මෙම මිසයිල තොගය පකිස්ථානය හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉරානයට ප්‍රවාහනය කිරීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා ද පකිස්ථාන ආරක්ෂක අංශ (ISPR) විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ . ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කර තිබුණද , සාකච්ඡා අසාර්ථක වුවහොත් යළිත් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති පසුබිමක ඉරානය සිය ආරක්ෂක විධිවිධාන මෙලෙස තර කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි .
Google AdSense
In-Article Ad

