FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

උණුසුම් පුවත්

Latest news from FM Heart newsroom

The Heart Academy

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පැරදුනු බොල්සොනාරෝ රටින් පලා යයි.. ඇමරිකාවෙන් මතුවේ..

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් දක්ෂිණාංශික අපේක්ෂක සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ , සිය විදේශ ගමන් බලපත්‍රය භාරදෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ද උල්ලංඝනය කරමින් එක්සත් ජනපදය වෙත පලා ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්‍තා කරයි. බ්‍රසීල පොලිසිය මඟින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කර තිබියදීත්, ෆ්ලාවියෝ බොල්සොනාරෝ ෆ්ලොරිඩා වෙත ළඟා වී ඇති බවත්, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත වීසා…

ඊයේ පාසැල් වහන්න අපි නිර්‍දේශ කලේ නෑ..- කාළගුණ ප්‍රධානී

27 වැනිදා දිවයින පුරා සියලුම පාසල් සඳහා හදිසි නිවාඩු ලබාදීමට බලධාරීන් ගත් තීරණය, කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුවේ කිසිදු විමසීමකින් හෝ තාක්ෂණික උපදෙසකින් තොරව ගනු ලැබූ එකක් බව එම දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා අවධාරණය කරයි. පැවති දේශගුණික තත්ත්වය හමුවේ පාසල් පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව අධ්‍යාපන බලධාරීන් සිය දෙපාර්‍තමේන්තුවෙන් කිසිදු නිල විමසීමක් සිදු නොකළ බවත්, ඒ…

දේශපාලන ප්‍රබලයන් ඝාතන කුමන්ත්‍රණයක්.. සැකකරුවන් හදුනාගනී..

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මෙරට දේශපාලන ප්‍රමුඛයන් සහ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව පුළුල් විමර්‍ශනයක් අරඹා ඇති බවත්, ඊට අදාළ සැකකරුවන් මේ වන විටත් අනාවරණය කරගෙන ඇති බවත් ත්‍රස්ත මර්‍දන හා විමර්‍ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්‍තා කළේය. මෙම සිදුවීමට අදාළ කරුණු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ වාර්‍තා කරමින්…

මාස දෙකකින් ගෑස් නෑ.. හිස් සිලින්ඩර ගොඩගැසේ..

මාස දෙකකට වැඩි කාලයක් ලාෆ් ගෑස් සමාගම විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග ලබා නොදීම හමුවේ අලෙවි නියෝජිතයන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවයට පත් වී ඇත. නුවරඑළිය, හැටන්, තලවකැලේ, මස්කෙළිය, බගවන්තලාව ඇතුලු වතුකරයේ ප්‍රධාන නගරවල ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරු විශාල පිරිසක් සිටින බවත්, එම කිසිදු අලෙවි නියෝජිතයෙකුට මාස දෙකක් තිස්සේ සිය සමාගම විසින් ගෑස් තොග නිකුත් නොකිරිම හමුවේ…

ගල් අගුරු ගැන අහන්න හිටපු ලොක්කෙක් රටින් ගෙන්නයි...

ගල්අඟුරු ප්‍රසම්පාදන ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීම සඳහා වහාම මෙරටට පැමිණෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්‍නැන්ඩෝ මහතාට දැනුම් දී තිබේ. ෆර්‍නැන්ඩෝ මහතා මේ වන විට විදේශගතව පසුවන බැවින්, අදාළ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති කැඳවීම් නියෝගය විද්‍යුත් තැපෑල ඔස්සේ ඔහු වෙත යොමු කර ඇත. ඒ මහතා විදුලිබල…

ප්‍රබල තරගකාරී ආර්‍ථිකයක් නිර්‍මාණය නොකළොත් නව ලෝක බල රටාවේ ශ්‍රී ලංකාව තනි වෙනවා..

ප්‍රබල තරගකාරී ආර්‍ථිකයක් නිර්‍මාණය නොකළහොත් නව ලෝක බල රටාව තුළ ශ්‍රී ලංකාවට ඉඩක් නොලැබෙනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ 50 වැනි වෙබ්නාර් වැඩසටහනට එක්වෙමින් පැවැසීය. නව චින්තනය සඳහා වන ඔක්ස්ෆර්‍ඩ් ආයතනයට අනුව ගෝලීය පාලනය වැඩි වැඩියෙන් රඳා පවතින්නේ බහු-කේන්ද්‍රීය පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන බලවත් කණ්ඩායම් මත බවත් ශ්‍රී ලංකාවද මෙම වෙනස්කම්වලට…

කජ්ජාට පෙම් කරමින් මිද්දෙනියේ ත්‍රිත්ව ඝාතනයේ මරණයේ දැල දැමූ 'අචිනි' බියකරු ඝානය වමාරයි... මෙන්න දරු දෙදෙනා බිළිගත් හැටි!

ලංකා දේශපාලන හා අපරාධ ක්ෂේත්‍රය මහත් සේ කැළඹීමට ලක් කරමින් සිදු වූ මිද්දෙනියේ කජ්ජා ඇතුළු ඔහුගේ කුඩා දරුවන් දෙදෙනාගේ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස හඳුනාගෙන සිටි අමෝෂා ලක්මාලි හෙවත් 'අවිනි' නමැති සැකකාරිය අවසානයේදී නීතියේ රැහැනට කොටුවී තිබේ.

“ශ්‍රී ලංකාව වෙනස් නොවුණොත් ‘ලොකු මාළු අපිව ගිලී” – රනිල් අනතුරු අඟවයි

නැගී එන ගෝලීය දේශපාලන හා ආර්‍ථික රටාව තුළ ශ්‍රී ලංකාවට අදාළත්වයක් රඳවා ගැනීමට නම් රට වේගවත් ආර්‍ථික හා තාක්ෂණික පරිවර්‍තනයකට ලක් විය යුතු බවත්, එලෙස වෙනස් වීමට අපොහොසත් වුවහොත් අන්තර්‍ජාතික තලයේදී රට අතිශයින්ම වැදගත්කමකින් තොර තත්ත්වයට පත්විය හැකි බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. ශ්‍රී ලංකා අන්තර්‍ජාතික වාණිජ මණ්ඩලයේ 50 වැනි සජීවී මාර්‍ගගත සාකච්ඡාව අමතමින් හිටපු ජනපතිවරයා මෙම…

නෙතන්‍යාහුගේ බලය ගිලිහේ.. ඊශ්‍රායලයට සභාග ආණ්ඩුවක්..

ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් අනතුරුව නිකුත් වූ මූලික නිල නොවන ඡන්ද විමසුම් අනුව, වත්මන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු හෝ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු හමුදාපති ගාඩි අයිසන්කොට් යන දෙදෙනාගෙන් කිසිවෙකුටත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත. ආසන 120කින් සමන්විත ඊශ්‍රායල නෙසට් පාර්‍ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගනිමින් පාලන සන්ධානයක්…

අපි සජබෙ වහල්ලු නෙවෙයි... රිෂාඩ් බදියුදීන් සජබ පට්ට ගහමින් ආණ්ඩුවේ ගුණ වයයි

"අපි සමගි ජන බලවේගයේ වහල්ලු නෙවෙයි. සමගි ජන බලවේගය කියන්නේ දේශපාලන පක්ෂයක්, අපි ඒ සන්ධානයේ පාර්‍ශවකරුවන් විතරයි," යනුවෙන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කරයි. කුරුණෑගලදී පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, සමගි ජන බලවේගයේ වර්‍තමාන දේශපාලන ගමන පිළිබඳව තමන් දැඩි කනගාටුව පළ කරන බවත්, දේශපාලන සන්ධානය ගොඩනැඟූ මූලධර්‍මවලින් බැහැර නොවන ලෙස…

මහින්ද රාජපක්‍ෂට විශාදය! ළග ළගම රෝහලට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විටින් විට හටගන්නා අධි රුධිර පීඩනය සහ දැඩි විශාද තත්ත්වයෙන් පෙළෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජීවිත අවදානමක් සහිත විවෘත හදවත් සැත්කමකට භාජනය වීමට නියමිතව ඇති බවත් පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්…

නෙතන්‍යාහුගේ බලය ගිලිහේ... ඊශ්‍රායලයට සභාග ආණ්ඩුවක්!

ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් අනතුරුව නිකුත් වූ මූලික නිල නොවන ඡන්ද විමසුම් අනුව, වත්මන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු හෝ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු හමුදාපති ගාඩි අයිසන්කොට් යන දෙදෙනාගෙන් කිසිවෙකුටත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත. ආසන 120කින් සමන්විත ඊශ්‍රායල නෙසට් පාර්‍ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගනිමින් පාලන සන්ධානයක්…

“ඔර්‍නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව ඉන්දියාවට

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්‍නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇති බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල ... “ඔර්‍නබ්” ඉතා…

අලිවැට ශක්තිමත් කරලා ගම්මානය දෙසින් ඉඩම් අලුතෙන් විවාහ පවුල්වලට දෙනවා..

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මෙන්ම පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මහාචාර්‍ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (26) දා පැවැති තේනුවර වසමේ කොට්ඨාස සභා රැස්වීමේදී අලි–මිනිස් ගැටුමට විසඳුම් ලබාදීම, අලිවැට ශක්තිමත් කිරීම, ගොවි ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම සහ ග්‍රාමීය ජනතාවගේ ආර්‍ථිකය නඟාසිටුවීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එහිදී අදහස් දැක්වූ ගම්වාසී…

ශිරන්තිගේ ජීවිතය අවදානම්... ජීවතුන් අතර සිටීද නැද්ද කියන්න බෑ!

එයාර්‍බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් නම් කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සඳහන් කළේ, “ව්‍යවස්ථාවේ…

‘අර්‍නබ්’ කුණාටුව ඉතා ප්‍රබල වේ.. රතු නිවේදනයක්.. මුහුදු රළ මීටර් 9ක්.. සුළඟේ වේගය 150 kmph

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්‍ධනය වී ඇති “අර්‍නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව විසින් ‘රතු’ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ඉතා ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය මෙන්ම දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අතිශය රළු විය හැකි බැවින්, ධීවර සහ නාවික ප්‍රජාවට මුහුදු ගමන්වලින්…

පොලිස් සිරමැදිරියේදී මියගිය තරුණයාගේ ගෙල කැඩිලා.. ඉළඇට බිඳිලා.. දරුණු තැලුම් තුවාල...- මරණ පරීක්‍ෂණ වාර්‍තාව

හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස් ලෙස මියගිය 29 හැවිරිදි තරුණයාගේ සිරුරේ ගෙල සහ ඉළඇට බිඳී ගොස් ඇති බවත්, හිසේ සිට පිට ප්‍රදේශය දක්වා දරුණු තැලුම් තුවාල හා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවත් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. හෝමාගම, මූණමල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර නැමැති මෙම තරුණයා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ…

රජයේ ඉඩම් අක්කර තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ආයෝජකයන්ට..

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්‍ධන මණ්ඩලය (ජනවසම) සහ ඇල්කඩුව වැවිලි සමාගම සතුව පවතින ඌන උපයෝජිත ඉඩම් හා දේපළ 15ක් තෝරාගත් ආයෝජකයන් වෙත දිගුකාලීන බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත. මෙම රාජ්‍ය වැවිලි ආයතන සතු ඵලදායී ලෙස භාවිතයට නොගත් ඉඩම් හා දේපළවලින් උපරිම ආර්‍ථික…

අලුත් පනතින් මාධ්‍යවලට මාරාන්තිකයි..

රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන ත්‍රස්තවාදයට විරෝධී පනත් කෙටුම්පත (PSTA) නීතිගත කළහොත් මෙරට මාධ්‍ය නිදහසේ අවසානය සනිටුහන් වන බවත්, එය කතුවරුන්ට, නිවේදකයන්ට මෙන්ම සමස්ත මාධ්‍ය ආයතනවලටම එල්ල වන මාරාන්තික ප්‍රහාරයක් බවත් හිටපු අමාත්‍ය, මහාචාර්‍ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි. කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මහාචාර්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම පනත…

මහින්ද රාජපක්‍ෂට විශාදිය.. ළග ළගම රෝහලට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විටින් විට හටගන්නා අධි රුධිර පීඩනය සහ දැඩි විශාද තත්ත්වයෙන් පෙළෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජීවිත අවදානමක් සහිත විවෘත හදවත් සැත්කමකට භාජනය වීමට නියමිතව ඇති බවත් පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්…

නව පනත් මගින් පොලිසියට තවත් බලය අතිශය භයානකයි… හෝමාගම පොලිසියේ මිය ගිය තරුණයා කියාදෙන පාඩම එයයි…! – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාමෙන් නැවත තහවුරු කරන්නේ නීතිය බලාත්මක කරන ආයතන වෙත පරික්ෂාවෙන් තොර බලය ලබාදීමේ ආදීනව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි. අත්අඩංගුවට ගැනීමේ සහ පරික්ෂාවට ලක්කිරීමේ බලතල ප්‍රමාණාත්මක පරික්ෂාවකට සහ සංයමයකට යටත්විය යුතු මන්දැයි එය පසක් කර දෙන බවද ඔහු පෙන්වා දෙයි. ප්‍රමාණය ඉක්මවූ බලතල සහ ප්‍රමාණවත් නොමැති සංයමයක ප්‍රතිඵලය…

ශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දැන් පැවත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායමේ ඉනිම ලකුණු 110කට සීමා කිරීමට ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, පන්දුවාර 25 පන්දු 3ක් තුළදීයි. පකිස්තානයේ වැඩිම ලකුණුලාභියා වූ, බාබර් අසාම්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 29 ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ශාන් මදුෂංක ලකුණු 34කට කඩුලු 5ක් ... ශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක් .

පකිස්ථානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරඟයට තැන වෙන් කර ගනී

පකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය ද හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඔවුන් මෙම ජයග්‍රහණය ලැබූයේ තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි සත්කාරක පකිස්ථාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. පකිස්ථානයේ ලාහෝර්‍හිදී මෙම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 110ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ඩිල්ෂාන් ... පකිස්ථානය පරදා…

වැලිකඩ සිට නාමල් දුන් උපදෙස් මත පොහොට්ටු ශාකා සමිති 60%ක් හැදුවා...

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා ශාඛා සමිති සියයට හැටක් හදා අවසන් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානද සියයට පනහක්ද පිහිටුවා අවසන් බව ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය. ඔහු මේ බව සදහන් කලේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්‍රගති සමාලෝචන…

වහ වැස්සට පාසල් නිවාඩු දී තිබියදී ගුරුවරුන් පිරිසක් ටියුෂන් පවත්වයි..

දිවයිනේ මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව උදෙසා (27) දින රජය මගින් පාසල්වලට නිවාඩු ලබා දී තිබියදී හැටන් කොටගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙකු විසින් ඔහුගේ භාහිර පන්තියට (27) දින ළමුන් කැදවා භාහිර පන්ති පවත්වා ඇත. කොටගල නගරයේ එම ගුරුවරයාට විසින් පවත්වාගෙන යන භාහිර පන්තියට වට්සැප් තාක්ෂණය ඔස්සේ දෙමව්පියන්ට පණිවිඩ යවා ළමුන් පිරිසක් එම භාහිර පන්තියට කැදවා…

කිංස්බරි හෝටලයේ පැවතියේ රාජපක්‍ෂලාගේ දේශපාලන කුමන්ත්‍රණයක්.. ගිය අය අත්අඩංගුවට ගන්න...

හැටන්හිදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා කියා සිටියේ, බුද්ධාගම සහ සිංහල බෞද්ධ රාජ්‍යය සුරැකීමේ මුවාවෙන් පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ සත්‍යග්‍රහය, රාජපක්ෂ පවුලේ දේශපාලන න්‍යාය පත්‍රයේ තවත් එක් පියවරක් බවයි. වැඩිදුර අදහස් දැක්වූ කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා , “පසුගිය කාලය පුරාම මේ රටේ ජනතාව පීඩාවට පත් කරමින්…

නැගනහිර සරසවියේ දරුණු නවකවද ගැටුමක්.. හයක් රෝහලේ...

මඩකලපුව, එරාවුර් වන්දාරුමුල්ල ප්‍රදේශයේ පිහිටි නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ නවකවදය මුල්කරගනිමින් සිසු දෙපිරිසක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමකින් සිසුන් හයදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. තුවාල ලබා රෝහල්ගත කර ඇති සිසුන් අතරින් පස්දෙනෙකුම නවකවද විරෝධී මතධාරී කණ්ඩායමට අයත් අය වන අතර, අනෙක් සිසුවා නවකවදයට පක්ෂපාතී බව කියන පාර්‍ශ්වය නියෝජනය කරන අයෙකු බව විමර්‍ශනවලදී තහවුරු වී තිබේ. වාර්‍තා වන අන්දමට,…

2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්‍යංශවලට.. ජනාධිපති කාර්‍යාලයට බිලියන 11.2යි... දවසට ලක්‍ෂ 307යි..

ඉදිරිපත් කර ඇති නව විසර්‍ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති කාර්‍යාලය සඳහා රුපියල් බිලියන 11.2 ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවත්, ඒ අනුව දිනකට දරන වියදම රුපියල් ලක්ෂ 307 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත කීර්‍ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. රජයේ නව අයවැය ඇස්තමේන්තු සංඛ්‍යාලේඛන විග්‍රහ කරමින් හිටපු ආණ්ඩුකාරවරයා…

හෙට පාසල් අරිනවාද වහනවාද.. බලය විදුහල්පතිලාට..

දිවයින පුරා පිහිටි සියලුම රජයේ පාසල් හෙට (28) දින සාමාන්‍ය පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, පවතින වර්‍ෂාධික කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දැඩි බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍යතාව පරිදි නිවාඩු ලබාදීම තීරණය කිරීමේ බලය පාසල් විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, අදාළ…

ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහ නාහිමිවරුන් ඉල්ලුවත් අධිකරණ නියෝගයට පිටින් වැඩ කරන්නෑ...

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් රජය වෙත මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සතිපතා මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, එවැනි…

කිංස්බරි හෝටලයේ පැවතියේ රාජපක්‍ෂලාගේ දේශපාලන කුමන්ත්‍රණයක්... ගිය අය අත්අඩංගුවට ගන්න!

හැටන්හිදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා කියා සිටියේ, බුද්ධාගම සහ සිංහල බෞද්ධ රාජ්‍යය සුරැකීමේ මුවාවෙන් පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ සත්‍යග්‍රහය, රාජපක්ෂ පවුලේ දේශපාලන න්‍යාය පත්‍රයේ තවත් එක් පියවරක් බවයි. වැඩිදුර අදහස් දැක්වූ කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා. “පසුගිය කාලය පුරාම මේ රටේ ජනතාව පීඩාවට පත් කරමින්…

මට ක්‍රිකට්වලට කරන්න බැරි වුණ දේ කරා, රනිල්ට වඩා අනුර ගැන ගෞරවයක් තියෙනවා – හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ

තමන්ට ක්‍රිකට් පාලන අධිකාරිය සම්බන්ධයෙන් සිදු කිරීමට නොහැකි වූ කාර්‍යයන් වත්මන් ආණ්ඩුව විසින් ඉටු කිරීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි තමන් තුළ විශාල ගෞරවයක් පවතින බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියි.

නාමල් රාජපක්ෂගේ එයාර්‍බස් ගණුදෙනුවේ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරිමට අගවිනිසුරු අනුමැතිය ලබා දෙයි!

එයාර්‍බස් ගනුදෙනු සිද්ධියට අදාලව නාමල් ඇතුළු හතරකට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කළ බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද (27) දැනුම් දුන්නා. අගවිනිසුරුවරයාගේ අනුමැතිය මත කොලඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකළ මෙම අධිචෝදනා පත්‍රයට චෝදනා 24ක් සහ සාක්ෂිකරුවන් 59කින් සමන්තවිත වන බවයි නියෝජ්‍ය සොලිසිටර්…

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය කුදලාගෙන එයි

හුංගමදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්‍ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන “අචිනි” නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ “කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා…

බැසිල් දුටු තැන අත්අඩංගුවට ගන්න නියෝග!

මේ වනවිට අධිකරණය මඟහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත. බ්‍රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්‍තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

‘ඔර්‍නබ්‘ සුළිකුණාටුවට මුහුණ දෙන්න ඉන්දියාවත් සීරුවෙන් – පාසලුත් වසා දමා හෙළිකොප්ටර් සූදානම් කරයි

ඉතා ප්‍රබල ‘ඔර්‍නබ්‘ සුළිකුණාටුව හෙට පෙරවරු කාලයේදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යානාම් වෙරළ තීරයන් හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. සුළිකුණාටුව ගොඩබිමට ඇතුළු වන අවස්ථාවේදී පැයට කිලෝමීටර් 115 ත් 125 ත් අතර පැතිරුණු වේගයකින් සුළං හමා යා හැකි බවත් පසුව එය පැයට කිලෝමීටර් 140 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එරට ... ‘ඔර්‍නබ්‘ සුළිකුණාටුවට මුහුණ දෙන්න…

නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට නියෝග

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ හෙට දින කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියම කළා. නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්‍රි මහතා මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා. එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වීමට කල් ලබාදෙන ලෙස ... නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම…

ප්‍රදේශ කිහිපයක ගංවතුර.. තවත් ප්‍රදේශ කිහිපයක ජල මට්ටම් ඉහල යමින්...

දිවයින පුරා ඇදහැලෙන අධික වර්‍ෂාව හේතුවෙන් ප්‍රධාන ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජල මාපක ස්ථාන 4ක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, තවත් මධ්‍යස්ථාන 9ක ජල මට්ටම අවධානම් (Alert) මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව ගංගා ජල මට්ටම් නිරීක්ෂණ දත්ත වාර්‍තා පෙන්වා දෙයි. අද (27) උදෑසන යාවත්කාලීන කරන ලද දත්තයන්ට අනුව දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මෙතෙක් මහා ගංවතුර තත්ත්වයක් වාර්‍තා වී නොමැති අතර, නිරීක්ෂණ මධ්‍යස්ථාන 27ක ජල…

ලෝක පූජිත සුපිරි ක්‍රීඩක බිරිද සීගිරියේ ඉඩම් ජාවාරමක.. තොරතුරු පනතින් හෙලිවෙයි..

ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුගේ බිරිඳක විසින් ඓතිහාසික සීගිරිය ආසන්නයේ පිහිටි වටිනා රජයේ ඉඩමක් කූට ලේඛන සකස් කර වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්‍තාව, වසර පහක කාලයක් ගතවී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මඟින් මෙතෙක් ලබා දී නොමැති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අනාවරණය කරයි. දඹුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා විසින් තොරතුරු දැනගැනීමේ…

ඉතිහාසයේ දැවැන්තම කොටස් නිකුතුවට Claude සැරසේ.. ඉදිරි මාස හයේදී අන්තර්‍ජාලම අල්ලා මිනිස් වර්‍ගයාගේ පැවැත්මත් අනතුරේ කියයි..

ලොව සුප්‍රකට Claude කෘත්‍රිම බුද්ධි පද්ධතිය නිර්‍මාණය කළ Anthropic සමාගම, ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්‍තා වන දැවැන්තම ආරම්භක පොදු කොටස් නිකුතුව සඳහා වන නිල ලියකියවිලි ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, මෙම දැවැන්ත මූල්‍ය පිම්ම අතරතුරදීම, දියුණු කෘත්‍රිම බුද්ධිය මානව වර්‍ගයාගේ පැවැත්මටම බරපතළ ව්‍යසනකාරී තර්‍ජනයක් විය හැකි බවට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අනතුරු අඟවා තිබීම විශේෂත්වයකි. සැන්…

ඇමති වසන්ත කටාර්‍හිදී 'Doha news' සමග

2022 වසරේ ඇති වූ ආර්‍ථික බිඳවැටීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට යළි ශක්තිමත්ව නැගී සිටිමින් දේශපාලන හා ආර්‍ථික ස්ථාවරත්වය තහවුරු කරගෙන ඇති බැවින්, මෙරට සංචාරක, කාර්‍මික සහ සේවා ක්ෂේත්‍රයන්හි පවතින සුවිශේෂී ආයෝජන අවස්ථාවන් සමඟ එක්වන ලෙස කටාර් රාජ්‍යය ඇතුළු ජාත්‍යන්තර ආයෝජකයන්ට විවෘත ආරාධනයක් කළ බව ‘ඩෝහා නිව්ස්’ පුවත් සේවය වාර්‍තා කරයි. කටාර් රාජ්‍යයේ ඩෝහා අගනුවර පැවැත්වෙන 9 වැනි ලෝක ආයෝජන සමුළුවට…

ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපුවා දඩ මස් එක්ක අත්අඩංගුවට.. නඩු දාන්නැයි අධිකරණ නියෝගයක්..

දඩයම් කිරීම තහනම් කර ඇති වනසතුන්ගේ මස් ළඟ තබාගැනීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි මළුවේ ප්‍රධාන කපුවාට එරෙහිව වහාම අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට නියෝග කළාය. අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් දසුනි හපුආරච්චි මහත්මිය විසින් රිටිගල වනජීවී කාර්‍යාලයේ අඩවි වන ආරක්ෂකවරයා වෙත මෙම නියෝගය නිකුත්…

ලෝක පූජිත සුපිරි ක්‍රීඩක බිරිද සීගිරියේ ඉඩම් ජාවාරමක... තොරතුරු පනතින් හෙලිවෙයි!

ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුගේ බිරිඳක විසින් ඓතිහාසික සීගිරිය ආසන්නයේ පිහිටි වටිනා රජයේ ඉඩමක් කූට ලේඛන සකස් කර වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්‍තාව, වසර පහක කාලයක් ගතවී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මඟින් මෙතෙක් ලබා දී නොමැති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අනාවරණය කරයි. දඹුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා විසින් තොරතුරු දැනගැනීමේ…

ඉතිහාසයේ දැවැන්තම කොටස් නිකුතුවට Claude සැරසේ.. ඉදිරි මාස හයේදී අන්තර්‍ජාලම අල්ලා මිනිස් වර්‍ගයාගේ පැවැත්මත් අනතුරේ කියයි

ලොව සුප්‍රකට Claude කෘත්‍රිම බුද්ධි පද්ධතිය නිර්‍මාණය කළ Anthropic සමාගම, ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්‍තා වන දැවැන්තම ආරම්භක පොදු කොටස් නිකුතුව සඳහා වන නිල ලියකියවිලි ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, මෙම දැවැන්ත මූල්‍ය පිම්ම අතරතුරදීම, දියුණු කෘත්‍රිම බුද්ධිය මානව වර්‍ගයාගේ පැවැත්මටම බරපතළ ව්‍යසනකාරී තර්‍ජනයක් විය හැකි බවට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අනතුරු අඟවා තිබීම විශේෂත්වයකි. සැන්…

දිට්වා කුණාටුවෙන් කැඩුනු පාර හදන්නැයි මහ වැස්සේ විරෝධතා...

ඩයගම නැගෙනහිර ප්‍රදේශයට පිවිසෙන මාර්‍ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ඩයගම නැගෙනහිර ප්‍ර දේශයේ වතු කම්කරුවන් සහ එම මාර්‍ගය භාවිතා කරන ප්‍රදේශවාසීන් එක්ව පවතින අයපහත් කාලගුණයද නොතකා එම නාය ගිය මාර්‍ගය අවහිර කරමින් (26) දින උද්ගෝෂණයක නිරත විය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයක් නිසා, මාර්‍ගයේ කොටසක් නායයෑමට ලක් වූ බවත්, පසුව ප්‍ර දේශවාසීන් සහ එම මාර්‍ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්…

ඥනසාර හිමි මානසික පීඩනයකින්... සියදිවි නසාගන්නා බව කියලා!

සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දඬුවම් නියම වීමට පෙර පසුවූයේ දැඩි මානසික අවපීඩනයකින් බවත් උන්වහන්සේ තමන් මුහුණදී සිටින අර්‍බුදය හමුවේ ජීවිතය පවා හානිකර ගැනීමේ අදහසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයෙකු වෙත දන්වා තිබූ බවද තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි. ඥානසාර හිමියන් අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ ඉහතදී ‘නමයයි පහ’ නමැති කෘතිය එළිදැක්වූ අවස්ථාව සිහිපත් කළ ආනන්දසිරි හිමි, සිය මෑණියන් දැඩි ලෙස…

‘යක්‍ෂ රාජ වජ්‍රපානි’ කවිය ගැන කල ප්‍රකාශයක් ගැන පොලිසියෙන් ප්‍රශ්ණ කරයි

වස්කවියක් රචනා කළ බව කියන සිද්ධියක් මුල් කරගනිමින් තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර තිබේ. එම වීඩියෝ පටය හරහා දෙමටගොඩ පොලිසිය දෝෂදර්‍ශනයට ලක්වන ආකාරයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බව පවසමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක…

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් කටුනායකට

ජපානයේ පැවති 05 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් 09 ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. ආසියානු කලාපයේ රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,590 කගේ සහභාගීත්වයෙන් ජපානයේ නගෝයා නුවරදී මෙම තරගාවලිය ආරම්භ වුණේ ඉකුත් 18 වනදායි. එය පසුගිය 24 වනදා දක්වා පැවැත්වුණා. එහිදී පදක්කම් 9 ක් දිනාගනිමින් තරගාවලියේ 16 වන ස්ථානය ... ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් කටුනායකට .

අධ්‍යපනයට ඇගිළි ගසන බවට මාළිමාවේ මන්ත්‍රීවරයෙකුට චෝදනා

වත්මන් ආණ්ඩුව යටතේද අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වෙමින් පවතින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. බස්නාහිර පළාතේ පාසල් සම්බන්ධයෙන් එවැනි දේශපාලන මැදිහත් වීම් ගණනාවක් දක්නට ඇති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ. “දැන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලනීකරණය නැතුව නිර්‍දේශපාලනීකරණයෙන් තමයි කටයුතු කරනවා කියලා කතා කරේ. නමුත් මේ වන ... අධ්‍යපනයට ඇගිළි…

මැදපෙරදිග අර්‍බුදය ගැන ඉරානයෙන් හා ගල්ෆ් කලාපයෙන් ප්‍රකාශ – මැකා සන්ධානයත් මැදිහත් වෙයි

මැදපෙරදිග කලාපීය ආරක්ෂාව සහ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සමනය කරගැනීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ඉරානයේ ටෙහෙරාන් නුවරදී පවත්වා තිබෙනවා. සෞදි අරාබිය, පාකිස්ථානය සහ තුර්‍කිය එක්ව අලුතින් පිහිටුවාගත් මැකා ආරක්ෂක ගිවිසුම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඉරාන ජනාධිපතිවරයා මෙන්ම ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් හමුවී ඇති අතර, එහිදී කලාපීය සාමය උදෙසා සාකච්ඡා…

නුවර එලියේ ගංවතුර...

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික වර්‍ෂාව හේතුවෙන්, (26) දින ගංවතුර තත්ත්වයක් ඇති විය. මෙහිදී නුවරඑළිය තුරග තරග පිටිය (Racecourse) ප්‍රදේශයේ නිවාස කිහිපයක් මෙන්ම නුවරඑළිය නගරයේ ප්‍රධාන මාර්‍ග කිහිපයක් ද පස්වරුවේ ජලයෙන් යට විය. නුවරඑළිය නගරය බදුල්ල, මහනුවර සහ හැටන් යන නගර හා සම්බන්ධ කරන ප්‍රධාන මාර්‍ග ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. නානුඔය නගර ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ…

පැය 96ක් ඇතුළත ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට අමෙරිකානු හමුදා සූදානම්...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නියෝගය ලැබුණහොත් පැය 96ක් වැනි කෙටි කාලයක් තුළ ඉරානය ඉලක්ක කරගනිමින් දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට අමෙරිකානු සන්නද්ධ හමුදා පූර්‍ණ සූදානමින් පසුවන බව අමෙරිකාවේ ප්‍රමුඛතම පුවත් සේවයක් වන 'සී.එන්.එන්.' පුවත් සේවය වාර්‍තා කරයි. නම් සඳහන් නොකළ අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය ඉරිදා දිනයේ අනාවරණය කර ඇත්තේ,…

ඊශ්‍රායලයට න්‍යෂ්ටික ප්‍රහාරයක්...- නෙතන්‍යාහු අනතුරු අගවයි..

ඊශ්‍රායලයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක මහ මැතිවරණයට දිනක් පමණක් ඉතිරිව තිබියදී, ටෙල් අවිව් අගනුවර ඉහළ අහසේ දැවැන්ත න්‍යෂ්ටික පිපිරීමක් සිදුවන අයුරු දැක්වෙන කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්‍මාණය කරන ලද ආන්දෝලනාත්මක ඡායාරූපයක් එරට අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඉරානය විසින් න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීම ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්මටම එල්ල වන අතිශය බරපතළ සහ විනාශකාරී…

රට පුරා සියළු පාසල් හෙට වසා දමයි..

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස හෙට (27) දින දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව අද (26) නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම තීරණය හෙට දිනට පමණක් සීමා වන බවයි. කෙසේ වෙතත්, පාසල් පැවැත්වීම…

මහවැලි ගගේ ගංවතුර අවදානමක්.. කොත්මලේ උතුරන්න ආසන්නයි..

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්‍ෂාව හමුවේ කොත්මලේ ගැමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින්, ඉදිරියේදී ඕනෑම මොහොතක එහි වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දැනුම් දෙයි. මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ වේල්ල හා ජලාශ කාර්‍යාලය) විසින් අද (26) නිකුත් කරන ලද නිල වාර්‍තාවකට අනුව, අද…

තමාට ගල් අඟුරු චෝදනා නැති බව කොමිසම චම්පිකට කියලා

අල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් තමාට කිසිදු චෝදනාවක් නැති බව කොමිෂන් සභාවේ සාමාජිකයන් පැහැදිලිවම දැනුම් දුන්නේ යැයි බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි. පාඨලී චම්පික රණවක මහතා අද (26) දින ගල් අඟුරු විමර්‍ශනය පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මේ බව කීය. වාරකන් කාලයේ පැමිණි නැව් දෙකක් (16 සහ 17) ගොඩ බෑමට සහාය නොදුන්නේ යැයි නැව් සංස්ථාවේ…

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයා ගැන තවත් තොරතුරු හෙළි වෙයි

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සමබන්ධයෙන් මේවන විට දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිව්ස් පොලිස් මාධ්‍ය කොට්ටාසයෙන් විමසීමක් කළා. ඔවුන් පැවසුවේ මියගිය 29 හැවිරිදි සැකකරු ඊයේ අලු‍යම අයිස් මිලිග්‍රෑම් 400ක් සමඟ හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි. එදින දහවල් කාලයේදී ඔහු ශරීරකෘත්‍ය සිදුකිරීම සඳහා වැසිකිළියට යාමට ...…

පොඩ්ඩොන්ව හැඩ වැඩ කරන Fun Souls – Clogs පාවහන් දැන් DSI ප්‍රදර්‍ශනාගාරවල

අපේ පොඩ්ඩොන්ව හැඩ වැඩ කරන ලංකාවේ අංක එකේ ළමා පාවහන් සන්නාමය වන Fun Souls, ඔක්තෝම්බර් මස, නවතම ළමා පාවහන් මාදිලියක් වන Clogs පාවහන් පෙළ හඳුන්වා දෙන ලදී. අපේ දරුවන් වෙනුවෙන් අපේ රටේම නිෂ්පාදනය කරන තත්වයෙන් උසස් මෙම නවතම Clogs පාවහන් පෙළ, ලංකාවේ අංක එකේ පාවහන් සන්නාමය වන DSI විශ්වාසය සමගින් ගෙන එන්නේ අපේ දරුවන්ගේ දෙපයට ... පොඩ්ඩොන්ව හැඩ වැඩ කරන Fun Souls – Clogs පාවහන් දැන් DSI ප්‍රදර්‍ශනාගාරවල .

කැළණි ගගේ පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්‍ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට එම දෙපාර්‍තමේන්තුව පෙන්වා දෙනවා. මේ හේතුවෙන් රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ...…

‘චෙම්මනි’ සොහොන් බිමක් කී රාජ් සෝමදේවගේ වාර්‍තාවට විරෝධය.. පිලිගන්නෙපා කියා උසාවි යයි...

යාපනය චෙම්මනි ‘සිත්තුපත්ති’ සුසාන භූමියේ සිදුකරන ලද කැණීම්වලදී හමුවූ මිනිස් ඇටසැකිලි 584ක් සහ පුරාවස්තු 170කට අධික ප්‍රමාණය පදනම් කරගනිමින්, අදාළ ස්ථානය සමූහ මිනීවලක් නොව විධිමත්ව පවත්වාගෙන ගිය සාමාන්‍ය සුසාන භූමියක් විය හැකි බවට විශේෂඥ පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ අතුරු වාර්‍තාවක් ඉදිරිපත් කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්‍තා කරයි. කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත්…

පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි...

බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්‍ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් (26) දින ජලයෙන් යට වී ඇත. කෙසෙල්ගමුඔයෙ ජලය පිටාර ගැලීම නිසා එම ඔයට බගවන්තලාව කොටියාගල වතුයායේ සිට ජලය ගලා බසිනා වැසි ජලය එම වතුයායේ පහත්බිම්වල පිහිටි නිවාස රැසකට ගලා යෑම හේතුවෙන් වතු නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙන අයුරු අප කැමරාවේ සටහන් විය. මේ අතර, හැටන් ප්‍රදේශයට (26) දින ඇදහැලුණු අදික…

බ්‍රසීල ජනතාව බොරු දේශපාලනය, පවුල්වාදය පරාද කලා..- ජනපති අනුර

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගත් එරට වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. සිය නිල ‘X’ ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම ජයග්‍රහණය හරහා බ්‍රසීල ජනතාව මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් වඩා එහා ගොස් දූෂණය, සමාජය දෙකඩ කිරීම සහ දේශපාලන මුසාවාදයේ බලවේග මුළුමනින්ම පරාජය කර ඇති…

ඖෂධ හිඟය ගැන කතා කිරීම අලුත් පනතින් ත්‍රස්තවාදී ක්‍රියාවක්..

රජය අලුතින් සම්මත කර ගැනීමට සූදානම් වන ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත’ සහ ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත’ තුළ පවතින අපැහැදිලි ප්‍රතිපාදන හේතුවෙන්, මෙරට පවතින ඖෂධ හිඟය, බාල ඖෂධ ජාවාරම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීම පවා ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස අර්‍ථකථනය කර වෘත්තීය සමිති හා සිවිල් නායකයින් සිරගත කිරීමේ බරපතළ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්…

පාර උඩින් ගැරඩිඇල්ල ගලයි.. වාහන ධායනය නවතී...

කොත්මලේ ප්‍රදේශයට (26) දින ඇදහැලුණු අධික වර්‍ෂාව හේතුවෙන් කොත්මලේ ගැරඩිඇල්ලේ ජලය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්‍ගය හරහා ගලා යැම හේතුවෙන් එම මාර්‍ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් ඇනහිට තිබූ බව කොත්මලේ පොලිසිය පැවසීය. අධික වර්‍ෂාවත් සමග ප්‍රධාන මාර්‍ගය හරහා විශාල ජල ධාරිතාවක් ගලා යෑම හේතුවෙන් එම මාර්‍ගය හරහා ගමන් ගත් වාහන තම පොලිසියේ නිළධාරින් ලවා ජලය බැස යන තෙක් නතර කල බවත්, ඒ තුලින් එම…

පෙට්‍රල් ගොඩබාන පිරිවැයට වඩා ලීටරයට රුපියල් 170ක බද්දක්...

ගොඩබාන පිරිවැයට වඩා රුපියල් 170කට අධික බද්දක් සහ අධික ලාභාංශයක් රඳවා ගනිමින් ඔක්ටේන් 95 වර්‍ගයේ පෙට්‍රල් අලෙවි කර ජනතාව අසාධාරණ ලෙස සූරාකෑමේ දැවැන්ත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා චෝදනා කරයි. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ලංකා අයි.ඕ.සී. (LIOC), සිනොපෙක් (Sinopec), ආර්.එම්. පාක්ස් (RM Parks) මෙන්ම ලංකා…

ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක්! - ලෝක බැංකු වර්‍ගීකරණය සහ නව රෙගුලාසි තීරණාත්මකයි

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර තුනක කාලයක් ‘ඉහළ මැදි ආදායම් ලබන රටක්’ ලෙස වර්‍ගීකරණය කරනු ලැබුවහොත්, නව ක්‍රමවේදය යටතේ නැවත අයදුම් කළද 2030 වසරේදී මෙරටට හිමි ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බව තානාපති ආරංචි මාර්‍ග උපුටා දක්වමින් ‘දිවයින’ පුවත්පත වාර්‍තා කරයි. යුරෝපා සංගමයේ ජී.එස්.පී. තීරුබදු සහන රෙගුලාසිවලට අනුව, ප්‍රතිලාභ ලබන රටක් අඛණ්ඩව වසර තුනක්…

‘චෙම්මනි’ සොහොන් බිමක් කී රාජ් සෝමදේවගේ වාර්‍තාවට විරෝධය... පිලිගන්නෙපා කියා උසාවි යයි

යාපනය චෙම්මනි ‘සිත්තුපත්ති’ සුසාන භූමියේ සිදුකරන ලද කැණීම්වලදී හමුවූ මිනිස් ඇටසැකිලි 584ක් සහ පුරාවස්තු 170කට අධික ප්‍රමාණය පදනම් කරගනිමින්, අදාළ ස්ථානය සමූහ මිනීවලක් නොව විධිමත්ව පවත්වාගෙන ගිය සාමාන්‍ය සුසාන භූමියක් විය හැකි බවට විශේෂඥ පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ අතුරු වාර්‍තාවක් ඉදිරිපත් කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්‍තා කරයි. කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත්…

කෙහෙළිය ඇතුළු හතරදෙනෙකුට රට යාම තහනම්! ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීරණයක්!

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්‍ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය…

පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් වී ලංකාවට උඩින් කැරකේ..

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුව දක්වා තීව්‍ර වී ඇති අතර, එය ඉදිරි පැය කිහිපය තුළ ‘චණ්ඩ සුළි කුණාටුවක්’ බවට පත්වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්‍ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත ‘රතු’…

නඩත්තු නොගෙවූ දික්කසාද සැමියකුට ජනාධිපති සමාව දීමෙන් රනිල් මූලික අයිතිවාසිකම් කඩලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

දික්කසාද වූ බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගත කර සිටි පුද්ගලයෙකුට අත්තනෝමතික ලෙස ජනාධිපති පොදු සමාව ලබා දීම මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියාට ලබා දුන් දඬුවම්…

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් නවුෆර් මවුලවීගේ වසර 220ක සිර දඩුවමට තවත් වසර 12ක් එකතු වෙයි

පාස්කු මහ නඩුවෙන් වරදකරු වී බරපතල වැඩ සහිතව වසර 220 ක සිරදඩුවමක් අත්විදිමින් සිටින, නවුෆර් මවුලවීට එරෙහිව, කොළඹ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණ අද තවත් අවුරුදු 12 ක සිරදඩුවමක් නියම කළේ ය. ඒ, 2018 වසරේදී වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී සහරාන් හෂීම් සහ තවත් අන්තවාදීන් පිරිසක් සමඟ එක්ව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය එක්‍රැස් කිරීමට අදාළ පවරා ඇති නඩුවේ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

කෙහෙළිය රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක්

අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව නිසි ලෙස වන්දි සම්පූර්‍ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුත්ත ඇතුළු වග උත්තරකරුවන් සිව් දෙනෙකු බැදුම්කර මත මුදා හැරීමට නියෝග කළ ශ්‍රේෂ්ටාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝග කළා. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය තුළින් ... කෙහෙළිය…

නාය යෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්‍ඝ කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්‍ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසනවා. එහි ජේ්‍යෂඨ භු විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පසුගිය දින කිහිපය සහ අද දින පවතින වර්‍ෂාපතනය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය නිකුත් කර තිබූ නායයෑම් අභ්‍යන්තර ඇගයීම් නිවේදනය තවදුරටත් දීර්‍ඝ කරනු ලබනවා. ... නාය යෑම් අනතුරු ඇඟවීම්…

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් වැසෙයිද?

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් වසා දැමීම සම්බන්ධයෙන් වන බලය පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා තිබෙනවා. ඒ අනුව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් හට එම බලය පැවරු බවයි කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ අයහපත් කාලගුණයෙන් පාසල්වලට එල්ල වන බලපෑම පිළිබදව සිය අමාත්‍යාංශයද විශේෂ අවධානයකින් ... අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පාසල්…

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

නෝටන් බි්‍රජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්‍ෂාව හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. මේ අතර ඇද හැළෙන අධික වර්‍ෂාව හේතුවෙන් රාජාංගණය. දැදුරු ඔය සහ ප්‍රධාන ජලාශ කිහිපයක තවදුරටත් ... කැළණි ගඟේ ජල මට්ටම ඉහළට .

වාමාංශික නායක ලුලා බ්‍රසීලයේ බලය යළි අල්ලද්දී සර්‍බියාවේ වාමාංශික පාලනය බිද වැටෙයි

සර්‍බියාවේ දීර්‍ඝ කාලයක් පාලනය ගෙනගිය වාමාංශික පාලක ඇලෙක්සැන්ඩර් වුචිච් එරට පැවති හදිසි පාර්‍ලිමේන්තු මැතිවරණයෙන් තමන් පරාජයට පත් වූ බව නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය මුල් කරගනිමින් ගොඩනැගුණු දූෂණ විරෝධී බලවේගය හමුවේ මෙම පරාජය හිමිවූ බවයි සර්‍බියානු ප්‍රගතිශීලී පක්ෂ මූලස්ථානයේ සිට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ. නොවි සාඩ් නගරයේ දුම්‍රිය ස්ථානයක වහලයක් කඩා වැටී ... වාමාංශික නායක…

සියලු පාසල් හෙට වැසේ

දිවයිනේ සියලුම පාසල් හෙට (27) දිනයේ පමණක් වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස එම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේ. කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්‍ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බව අමාත්‍යංශ ලේකම්වරයා ... සියලු පාසල් හෙට වැසේ .

Sinopec, Rm Park සමාගම පෙට්‍රල් මිල වැඩි කරයි.. සිපෙට්කෝ නිහඬයි..

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව, මෙරට ක්‍රියාත්මක සිනොපෙක්, Rm Park සමාගමද ඔක්ටේන් 95 වර්‍ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල සංශෝධනය ඔක්තෝබර් 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කර ඇත. ඒ අනුව, සිනොපෙක්, Rm Park ඉන්ධන පිරවුම්හල්වලද මෙතෙක් රුපියල් 475ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නව සංශෝධනයත් සමග රුපියල් 495ක්…

නොරොච්චෝල යලි කැඩේ.. කොටසක් නවතී..

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ හටගත් කාර්‍මික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිත කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. කෙසේ වෙතත්, එම ජනන යන්ත්‍රය අක්‍රිය වීම ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවයට බලපෑමක් එල්ල නොවන බවත්, දිවයින පුරා විදුලි සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යාංශය අවධාරණය කර සිටී. දෝෂයට…

ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක්.. ලෝක බැංකු වර්‍ගීකරණය සහ නව රෙගුලාසි තීරණාත්මකයි..

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර තුනක කාලයක් ‘ඉහළ මැදි ආදායම් ලබන රටක්’ ලෙස වර්‍ගීකරණය කරනු ලැබුවහොත්, නව ක්‍රමවේදය යටතේ නැවත අයදුම් කළද 2030 වසරේදී මෙරටට හිමි ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බව තානාපති ආරංචි මාර්‍ග උපුටා දක්වමින් ‘දිවයින’ පුවත්පත වාර්‍තා කරයි. යුරෝපා සංගමයේ ජී.එස්.පී. තීරුබදු සහන රෙගුලාසිවලට අනුව, ප්‍රතිලාභ ලබන රටක් අඛණ්ඩව වසර තුනක්…

හෝමාගම පොලිස් සිරමැදිරියේ සැකකරු පහරදී මැරුවද? පහරදී මැරූ බවට ඥාතීන්ගෙන් චෝදනා!

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු රෝහල්ගත කිරීමේදී මියයාමේ ඛේදනීය සිදුවීමක් වාර්‍තා වේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්‍ෂ කුමාර නැමැති අයෙකි. මියගිය තරුණයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකළ දැඩි පහරදීම් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති…

"විපක්ෂය විශාල කුමන්ත්‍රණයක් අටවගෙන යනවා... හැබැයි ජනතා ප්‍රතිචාරයක් නෑ!" - වාසුදේව නානායක්කාර

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩ පවත්වමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ඉතාම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටිනවා. මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ විපක්ෂය සිය දේශපාලන පැවැත්ම උදෙසා එල්ල කරන කිසිඳු පදනමක් නොමැති චෝදනා ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි. ජනතාව විසින් අපේක්ෂා කරන සහන ආණ්ඩුව විසින් මෙවර අයවැයෙන් ජනතාවට ලබා දෙනු ඇතැයි යන විශ්වාසය සමස්ත රටවැසියන් තුළ පවතින…

අහංගමදී සිමෙන්ති පැටවූ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටෙයි – හය දෙනෙකුට තුවාල

අහංගම, කතළුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් හය දෙනෙකු කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටි එම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර සිමෙන්ති පැටවූ ලොරි රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනාද ... අහංගමදී සිමෙන්ති පැටවූ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටෙයි –…

79 හැවිරිදි ලුලා ද සිල්වාට යලි දිනයි.. බ්‍රසීලයේ අද සිට ජනාධිපති ඔහුයි..

බ්‍රසීලයේ පැවති තීරණාත්මක දෙවැනි වටයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණයක් අත්කර ගනිමින්, වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යළිත් එරට ජනාධිපති ධුරයට තේරී පත්වී ඇති බව නිල ඡන්ද ප්‍රතිඵල තහවුරු කරයි. සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 96කට වැඩි ප්‍රමාණයක් ගණන් කර අවසන් වන විට, ලූලා ද සිල්වා සියයට 51කට අධික ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගෙන තිබූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ…

ලතින් ඇමෙරිකානු දේශපාලන රටාව වෙනස් කරමින් බ්‍රසීලයේ ජනපති පුටුව යළිත් ලූලාට

ලතින් ඇමෙරිකානු දේශපාලන රටාව වෙනස් කරමින්, බ්‍රසීලයේ පැවති අතිශය තියුණු ජනාධිපතිවරණ දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට වාමාංශික නායක, 80 හැවිරිදි ලූලා ද සිල්වා සමත්ව තිබෙනවා. ඒ අනුව, ඔහු 4 වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන අතර, ඔහුගේ නව ධුර කාලය 2027 ජනවාරි 5 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙම තියුණු තරගයේදී ... ලතින් ඇමෙරිකානු දේශපාලන රටාව වෙනස් කරමින් බ්‍රසීලයේ…

සයිනොපෙක් සමාගමත් පෙට්‍රල් මිල ඉහළ දමයි

සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා. ලංකා අයි ඕ සී සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමූ අතර, ඊට සමගාමීව සිය සමාගමද මිල සංශෝධනය කළ බවයි සයිනොපෙක් සමාගම පවසන්නේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් වනවා. .

ඇමෙරිකා ප්‍රහාරක තර්‍ජනය හමුවේ ඉරාන වැසියෝ දැඩි බියෙන්.. ආහාර, ඉන්ධන, භාණ්ඩ රැස්කරති..

ඉදිරි සති කිහිපය තුළ ඉරානය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සැලසුම් කර ඇති බවට පළවන වාර්‍තාත් සමඟ, වසර ගණනාවක යුද ගැටුම්වලින් හෙම්බත්ව සිටින ඉරාන වැසියන් දැඩි භීතියකින් සහ අවිනිශ්චිතතාවකින් යුතුව පසුවන බව 'ද නිව්‍යෝර්‍ක් ටයිම්ස්' පුවත්පත වාර්‍තා කරයි. ඉරානය තුළ වෙසෙන පුරවැසියන් 18 දෙනෙකු සමඟ දුරකථන හා කෙටි පණිවිඩ ඔස්සේ කළ සාකච්ඡා…

LIOC ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළට

ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමා තිබෙනවා . ඒ, ලීටරයක් රුපියල් 20 කින්. ඒ අනුව LIOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක්. මෙලෙස මිල ඉහළ දමා ඇත්තේ ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. .

වෙළෙඳසැල් හතරකට එකම හොරෙක් පනී.. CCTV මිටියකින් ගසා කඩා දමයි..

හැටන් නගරයේ අද (25) අලුයම් කාලයේදී වෙළෙඳසැල් හතරක් කඩා ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ මුදල් සහ භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් තිබේ. මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ හැටන් නගරයේ පැති වීදියේ පිහිටි රන් ආභරණ නිෂ්පාදනාගාර තුනක් සහ සිල්ලර වෙළෙඳසැලකි. වෙළෙඳසැල්වල දොරවල්වල අගුළු කිසියම් ආයුධයකින් කපා ඇතුළු වී ඇති සැකකරු, එම ස්ථානවල සවිකර තිබූ CCTV කැමරා මිටියකින් පහරදී කඩා දමා ඇති අතර, ඇතැම් කැමරාවල දිශාවන් වෙනස් කරමින්…

රුවන්වැලිසෑය නටබුන් කර වටේට වැටක් බඳින්න ගැසට්ටුවක්.. ඉන්දීය ආධාරයකින් අනුරාධපුර පූජා භූමියේ රාම කෝවිලක් හදන කුමන්ත්‍රණයක්..දයාසිරි

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට අයත් රුවන්වැලි මහා සෑය ‘නටබුන්’ ගණයෙහිලා සලකමින් ඒ වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීමටත්, ඉන්දීය රජයේ ආධාර යොදාගනිමින් පූජා භූමිය තුළ පැරණි හින්දු කෝවිල් යළි ඉදිකර ‘රාම භූමියක්’ නිර්‍මාණය කිරීමටත් වත්මන් රජය සූදානම් වන බවට පාර්‍ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා අනාවරණය කළේ, අටමස්ථානාධිපති…

පොලිසියේදී සැකකරුවෙකු මිය යයි.. දරුණු පහරදීම් යයි චෝදනා.. හෝමාගම පොලිසිය මහ කලබලයක් වේ..

හෝමාගම මූණමල්වත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් හෝමාගම මූලික රෝහල පරිශ්‍රයේ (25) උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය. මියගිය තරුණයාගේ ඥාතීන් ලෙස චෝදනා කරන්නේ, පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික සහ දරුණු පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ තරුණයා හෘදයාබාධයකින්…

පස් කඳු කඩා වැටෙයි.. රඹුක්කන, පේරාදෙණිය හා ගම්පොළ අතර දුම්‍රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි..

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්‍රිය ස්ථාන අතර පිහිටි කඩිගමුව දුම්‍රිය ස්ථානය ආසන්නයේ නායයෑමක් සක්‍රීය වී දුම්‍රිය මාර්‍ගය මතට දිගින් දිගටම පස් සේදී ඒම හේතුවෙන්, රඹුක්කන සහ පේරාදෙණිය / ගම්පොළ අතර සියලුම දුම්‍රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා දුම්‍රිය දෙපාර්‍තමේන්තුව විසින් වෙත යොමු කර ඇති විශේෂ නිවේදනයක…

IOC පෙට්‍රල් රුපියල් 20කින් මිල වැඩි කරයි.. දැන් 495යි...

ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම මගින් බෙදාහරිනු ලබන LP95 පෙට්‍රල් වර්‍ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, මෙතෙක් රුපියල් 475ක්ව පැවති ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල නව සංශෝධනයත් සමග රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල සංශෝධනය ඔක්තෝබර් 25 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර ඇති බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි. කෙසේ…

ත්‍රෛයිනිකායික මහනා හිමිවරුන් සිදුකළ දැනුම් දීම මත විහාරමහදේවියේ සත්‍යාග්‍රහය තාවකාලිකව අත්හිටුවයි..

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් මැදිහත් වන බවට දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ දින ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කරති. සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක්…

ඇමරිකා යානයකට ඉරානය පහර දී බිම හෙලයි...

බන්ඩාර් අබ්බාස් වරායට ඉහළ අහසේදී අමෙරිකානු හමුදාවට අයත් 'ලූකස්' වර්‍ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සාර්‍ථකව බිමහෙළීමට තම හමුදා ගුවන් ආරක්ෂක අංශ සමත් වූ බව ඉරානය නිවේදනය කළේය. ඉරාන 'තස්නිම්' පුවත් ඒජන්සිය මේ බව වාර්‍තා කරයි. ඒකාබද්ධ ගුවන් ආරක්ෂක ජාලය යටතේ ක්‍රියාත්මක වන ඉරාන යුද හමුදාවේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අදාළ අමෙරිකානු ඩ්‍රෝන යානය විනාශ වී ඇති බව ඉරාන හමුදාව…

පාසැලකට පැන ලියකියවිලි පුච්චයි..

දික්ඔය ඔන්සි දෙමළ මහා විද්‍යාලයට ඇතුළු වූ කිසියම් පිරිසක් විසින් පාසලේ ශාලාවක තිබූ කබඩ් කඩා, ඒවායේ තැන්පත් කර තිබූ පාසල් දරුවන්ගේ පොත්පත්, උප්පැන්න සහතික, ප්‍රශ්න පත්‍ර ඇතුළු ලියකියවිලි රැසකට ගිනි තබා විනාශ කර ඇත. ඊයේ (24) පස්වරු 3.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, අදාළ පිරිස පාසල් ශාලාවේ තිබූ කබඩ්වල දොරවල් කඩා ඒවා තුළ තිබූ ලියකියවිලි පිටතට ගෙන මෙලෙස ගිනි තබා ඇති බව සඳහන් වේ. පස්වරුවේ ශාලාවෙන්…

විහාරමහාදේවී උද්‍යානයේ තියෙන්නේ පොහොට්ටු වැඩසටහන දේශපාලන සංදර්‍ශනයක්..

ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හැටන් නගරයේදී පවත්වන ලදී. එම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා, ප්‍රධාන ලේකම් හා නෝවුඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නොයෙල් ජනාස්තන් සහ ජාතික සංවිධායක මිලාන් පෙරේරා යන මහත්වරු සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ පක්ෂ සභාපති චමීර පෙරේරා මහතා ප්‍රකාශ කළේ, විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වෙන පොහොට්ටුවේ සහ රාජපක්ෂ…

විහාරමහදේවියේ සත්‍යාග්‍රහය අත්හිටුවයි.. ඥාණසාර හිමි තාම වැලිකඩ හිරේ...

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් මැදිහත් වන බවට දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ දින ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කරති. සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක්…

ගොවි පවුල් 1,000ක් සේවකයෝ 4,000ක් අර්‍බුදයක; සිලෝන් ග්‍රීන් ලයිෆ් ජනපති ළඟට

කිසිදු පූර්‍ව දැනුම්දීමකින් තොරව බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් ගොවි පවුල් 1,000කට අධික සංඛ්‍යාවක් සහ සේවකයන් 4,000කට අධික පිරිසක් දැඩි අර්‍බුදයකට මුහුණ දී සිටින බව පවසමින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම ජනාධිපතිවරයාගෙන් සහනයක් ඉල්ලා තිබේ. සමාගම නිකුත් කළ ලිපියේ දැක්වෙන පරිදි, මේ වන විට අක්කර 1,800කට අධික භූමි ප්‍රමාණයක වගා කටයුතු සිදුකරන අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල වර්‍ග අඩි…

කලින් IMF විවේචනය කලත් ආණ්ඩුව ගත් පසු IMF සමගම ගියේ විකල්පයක් නොතිබූ නිසයි..- අගමැතිනි හරිනි CNN වෙත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර සිය පක්ෂය විවේචනාත්මක ස්ථාවරයක පසුවුවද, ආණ්ඩුව භාරගැනීමෙන් අනතුරුව එම වැඩසටහන සමඟම ඉදිරියට යාමට සිදුවූයේ රට හමුවේ වෙනත් විකල්පයක් නොතිබූ බැවින් යැයි අග්‍රමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. CNN ජාත්‍යන්තර පුවත් සේවයේ 'Quest Means Business' වැඩසටහන සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රිචඩ් ක්වෙස්ට් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්…

රඹුක්කන – පේරාදෙණිය, ගම්පොළ අතර දුම්‍රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවයි

රඹුක්කන – පේරාදෙණිය, ගම්පොළ අතර දුම්‍රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. දුම්‍රිය දෙපාර්‍තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. රඹුක්කන – පේරාදෙණිය දුම්‍රිය ස්ථාන අතර කඩිගමුව දුම්‍රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්‍රීය වී තිබෙනවා. එහි දුම්‍රිය මාර්‍ගය මතට පස් සේදී එමින් පවතින බවයි දුම්‍රිය දෙපාර්‍තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා ... රඹුක්කන…

විහාරමහාදේවි සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලිසිය සැරසේ....

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් විසින් පවත්වනු ලබන සත්‍යග්‍රහය විසුරුවා හැරීමේ නියෝගයක් ලබා ගැනීම සඳහා පොලිසිය අධිකරණය හමුවේ නැවත කරුණු දැක්වීමට සූදානම් වන බව Sunday Times පුවත්පත වාර්‍තා කරයි. උද්‍යාන භූමියේ රැඳී සිටින පිරිස හේතුවෙන් මහජන සාමයට දැඩි බාධාවක් එල්ල විය හැකි බව…

ලක් රජයේ PHP වෙබ් අඩවි වල අනතුරු ඇගවේ...

රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (Web applications) සංවර්‍ධනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන PHP පරිගණක භාෂා මෘදුකාංගයේ තීරණාත්මක ආරක්ෂක දුර්‍වලතා කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ වහාම අවධානය යොමු කර පිළියම් යොදන ලෙසත් ඩිජිටල් ආර්‍ථික අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ. අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ, පළාත් සභා,…

රියාද් ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට සැරසෙද්දී සෞදි අගනුවර විශාල පිපිරුම්...

සති දෙකක කාලයක් වසා දමා තිබූ රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට නියමිතව තිබියදී, සෞදි අරාබියේ අගනුවර පුරා අද (25) ප්‍රබල පිපිරුම් හඬ රැසක් වාර්‍තා වී ඇතැය. යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද දැවැන්ත බැලස්ටික් මිසයිලයක් සහ ඩ්‍රෝන යානා දෙකක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්‍ථකව විනාශ කළ බව සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සන්ධානය නිවේදනය කළේය. ප්‍රහාරයත් සමඟ සතුරු…

PHP අවුල දරුණුයි.. දින තුනකට භාණ්ඩ රැස් කර ගන්නැයි බ්‍රිතාන්‍යයෙන් ජනතාවට දන්වයි..

ගෝලීය සයිබර් ආරක්ෂණ අර්‍බුද, දරුණු කාලගුණ විපර්‍යාස සහ අනපේක්ෂිත හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය හදිසි ද්‍රව්‍ය සංචිතයක් නිවෙස් තුළ සූදානම් කර තබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය එරට ජනතාවට විශේෂ උපදේශයක් නිකුත් කර තිබේ. ලොව පුරා වෙබ් පද්ධති රැසක් අඩපණ කරමින් අනාවරණය වූ PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක දෝෂයත් සමඟ ලොව පුරා මිලියන සංඛ්‍යාත හැකර් ප්‍රහාර වාර්‍තා…

මාලිමාව එපාවූ ඡන්ද දැන් සජබෙට එනවා.. අපේ ආණ්ඩුව මුල් අවුරුද්දෙම ඩොලර් බිලියන 10ක ආයෝජන ගේනවා..- මරික්කාර්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ලබාදුන් ජනවරම මේ වන විට සම්පූර්‍ණයෙන්ම අහෝසි වී ඇති බවත්, ජාතික ජන බලවේගය වටා රොක්වූ ජනතාව ඉතා සීඝ්‍රයෙන් සමගි ජන බලවේගය වෙත ආකර්‍ෂණය වෙමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් පාරට බැස උද්ඝෝෂණ කළ පිරිස අද වන විට මහින්ද රාජපක්ෂ…

ඉරාන හයිපර්‍සොනික් මිසයිල නව අදියරකට.. කලාපයම වනසන බව කියයි..

තමන් වෙත එල්ල වන ඕනෑම නව මිලිටරි ප්‍රහාරයක් සමස්ත කලාපයම වෙළාගන්නා මහා යුද්ධයක් දක්වා වර්‍ධනය විය හැකි බවට ඉරානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ අරාබි රටවල් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ටෙහෙරානයේ බැලස්ටික් මිසයිල ශක්තිය කේන්ද්‍ර කරගනිමින් මතුව ඇති මෙම අනතුරු ඇඟවීමත් සමඟ මැදපෙරදිග කලාපය පුරා යළිත් දැවැන්ත යුද බියක් නිර්‍මාණය වී ඇතැයි විදෙස් වාර්‍තා පෙන්වා දෙයි.…

ලක් රජයේ PHP වෙබ් අඩවි වල අනතුරු ඇගවේ!

රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (Web applications) සංවර්‍ධනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන PHP පරිගණක භාෂා මෘදුකාංගයේ තීරණාත්මක ආරක්ෂක දුර්‍වලතා කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ වහාම අවධානය යොමු කර පිළියම් යොදන ලෙසත් ඩිජිටල් ආර්‍ථික අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ. අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ, පළාත් සභා,…

රියාද් ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට සැරසෙද්දී සෞදි අගනුවර විශාල පිපිරුම්!

සති දෙකක කාලයක් වසා දමා තිබූ රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට නියමිතව තිබියදී, සෞදි අරාබියේ අගනුවර පුරා අද (25) ප්‍රබල පිපිරුම් හඬ රැසක් වාර්‍තා වී ඇත. යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද දැවැන්ත බැලස්ටික් මිසයිලයක් සහ ඩ්‍රෝන යානා දෙකක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්‍ථකව විනාශ කළ බව සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සන්ධානය නිවේදනය කළේය. ප්‍රහාරයත් සමඟ සතුරු…

විහාරමහාදේවියේ විරෝධතාකරුවන්ට අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීමට තීරණය කරයි

විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ රැදී සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු විරෝධතාකරුවන් විසිරුවා හැරීම සදහා වන නව නියෝගයක් හෙට දිනයේ දී ලබා ගැනීමට පොලිසිය අපේක්ෂා කරන බව වාර්‍තා වේ. විරෝධතාවයට එක්ව සිටින පුද්ගලයන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා ගැනීමටද පොලිසිය කටයුතු කිරීමට නියමිතය. පිහි දෙකක් අතැතිව සිටි පුද්ගලයෙකු- විරෝධතාකරුවන් අතර සිටියදී අත්අඩංගුවට ගෙන…

“මුදල් දීලා කටඋත්තර ගන්න හැදුවා” - කාවන්තිස්ස හස්තියාගේ සිද්ධිය ගැන ගම්වාසීන්ගෙන් චෝදනාවක්!

කාවන්තිස්ස හස්තියාගේ මරණය හෝ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති පසුබිමක, හුනුගල්ලෑව ගම්වාසීන්ට අසාධාරණ ලෙස බලපෑම් කරමින් එම වරද ඔවුන් මත පැටවීමට උත්සාහ කරන බවට ගම්වාසීහු චෝදනා කරති. පසුගිය සතියේදී කාවන්තිස්ස හස්තියාගේ සිද්ධියට අදාළව හුනුගල්ලෑව ගමේ බලපත්‍ර සහිත ගිනිඅවි හිමියන් පිරිසක් නාඳුනන පිරිසක් විසින් රැගෙන ගොස් අතරමඟදී පහර දී ඇති බව…

වප් පුරපසළොස්වක් පොහොය නිමිත්තෙන් වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

වප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානය අද උදෑසන සිට සැදැහැවතුන්ගෙන් පිරීගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශ වලට ඇදහැලෙන වැසි ද නොතකමින් සැදැහැවතුන් විවිධ ආගමික වැඩසටහන්වල නිරතවෙමින් සිටින බවයි නෙත් නිව්ස් නියෝජිතයන් පැවසුවේ. වප් පුර පසළොස්වක පොහොයදා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුව තිබෙනවා. පෙර වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම ඇතුළු සුවිශේෂී ... වප්…

වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 18 පනී

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් තිබෙනවා . ශ්‍රී ලංකා සංචාරක සංවර්‍ධන අධිකාරිය සදහන් කළේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,813,484දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. මේ අතර, ඔක්තෝබර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු ... වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 18 පනී .

ප්‍රබලම සුළි කුණාටුවක් ලංකාවට මුහුණලා..

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්‍මාණය වී ඇති පීඩන අවපාතය ඉදිරි දිනවලදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව විසින් 'රතු' අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුව ඇතුළු සියලු මාධ්‍ය වෙත යොමු කර ඇති…

දේවානිට උසස්විමක්.. පළාත් දෙකක දෙවැනියා ලෙස පත් කරයි..

ශ්‍රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කථාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය උසස්වීම් ලබා, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්‍ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ. ඒ අනුව, ඇය 26 වැනි සඳුදා දින සිට එම නව ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ සමයේදී, නීතිවිරෝධී ඉදිකිරීම් සහ පරිසර හානි වැළැක්වීම සඳහා…

“නාමල් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් නිසා සාක්ෂිකරුවන් බය නැතුව ප්‍රකාශ දෙනවා” – අල්ලස් කොමිසම කියයි

පාර්‍ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ ඇතුළු ප්‍රධාන සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින නිසා සාක්ෂි­ක­රු­වන් බිය­කින් තොරව, දීර්‍ඝ ප්‍රකාශ දෙමින් සිටින බව අල්ලස් හෝ දූෂණ විම­ර්‍ශන කොමි­ෂන් සභාව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ආන්දෝ­ල­නා­ත්මක ක්‍රිෂ් ගනු­දෙ­නු­වට අදා­ළව අල්ලස් කොමි­සම විසින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පවරා ඇති නඩු­වේදී සිකු­රාදා (23) මේ බව සඳ­හන් කෙරිණි. මේ…

දේවානිට උසස්විමක්... පළාත් දෙකක දෙවැනියා ලෙස පත් කරයි

ශ්‍රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කථාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය උසස්වීම් ලබා, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්‍ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ. ඒ අනුව, ඇය 26 වැනි සඳුදා දින සිට එම නව ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ සමයේදී, නීතිවිරෝධී ඉදිකිරීම් සහ පරිසර හානි වැළැක්වීම සඳහා…

පොලිසිය සහ උද්ඝෝෂකයන් යළිත් ගැටෙයි – 1,000 ට වැඩි පිරිසක් අත්අඩංගුවට

ප්‍රංශයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නැවත වරක් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන තිබෙනවා. මෙම උද්ඝෝෂණ අතරතුර ඊයේ දිනයේ පමණක් 1, 000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ප්‍රංශ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ හඳුනාගත් තවත් පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවයි. ජීවන වියදම ඉහළ යාම සහ පාසල්වල පවතින දුර්‍වල පහසුකම්වලට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ... පොලිසිය සහ…

සුව වීමේ හැකියාව සීමිත රෝගීන්ගේ වේදනාව අවම කර ඔවුන්ට මානසික සැනසීම, ආරක්ෂාව, ගෞරවය ලබාදෙනවා..

රෝගයක් හමුවේ ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයට මුහුණ දෙන මිනිසුන්ට වේදනාව අවම කරගනිමින්, මානසික සැනසීමෙන් හා ආදරණීය රැකවරණය මධ්‍යයේ ගෞරවාන්විතව ජීවිතය ගත කිරීමට අවශ්‍ය පරිසරය සලසා දීමේ උතුම් මානුෂීය අරමුණින් උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි, සරසාලෙයි ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්…

ජාත්‍යන්තර රතු වරෙන්තුව නිසා බැසිල් රාජපක්ෂට ඇමරිකාවෙන් එළියට යෑමට නොහැකිව හිර වෙයි!

වරෙන්තුකරුවෙකු වූ බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්‍ග දැනටමත් සිදුකරගෙන යන බව රජයේ ආරංචි මාර්‍ග පැවසීය. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය පවා ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර තිබෙන බවද, බැසිල් රාජපක්ෂ රතු වරෙන්තුකරුවෙකු නිසා ඇමරිකාවේ සිට වෙනත් රටකට කිසිම හේතුවක් මත ඔහුට යෑමට නොහැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. බැසිල්…

මැදපෙරදිග ඇමෙරිකානුවන්ට පහර දෙන්න ඉරාන සැලසුමක්...

මැදපෙරදිග කලාපය තුළ මෙන්ම ඉන් බැහැරව ද වෙසෙන ඇමෙරිකානු ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ සූදානම ඉරානය විසින් දැඩි කර ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්‍තා කරන්නේ, දෙරට අතර උණුසුම් වාතාවරණය තවදුරටත් වර්‍ධනය වෙමින් පවතින පසුබිමක මෙම නවතම බුද්ධි තොරතුරු අනාවරණය වී ඇති බවයි. අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ද…

ඥානසාර හිමි නිදහස් කිරීම ගැන තීරණයක් ගන්න ජනාධිපතිට ප්‍රමාණවත් කාලයක් දෙන්න තිබුනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ අරමුණින් යැයි පවසමින් ක්‍රියාත්මක වන සත්‍යග්‍රහය හා විරෝධතා ව්‍යාපාරය පිටුපස පරාජිත දේශපාලන කණ්ඩායම්වල සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බවට ජාතික ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා චෝදනා කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙය සැබෑ ලෙසම ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ගෙනයන සටනක් නම් ඒ පිළිබඳ…

ජනාධිපති රෝහල්ගත කරලාද නැද්ද.. ඇත්ත කතාව මෙන්න..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්‍ණයෙන්ම සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ජනාධිපතිවරයා රෝගාතුරව ප්‍රතිකාර ලබන බව දක්වමින් ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සංවිධානාත්මකව නොමඟ යවන සුළු පුවත් හුවමාරු වීමත් සමඟ මේ සම්බන්ධයෙන් අවධානයක් මෙන්ම විවිධ කථාබහක්…

ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් රැුසක් ගාළු වරායට ගෙනේ..

ගාල්ල වරායට ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක සිටි කාර්‍ය මණ්ඩල සේවකයන් 27 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් යොදා ගනිමින් අදාළ රෝගාතුර වූ සේවක පිරිස අද (24) දහවල් ගාල්ල වරාය වෙත රැගෙන ආ…

විහාරමහාදේවී විරෝධතා පුවරුවලට නගර සභාවෙන් බදු මුදල් ඉල්ලයි... උණුසුම් තත්වයක්!

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ ක්‍රියාත්මක වන අඛණ්ඩ සත්‍යග්‍රහ භූමිය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. සත්‍යග්‍රහයේ නිරත හිමිවරුන් විසින් එම පරිශ්‍රයේ සවිකර තිබූ ප්‍රදර්‍ශන පුවරු සහ බැනර් ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් කටයුතු කිරීම මෙම නොසන්සුන්තාවට මූලික හේතුව වී ඇත. විහාරමහාදේවි…

මෙරට විශාලම දළ ඇතා ‘මහසෙන්’ අතුරුදන්!

ශ්‍රී ලංකාවේ ජීවත්වන වනසතුන් අතුරින් විශාලතම දළ යුගල හිමි හස්තියා ලෙස සැලකෙන ‘මහසෙන්’ නමැති දළ ඇතා මේ වන විට අතුරුදන්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්‍ලිමේන්තුව අමතමින් අනාවරණය කලේය. මරදන්කඩවල ප්‍රදේශය සිය ප්‍රධාන නිජබිම කරගනිමින් සැරිසැරූ මහසෙන් ඇතා, කලින් කලට රිටිගල, කන්තලේ, කවුඩුල්ල, මින්නේරිය සහ සෝමාවතිය ඇතුළු රක්ෂිත වනාන්තර කලාප ඔස්සේ සංක්‍රමණය වෙමින් ජීවත් වූ බව විපක්ෂ නායකවරයා…

විහාරමහාදේවියේ සිටි කස්සප හිමි හා සරත් වීරසේකර කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි හෝටලයක මුහුණ වසාගෙන යමින් සිටියදී හමු වෙයි (VIDEO)

කොළඹ ප්‍රසිද්ධ හෝටලයකින් පිටතට පැමිණෙන හිමිනමකගේ වීඩියෝවක් සහ හිටපු අමාත්‍යවරයකු බවට සැක කෙරෙන තවත් පුද්ගලයකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතිනවා. මෙම වීඩියෝ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර විවිධ අදහස් සහ අනුමාන පළ වෙමින් තිබෙනවා. එම වීඩියෝවේ දැක්වෙන හිමිනම, විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරතව සිටින කස්සප හිමියන් බවට ඇතැම් පුද්ගලයන් සැක පළ…

ජනපති රෝහල්ගත කළ කතාව ඇත්තක්ද? - ජනාධිපති කාර්‍යාලයෙන් දැනුම්දීමක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සාවද්‍ය බව ජනාධිපති කාර්‍යාලය දැනුම් දෙයි. එබැවින්, මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

යුද බිය නිසා බොර තෙල් බැරලයක් ඩොලර් 116 ඉක්මවයි...

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ යුද බිය හේතුවෙන් ජාත්‍යන්තර තෙල් වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල මාස පහක ඉහළම අගය සටහන් කරද්දී, ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකින් මැදපෙරදිග සැබෑ භෞතික තෙල් වෙළඳපොළේ (Physical Crude Market) මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන OilPrice.com වාර්‍තා කරයි. ජාත්‍යන්තර වෙළඳපොළ දත්තවලට අනුව,…

මෙරට විශාලම දල ඇති ‘මහසෙන්’ අතුරුදන්..

ශ්‍රී ලංකාවේ ජීවත්වන වනසතුන් අතුරින් විශාලතම දළ යුගල හිමි හස්තියා ලෙස සැලකෙන ‘මහසෙන්’ නමැති දළ ඇතා මේ වන විට අතුරුදන්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්‍ලිමේන්තුව අමතමින් අනාවරණය කලේය. මරදන්කඩවල ප්‍රදේශය සිය ප්‍රධාන නිජබිම කරගනිමින් සැරිසැරූ මහසෙන් ඇතා, කලින් කලට රිටිගල, කන්තලේ, කවුඩුල්ල, මින්නේරිය සහ සෝමාවතිය ඇතුළු රක්ෂිත වනාන්තර කලාප ඔස්සේ සංක්‍රමණය වෙමින් ජීවත් වූ බව විපක්ෂ නායකවරයා…

විහාරමහාදේවී විරෝධතා පුවරුවලට නගර සභාවෙන් බදු මුදල් ඉල්ලයි... උණුසුම් තත්වයක්..

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ ක්‍රියාත්මක වන අඛණ්ඩ සත්‍යග්‍රහ භූමිය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. සත්‍යග්‍රහයේ නිරත හිමිවරුන් විසින් එම පරිශ්‍රයේ සවිකර තිබූ ප්‍රදර්‍ශන පුවරු සහ බැනර් ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් කටයුතු කිරීම මෙම නොසන්සුන්තාවට මූලික හේතුව වී ඇත. විහාරමහාදේවි…

සිවුරෙන්ම ඇතුළට එළියට යන්න එන්න පුලුවන් අලුත් නීතිය ගැසට් කෙරේ!

ශ්‍රී ලංකාවේ සිරගත කෙරෙන බෞද්ධ භීක්ෂූන්ට නිශ්චිත කොන්දේසි යටතේ සිවුරු පැළඳීමට අවසර ලබාදෙමින් රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව, බන්ධනාගාර ආඥා පනතේ (54 වන අධිකාරිය) බන්ධනාගාර දෙපාර්‍තමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරමින්, 2026 ඔක්තෝබර් 20 දිනැතිව මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. නව නීති යටතේ, බෞද්ධ භීක්ෂූන් වහන්සේ නමක් සිරගත කරන…

රිපබ්ලිකන් අපේක්ෂකයා පැරදුණහොත් ඇලස්කාවේ ඡන්ද ප්‍රතිඵලය අත්හිටුවන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝගයෙන්...

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඇලස්කා ප්‍රාන්තයේ සෙනෙට් සභා ආසනය සඳහා තරග වදින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා සුළු ඡන්ද සංඛ්‍යාවකින් හෝ පරාජයට පත්වුවහොත්, එම මැතිවරණ ප්‍රතිඵලය නිල වශයෙන් සහතික කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය මත එරට අධිකරණ දෙපාර්‍තමේන්තුව විසින් ෆෙඩරල් අධිකරණය හමුවේ අතිශය අසාමාන්‍ය නඩුවක් ගොනු කර ඇතැයි The New York Times පුවත්පත වාර්‍තා…

මා සිරගත කර දින 50යි.. ජනතාව වෙනුවෙන් දින 500ක් වුනන් ඉන්නවා..- නාමල්

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි. **** මා සිරගත වී දින 50කි... සිර ගෙදර බිත්ති මා වටා ඇතත්, එම බිත්ති වලට මෙපිටින් ජනතා පවුරක් ඇති බව මම දනිමි. මා සිර ගත කර තැබීමට උත්සහ කිරීම යම් පිරිසකගේ පීඩනය හඳුනා ගැනීමට හැකි නිදසුනකි. මේ රටේ මව්වරුන්ගේ, පියවරුන්ගේ සහ ඔබ සැමගේ ආදරය සේම ශ්‍රී ලාංකිකයින්ගේ විජයග්‍රහණයට මූලික වූ…

කාවන්තිස්ස ඇතුගේ මරණය පසුපස යූටියුබ් වීඩියෝ ජාවාරමක්...- පරිසර ඇමති

මෙරට වනජීවීන්ට සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර සහ වනසතුන්ගේ දර්‍ශන උපයෝගී කරගනිමින් විදේශාධාර සහ ඩොලර් උපයන සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෑතකදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය පිටුපස ද එවැනි කුමන්ත්‍රණකාරී තත්ත්වයක් පැවතියේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව හරහා පුළුල් විමර්‍ශනයක් අරඹා ඇති බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කළේය. ජාතික…

කතානායකට ලොකු සැනසීමක්.. විශ්වාස භංගය දින නියමයක් නැතිව කල් යයි..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම නෛතික බාධාවක් හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්‍තා වේ. කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් නගා ඇති ඇතැම් චෝදනාවලට අදාළ නඩුවක් ලබන නොවැම්බර් මාසයේදී අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. ඉකුත් සතියේ පාර්‍ලිමේන්තුවේදී පැවති…

ගෑස් ගන්න දීර්‍ඝ පෝලිම්.. ගෑස් දෙන්න ටෝකන් ක්‍රමයක්...

හැටන් නගරයේ දින කිහිපයක සිට පවතින ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයකට පත් වී ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ හැටන් නගරයේ අලවෙි නියෝජිතයන්ට (24) දින නිකුත් කල සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණය අලෙවි නියෝජිතයා විසින් ටෝකන්පත් ලබා දි ගෑස් නිකුත් කරන ලදී. එම ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සදහා පාරිභෝගිකයන් උදෑසන සිට ගෑස් ලොරිය පැමිණෙන තෙක් පෝලිම්වල රැදී සිටියහ. - රංජිත් රාජපක්ෂ Severe…

ෆේස්බුක් ගිණුම් රැසක් පසුපස පොලිසිය පන්නයි..

ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් සහ ආගමික ප්‍රජාවන් අතර නොසන්සුන්තාවන් හා ගැටුම්කාරී වාතාවරණයක් නිර්‍මාණය කිරීමට උත්සාහ දරන විවිධ තරාතිරම්වල පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව සහ බුද්ධි අංශ එක්ව පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්‍ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය. මෙම අර්‍බුදකාරී තත්ත්වය…

නොවැම්බර් 1 සිට සියලු ගනුදෙනුවලට TIN සහතිකය අනිවාර්‍යයි... බැංකු ගිණුම් රැකගන්න සහතිකය බැංකුවට ගෙනියන්න

එළඹෙන නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ සිදුකෙරෙන සියලුම මූල්‍ය ගනුදෙනු සඳහා පුද්ගල බදු ගෙවන්නන්ගේ අංකය (TIN Number) ඉදිරිපත් කිරීම අනිවාර්‍ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව නිවේදනය කරයි. බැංකු ගිණුම් සඳහා TIN අංකය සහ සහතිකය අනිවාර්‍යයි මෙම නව තීරණයත් සමඟ නව බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා මෙන්ම, දැනට පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් ඉදිරියට පවත්වාගෙන යාම පිණිසද TIN අංකය…

හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නිදහසට කරුණු කියයි... ගල් අඟුරු වංචාව ගැන විමර්‍ශනවලින් පක්ෂ බේදයකින් තොරව හසුවෙන ලකුණු!

රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වූ ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනු හා අක්‍රමිකතා පිළිබඳ සිදුකෙරෙන විමර්‍ශනවල තීරණාත්මක පියවරක් තබමින්, හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (23) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. ගල්අඟුරු ගනුදෙනුවලට අදාළව නිකුත් කෙරුණු නොතීසියකට අනුව, නීතිඥවරයකු ද කැටුව පැමිණි හිටපු අමාත්‍යවරයා කොමිෂන් සභාව හමුවේ තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කළ…

මා සිරගත කර දින 50යි... ජනතාව වෙනුවෙන් දින 500ක් වුනන් ඉන්නවා - නාමල්

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි. **** මා සිරගත වී දින 50කි... සිර ගෙදර බිත්ති මා වටා ඇතත්, එම බිත්ති වලට මෙපිටින් ජනතා පවුරක් ඇති බව මම දනිමි. මා සිර ගත කර තැබීමට උත්සහ කිරීම යම් පිරිසකගේ පීඩනය හඳුනා ගැනීමට හැකි නිදසුනකි. මේ රටේ මව්වරුන්ගේ, පියවරුන්ගේ සහ ඔබ සැමගේ ආදරය සේම ශ්‍රී ලාංකිකයින්ගේ විජයග්‍රහණයට මූලික වූ…

රිපබ්ලිකන් අපේක්ෂකයා පැරදුණහොත් ඇලස්කාවේ ඡන්ද ප්‍රතිඵලය අත්හිටුවන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝගයක්!

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඇලස්කා ප්‍රාන්තයේ සෙනෙට් සභා ආසනය සඳහා තරග වදින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා සුළු ඡන්ද සංඛ්‍යාවකින් හෝ පරාජයට පත්වුවහොත්, එම මැතිවරණ ප්‍රතිඵලය නිල වශයෙන් සහතික කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය මත එරට අධිකරණ දෙපාර්‍තමේන්තුව විසින් ෆෙඩරල් අධිකරණය හමුවේ අතිශය අසාමාන්‍ය නඩුවක් ගොනු කර ඇතැයි The New York Times පුවත්පත වාර්‍තා…

අනුරාධපුරේ රාමා කෝවිළක් හදනවා… රුවන්වැලිය සෑය වටේ වැටකුත් ගහනවා… එසේ නොකරන්නේ නම් ගැසට්ටුව නිවැරදි කරනු…!

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්‍ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවමින් සිටින්නේ යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි. ඒ, ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි විසින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බවට සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි. “අමාත්‍යවරයා අර්‍ධ…

කාවන්තිස්ස ඇතුගේ මරණය පසුපස යූටියුබ් වීඩියෝ ජාවාරමක් - පරිසර ඇමති

මෙරට වනජීවීන්ට සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර සහ වනසතුන්ගේ දර්‍ශන උපයෝගී කරගනිමින් විදේශාධාර සහ ඩොලර් උපයන සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෑතකදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය පිටුපස ද එවැනි කුමන්ත්‍රණකාරී තත්ත්වයක් පැවතියේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව හරහා පුළුල් විමර්‍ශනයක් අරඹා ඇති බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කළේය. ජාතික…

සත්‍යග්‍රහයේ නිරත කිසිවෙකුත් ඉවත් කරන්න කාටවත් බලයක් නැහැ – මෛත්‍රී ගුණරත්න උදේම විහාර මහා දේවී උද්‍යානයට ඇවිත් කියයි

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයේ 9 වන දිනය අදයි. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් එම විරෝධතාවයේ නිතරව සිටිනවා. පසුගිය 16 වැනිදා විහාරමහා දේවි උද්‍යානයට වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස ... සත්‍යග්‍රහයේ නිරත කිසිවෙකුත් ඉවත් කරන්න…

නාමල් දින 50ක් බන්ධනාගාරයේ – ලිපියකුත් නිකුත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර අදට දින 50ක් වනවා. ඔහු රදවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි. බන්ධනාගාරයේ දින 50ක් ගතව සිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ලිපියක් නිකුත් කර තිබෙනවා. එම ලිපිය පහතින්, .

තලල්ලෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු රැසක්

මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේ දී සොයාගත් උර සහ ගමන් මලුවල ඇත්තේ හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීයකට (200) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීය හැත්තෑ පහකට (275) අධික තොගයක් එහි තිබූ බවයි නාවික හමුදා පැවසුවේ. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්‍තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරකට ... තලල්ලෙන් සොයාගත්…

තවත් වන අලියෙක් ලෙඩ වී ඇද වැටේ...

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය කණ්ඩායම්, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇත. වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන මෙම පිරිමි වන අලියා සාමාන්‍යයෙන් මනා ශරීර සෞඛ්‍යයකින් යුත්, පුෂ්ටිමත් සතෙකු බව නිරීක්ෂණය වී ඇත. සත්වයාගේ බාහිර ශරීරයේ කිසිදු තුවාලයක් දක්නට නොලැබුණද,…

අයවැය අපි කී ලෙස හදලාදැයි තදින් බලනවා.. ඊළග වාරිකය දීම නොදීම ඒ අනුවයි..- IMF

ලබන මස 12 වැනිදා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය දෙවැනිවර කියවීමෙන් අනතුරුව, ලබන වසර සඳහා වන අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්‍ණ ණය වැඩසටහනේ එකඟතා හා කැපවීම්වලට අනුකූල දැයි විධිමත් සමාලෝචනයකට ලක්කරන බව මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්‍ජියෝ මහතා ප්‍රකාශ කළේය. ලබන වසර සඳහා වන විසර්‍ජන පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා නියමිත…

ජනාධිපතිට, පැලවත්ත කාර්‍යාලයට තර්‍ජනයක් කියා කස්සප හිමිට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්..

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල පැවති භික්ෂු විරෝධතාවක් අතරතුර පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයෙකු පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයට සම්බන්ධ බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පූර්‍ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල මගින් ජනතා විමුක්ති…

ගල් අගුරු කොමිසමට ගොස් කුමාර ජයකොඩි නිදහසට කරුණු කියයි...

මෙරට සිදුවූ බව කියන ගල්අඟුරු ගනුදෙනු හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලංකා ගල්අඟුරු සමාගමේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (23) පෙනී සිටියහ. ගල්අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබුණු නොතීසියකට අනුව හිටපු බලශක්ති අමාත්‍යවරයා සිය නීතිඥවරයා ද සමඟ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් අදාළ කරුණු…

පත්තර දැන්වීම් දමා ෆවුසි රටෙන්ම සමාව ඉල්ලයි..

ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් විදේශ රජයකින් මෙරටට පරිත්‍යාග කර තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා අවභාවිත කිරීම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික පුවත්පත් මගින් ශ්‍රී ලංකාවාසී සමස්ත මහජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබේ. අදාළ වාහනයේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම විශේෂ සමාව අයැදීමේ දැන්වීම මගින් හිටපු අමාත්‍යවරයා…

චම්පිකගේ නඩුවට රජය ලක්‍ෂ ගාණක් වියදම් කර සාක්‍ෂි කරුවෙන් ජර්‍මනියෙන් ගෙනේ...

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව සාක්ෂිකරුවෙකු සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන නීති විරෝධී ක්‍රියාමාර්‍ග, රාජ්‍ය මුදල් අයථා ලෙස වියදම් කිරීම සහ සාක්ෂිකරුවන්ට අයුතු මැදිහත්වීම් සිදුකිරීම පිළිබඳව පූර්‍ණ විමර්‍ශනයක් පවත්වන ලෙස ඉල්ලා එක්සත් ජනරජ පෙරමුණ විසින් අදාළ බලධාරීන් වෙත විශේෂ පැමිණිලි දෙකක් භාරදී තිබේ. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා…

තලල්ල වෙරළේ මෙහෙයුමක් – මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් සොයා ගැනේ

තලල්ල වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් අද උදෑසන සොයාගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්‍තමේන්තුව එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි. කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. එම උර තොගය රැගෙන ආ සැකකරුවන් සොයා විමර්‍ශන ක්‍රියාත්මකයි. .

කොටහේනේදී මෝටර් රථයකින් අම්බර් තොගයක් මතුවෙයි

තල්මසුන්ගෙන් ලබා ගන්නා ලද අම්බර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොටහේන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි. එහි තිබී අම්බර් කිලෝ 07 යි ග්‍රෑම් 990 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් ...…

ඉරාන ජනපති ලබන සතියේ රුසියාවට

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් ලබන සතියේදී රුසියාවේ මොස්කව් නුවර නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාල් තහවුරු කර ඇත්තේ, ඔක්තෝබර් 27 වන අඟහරුවාදා මොස්කව්හිදී පැවැත්වෙන ගෑස් අපනයනය කරන රටවල සංසදයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපතිවරයා එලෙස රුසියාවට පැමිණෙන බවයි. මෙම සංචාරය අතරතුරදී ඉරාන ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් ... ඉරාන ජනපති…

ගිනි අවි සහ උණ්ඩ සන්තකව සිටි සැකකරුවෙකු මාවනැල්ලේදි අත්අඩංගුවට

මාවනැල්ල, කිරිගල හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි දෙකක් සහ උණ්ඩ රැසක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එහිදි සැකකරු සන්තකයේ තිබි පිස්තෝල අවි 02 ක්, මැගසින් 05 ක්, ඊයම් බෝල 156 ක් හා බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 20 ක් සොයාගෙන තිබෙනවා. ... ගිනි අවි සහ උණ්ඩ සන්තකව සිටි සැකකරුවෙකු මාවනැල්ලේදි අත්අඩංගුවට…

ඩඩ්ලිගේ හෝටලය කිලෝ 500ක නත්තල් කේක් ගෙඩියක් හදයි..

නුවරඑළිය අරලිය හෝටල් සමුහයට අයත් නුවරඑළිය නගරයේ පිහිටි හෝටල් 3නම එක්ව එළඹෙන නත්තල් උත්සවයට නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට පිලිගැන්වීම සදහා කිලෝ ග්‍රැම් 500ක නත්තල් කේක් මිශ්‍රණය නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රයේදි (23) දින සිදු කරනු ලැබූහ. නුවරඑළිය අරලිය ග්‍රීන් හීල්ස්, නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි සහ නුවරඑළිය අරලිය රෙඩ් යන සංචාරක හෝටල් 3 පාලන අධිකාරිය, කාර්‍ය මණ්ඩලය සහ සූපවේදින් එක්ව මෙම උත්සවය…

ඥාණසාර හිමිට යලි සිවුර ඇන්දවීම බෞද්ද චාරිත්‍රානුකූලව කල යුතු බව කියයි

බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබූ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය යළි උන්වහන්සේ වෙත පැළඳවීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා පැවසීය. ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට…

“තාත්තාගේ වචන” බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්‍රකාශයක්!

ඕනෑම දුෂ්කර සමයකට ධෛර්‍යයෙන් මුහුණ දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවූ ලිපියේ සඳහන් වචන වලට අද වනවිට වඩාත් ගැඹුරු අර්‍ථයක් එක්වී ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ, “ඕනෑම දුෂ්කර සමයකට ධෛර්‍යයෙන් මුහුණ දීමටත්,…

පිහි දෙකක් ගත් තරුණයා ජවිපෙ යැයි කියූ කස්සප හිමිට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණෙන් පොලිසියට පැමිණිල්ලක්!

පසුගියදා විහාරමහදේවි උද්‍යානය අසල උපවාසයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේලා කිහිප නමක් විසින් පිහි දෙකක් සමග අල්ලා ගත් පුද්ගලයා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්‍යාලයට සම්බන්ධ බවට බලංගොඩ කස්සප හිමි විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ජවිපෙ විසින් ඊයේ (23) දින කරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබෙනවා. CIB II 289/237 යන අංකය යටතේ කුරුඳුවත්ත පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ කස්සප හිමි විසින්…

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය අද පීඩන අවපාතයක් දක්වා වර්‍ධනය වෙයි

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්‍ධනයවීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්‍ෂා කළ හැකි බවයි කාර්‍යයේ ... බෙංගාල බොක්කේ අඩු පීඩන…

ආණ්ඩුව ගෙවල්වල ඉන්න සුනඛයින් ගැනත් තීරණයක් ගනී

රට තුළ සුනඛයින් ලක්ෂ 32ක් පමණ සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙරට සෑම පුද්ගලයින් 07 දෙනෙකුට එක් සුනඛයෙකු බැගින් සිටින බවයි. “ජලබීතිකාව රෝගයේදී මේකෙදි වැඩිම මේ රෝගය ව්‍යාප්ත කරන සත්තු තමයි ඇත්තටම සුනඛයෝ. 95%ක විතරම මේ ලෙඩේ බෝවෙන්නේ සුනඛයන්ගෙන්. ඉතින් ඒ පරිසරය ඇතුලේ තමයි අපි මේක විග්‍රහ කරගන්න ඕනකම ... ආණ්ඩුව ගෙවල්වල ඉන්න සුනඛයින් ගැනත් තීරණයක් ගනී .

විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍රවල වලංගුතාව ගැන පැහැදිලි කිරීමක්

ශ්‍රී ලාංකික පුරවැසියෙකුට දැනටමත් ලංකාවේ නිකුත් කළ රියදුරු බලපත්‍රයක් පවතින්නේ නම්, විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම බලපත්‍රය භාවිත කරමින් කිසිදු බාධාවකින් තොරව නීත්‍යානුකූලව වාහන ධාවනය කිරීමට හැකියාව පවතින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඒ, විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙරට තුළ රියදුරු බලපත්‍ර ලබාගැනීමේ සහ භාවිත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු…

ශ්‍රී ලංකාවෙන් මාල දිවයිනට ඖෂධ පරිත්‍යාගයක්...

ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. මාලදිවයිනේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍ය ගීලා අලි (Hon. Geela Ali) මහත්මිය කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ ප්‍රදානය සිදුවූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ඖෂධ තොගය මෙරට මාලදිවයින් මහ කොමසාරිස්…

අලුත් පනත අනුව පච්ච, ඇඳුම්, අභිනයන් නිසා අපරාධකරුවන් විය හැකියි..- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

රජය විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (Prevention of Organised Crime Bill) මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්ට ද මුළුමනින්ම පටහැනි බවත්, එය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා අතිශය මර්‍දනකාරී වීමේ දැඩි අවදානමක් පවතින බැවින් එම පනත් කෙටුම්පත වහාම හකුලා ගන්නා…

ඥාණසාර හිමිට යලි සිවුර ඇන්දවීම බෞද්ද චාරිත්‍රානුකූලව කල යුතු බව කියයි..

බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබූ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය යළි උන්වහන්සේ වෙත පැළඳවීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා පැවසීය. ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට…

හුලංගමුව මගේ උපදේශකයෙකු ලෙස වැඩ කර නෑ..- රනිල්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ දුමින්ද හුලංගමුව මහතා ඔහුගේ ප්‍රධාන ආර්‍ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර නොමැති බව හිටපු ජනාධිපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්‍ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ දුමින්ද හුලංගමුව මහතා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද ආර්‍ථික උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ…

ලංකාවෙ බල්ලො ලක්‍ෂ 32ක් ඉන්නවා..- නි. ඇමති නාමල් ... බල්ලො ලක්‍ෂ දෙකයි ඉන්නේ - ඇමති ක්‍රිෂාන්ත අබේසේන..

මෙරට සමස්ත සුනඛ ගහනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් පාර්‍ලිමේන්තුවේදී එකිනෙකට වෙනස් වූ පරස්පර සංඛ්‍යාලේඛන කර තිබේ. පාර්‍ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, මෙරට වත්මන් සුනඛ ගහනය ලක්ෂ 32කට (මිලියන 3.2කට) ආසන්න බවත්, එම ප්‍රමාණය සැබවින්ම ඉතා අධික අගයක් බවත්‍ය. සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් දැනටමත් පවතින බවත් ඊට යම්…

‘යක්ෂ රාජ වජ්‍රපාණී’ පාර්‍ලිමේන්තුවේ කියයි.. වස් කවියක් හැන්සාඩ්ගත වන්නේ මුල් වරටයි..

පාර්‍ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පාර්‍ලිමේන්තු සභා ගර්‍භයේදී ගායනා කරන ලද ආන්දෝලනාත්මක වස් කවියක් මෙරට ව්‍යවස්ථාදායක ඉතිහාසයේ ප්‍රථම වතාවට හැන්සාඩ් වාර්‍තාවට ඇතුළත් වෙයි. මන්ත්‍රීවරයා පාර්‍ලිමේන්තුව අමතමින් කියා සිටියේ වත්මන් පාලකයන් මෙරට පාරම්පරික අභිචාර විධි හා සංස්කෘතික අංගයන් වන වස් කවි ආදිය කෙරෙහි අනවශ්‍ය භීතියකින් පසුවන බවයි. මෑතකදී රට තුළ සිදුවූ සිදුවීම් මාලාව සිහිපත්…

කොටින්ට යුද්ධ කරලත් වනසන්න බැරි වුණු බුද්ධාගම මාලිමාණ්ඩුව ඩයස්පෝරාවේ ඩොලර් මල්ලට විනාශ කළා…! – අර්‍චුනා රාමනාදන්…

භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගලවා දැමූ ආණ්ඩුව, කෛලාසනාරා නම් ඉන්දියානු හින්දු පූසාරියෙකු රාජ්‍ය අනුග්‍රහය යටතේ ලංකාවට ගෙන්වා ගෙන මහ ඉහළින් හින්දු නව රාත්‍රී පූජාව සැමරූ බව යාපනය දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී අර්‍චුනා රාමනාදන් පවසයි. වසර 40ක් තිස්සේ යුද්ධ කළ කොටි සංවිධානයට බුද්ධාගම විනාශ කළ නොහැකි වුවද පිළිම වන්දනාව ගෝත්‍රික යැයි කියන ඇමතිලාට ඩොලර් ටිකක් ලබාදුන් ඩයස්පෝරාවට බුදු දහම රටටම නැත්තටම…

ආසියානු පැරා තරග බිමේ T44 මීටර් 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේට

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T44 මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ අද සමත් වුණා. ඔහු මෙම පදක්කම දිනා ගත්තේ තරගය තත්පර 11යි දශම 5යි 8ක කාලයකින් නිමා කරමින්. මෙය ඉන්දික ගමගේ මෙම තරග සමයේ මෙම ඉසව්වෙන් දැක්වූ ඉහළම දක්ෂතාව ද වනවා. ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11යි ... ආසියානු පැරා තරග බිමේ T44 මීටර් 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේට…

මෙරට වනාන්තරවල දළ ඇතුන් 99ක් වසර තුනකින් අතුරුදන්.. ප්‍රකට දළ ඇතුන් 13ක ජීවිත දැඩි අවදානමක..

ශ්‍රී ලංකාවේ වනාන්තරවල සැරිසැරූ දළ ඇතුන් අතුරින් සතුන් 99 දෙනෙකු පිළිබඳව පසුගිය වසර තුනක කාලය තුළ කිසිදු තොරතුරක් වාර්‍තා වී නොමැති බවත්, මෙලෙස අතුරුදන් වූවන් අතර මෙරට ප්‍රකට දළ ඇතුන් කිහිපදෙනෙකුම සිටින බවත් වනජීවී ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී Wild Tuskers Sri Lanka සංවිධානය අනාවරණය කරයි. එමෙන්ම දැනට ජීවතුන් අතර සිටින බවට හඳුනාගෙන ඇති දළ ඇතුන් අතුරින් 13 දෙනෙකුගේ ජීවිත දැඩි අනතුරකට මුහුණ පා ඇති බව එම…

පලිගන්න හිතන්න එපා.. හිරේ යන්න හිත හදාගන්න..- වැලිකඩ ඉන්න නාමල්ට මහින්ද ලියූ ලිපිය මෙන්න.

දේශපාලනයේ නිරත වන්නේ නම් සිරගත වීමට මෙන්ම විවිධ දුක් ගැහැට විඳදරා ගැනීමට සූදානමින් සිටිය යුතු බව සිහිපත් කරමින්, කුමන පාර්‍ශ්වයකින් කුමන කතා කීවද අධිකරණය කෙරෙහි පමණක් පූර්‍ණ විශ්වාසය තබන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව පසුවන සිය පුත්, පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් උපදෙස් දී තිබේ. කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින…

රාජ්‍ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා... ඒවායින් කිසි වැඩක් නෑ..- ජනපති

කිසිදු ඵලදායී කාර්‍යයක් ඉටුනොවන අකර්‍මණ්‍ය රාජ්‍ය ආයතන 34ක් සහමුලින්ම වසා දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවත්, රාජ්‍ය සේවයේ බිඳවැටී ඇති ආකර්‍ෂණය යළි ගොඩනැගීම වෙනුවෙන් වසර තුනක් ඇතුළත රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 330ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පැවති රජයේ…

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් වරදකරු කරයි..

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට වරදකරු බවට පත්වූ හිටපු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වර්‍තමානයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්‍න් නුවර ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සුරංජිත් සිල්වා නැමැත්තාට එරෙහිව එරට බ්‍රෝඩ්මෙඩෝස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු බවට තීන්දුවක් ලබා දී තිබේ. 51 හැවිරිදි වියේ පසුවන සුරංජිත් සිල්වා නමැත්තා, ඇයගේ කැමැත්තකින් තොරව ඉණ ප්‍රදේශයෙන් අල්ලා ගෙල…

ගුරුවරියක් හා පුතා කාමරයක සිරකර වද දීලා.. මාලිමා සභාපති අත්අඩංගුවට...

ඉදිකිරීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් විශ්‍රාමික ගුරුවරියක සහ ඇයගේ ඉංජිනේරු පුත්‍රයා කාමරයක රඳවාගෙන කායික හා මානසික වධහිංසා පැමිණවීමේ සිදුවීමකට අදාළව, ජාතික ජන බලවේගය යටතේ පාලනය වන කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තිහගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පිරිස මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන්…

සුනඛ ලියාපදිංචි පනත කියන්නේ බදු බද්ද නෙමෙයි.. ජලභීතිකාව තුරන් කරන්නයි..

ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත, 1848 බ්‍රිතාන්‍ය යුගයේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා පැනවූ ‘බලු බද්ද’ වැනි ආදායම් උපයන බද්දක් නොවන බවත්, ඇතැම් පාර්‍ශ්ව ඒ පිළිබඳව සමාජය තුළ අනවශ්‍ය බියක් හා වැරදි මතයක් නිර්‍මාණය කිරීමට උත්සාහ කරන බවත් පාර්‍ලිමේන්තුවේදී ප්‍රකාශ විය. ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීම සහ සුනඛ ගහනය…

දොස්තරලා මෙන් දෙගුණයක් සාර්‍ථක AI දොස්තර එයි.. වර්‍ජන නෑ.. ඉල්ලීම් නෑ.. MAI-DxO දොස්තර වැඩ අරඹයි..

සංකීර්‍ණ සෞඛ්‍ය ගැටලු සහ රෝග නිවැරදිව හඳුනාගැනීමේදී සාමාන්‍ය වෛද්‍යවරුන් අභිබවා දෙගුණයකටත් වඩා වැඩි නිරවද්‍යතාවක් ප්‍රදර්‍ශනය කිරීමට තම නවතම කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතිය සමත්ව ඇති බව Microsoft සමාගම අනාවරණය කළයි. සුප්‍රකට Science සඟරාවේ පළවූ නවතම පර්‍යේෂණ වාර්‍තාවක් පෙන්වා දෙන්නේ, මෙය අනාගතයේ බිහිවන වෛද්‍ය සුපිරි බුද්ධියක් කරා තැබූ තීරණාත්මක පියවරක් බව මයික්‍රොසොෆ්ට් AI අංශයේ ප්‍රධාන විධායක…

විහාර මහාදේවි උද්‍යානයේ පවත්වන විරෝධතාවට ආඥාවක් නිකුත් කරයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ස්වාමින්වහන්සේලා හා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි විහාර මහාදේවි උද්‍යානය තුල රැඳී සිටිමින් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් පසුව…

ශිරන්ති රාජපක්ෂගේ හෘද සැත්කම සාර්‍ථකයි – ඉදිරියේදි තවත් විවෘත හදවත් සැත්කමක්!

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකරන ලද මූලික හෘද සැත්කම සාර්‍ථකව අවසන් වූ බව ඇයගේ පවුලේ ආරංචි පවසයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර ඇතිවූ හදිසි සෞඛ්‍ය සංකූලතාවක් හේතුවෙන් වෛද්‍යවරුන් විසින් මෙම හදිසි සැත්කම සිදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්‍තා වේ. කෙසේ වෙතත්, ඇයගේ හෘදයේ පවතින අවහිරතා…

සත්‍යග්‍රහයේ නිරත පිරිස අධිකරණ පරිශ්‍රයට

විහාර මහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබෙනවා. ඒ, එම උද්‍යානයේ ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්‍රය ඇතුළු ස්ථාන කිහිපයක සහ මාර්‍ග කිහිපයක අඛණ්ඩව රැඳීසිටීමෙන් වළකින්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් කරුණු…

සබරගමුව විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, ජේ්‍යෂ්ඨ මහාචාර්‍ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උන්වහන්සේගේ මෙම පත්වීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමානායක මහතා විසින් පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වෙත ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද ...…

අස්වැසුම ආධාර මුදල් සොරාගත් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවර්‍ධන නිලධාරිණියක් රිමාන්ඩ්

අස්වැසුම ආධාර මුදල් සොරාගත් බව කියන මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවර්‍ධන නිලධාරිණියක් ලබන 4 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් නියෝගයක් මතයි. සැකකාර නිලධාරිණිය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අස් වැසුම විෂය භාරව කටයුතු කර ඇති බවයි කැබතිගොල්ලෑව පොලීසිය පැවසුවේ. ඒ අනුව ඇය වංචා කළ බව කියන මුදල රුපියල් 23 ... අස්වැසුම ආධාර මුදල්…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක්

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ නව අඩු පීඩන කාලයක් නිර්‍මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. එය හෙට දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්‍ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. එමෙන්ම ලබන 25 වනදා වනවිට එය ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ලබන 26 වනදා උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ... බෙංගාල බොක්ක ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක් .

රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්‍රිය ධාවනය හෙට සහ අනිද්දා නතර කෙරේ

රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්‍රිය ධාවනය හෙට (24) සහ අනිද්දා (25) අත්හිටුවන බව දුම්‍රිය දෙපාර්‍තමේන්තුව පවසනවා. කඩිගමුව ආසන්නයේ දුම්‍රිය මාර්‍ගයට පස් සේදී ඒම නිසා, අවශ්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් එලෙස දුම්‍රිය ධාවනය අත්හිටුවන බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. ඒ සම්බන්ධයෙන් දුම්‍රිය දෙපාර්‍තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් .

ඔක්තෝබර් 17 දිවයින පුරා විදුලිය බිඳවැටීමෙන් ආර්‍ථිකයට රුපියල් බිලියන 19ක පාඩුවක් - SenFin

ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සිදු වූ සමස්ත ආර්‍ථික අලාභය රුපියල් බිලියන 19ක් පමණ වන බවත්, විදුලිබල ක්ෂේත්‍රයට පමණක් සිදුවූ සෘජු මූල්‍ය පාඩුව රුපියල් බිලියන 2.3 සිට රුපියල් බිලියන 5.8 දක්වා ඉහළ අගයක් ගන්නා බවත් ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර ආයතනයක් වන SenFin Securities නිකුත් කළ නවතම වාර්‍තාවක් වාර්‍තා කරයි. ‘Senfin – Sri Lanka…

සෑම වාහනයක්ම මාස තුනකට වරක් (අවුරුද්දට සිවු වරක්) යෝග්‍යතා සහතික ගැනීම අනිවාර්‍ය කරමින් අලුත් නීති..

මෙරට මාර්‍ග ආරක්ෂාව විධිමත් කිරීමේ සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින්, සෑම කිලෝමීටර් 5,000කට වරක් හෝ ආසන්න වශයෙන් මාස තුනක කාලසීමාවකට වරක් වාහන සඳහා ‘ධාවන යෝග්‍යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්‍ය කෙරෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්‍ෂල් තුෂාර…

ප්‍රායෝගිකම විසඳුම වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි..- සිපෙට්කෝ සභාපති

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් සහ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට සිල්ලර ඉන්ධන බෙදාහැරීමේ නිරත ප්‍රමුඛ විදේශීය සමාගම් තුන සිය මෙහෙයුම් කටයුතු සීමා කර ඇති බවත්, ඒ හේතුවෙන් නිර්‍මාණය වී ඇති ඉන්ධන හිඟය පියවීමේ දැඩි අභියෝගයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මුහුණ දී සිටින බවත් (Daily Mirror) පුවත්පත වාර්‍තා කටියි. ලංකා අයිඕසී (LIOC), චීනයේ සිනොපෙක් (Sinopec) සහ ඇමරිකානු ආර්.එම්. පාර්‍ක්ස්…

නීතියේ මුරදේවතාවුන්ගේ සැබෑ කෙරුවාව එළියට : බේරුවල ඉන්ධනහල් මගඩියට ධීවර වරාය සංස්ථාවේ ප්‍රධාන නීති ලොක්කි නයනා කුමාරිගේ වැඩ තහනම්!

රාජ්‍ය ආයතනවල නීතිය හා සාධාරණත්වය සුරකින්නට පෙනී සිටිමින්, විවිධ නඩු විභාග සහ පරීක්ෂණ හමුවේ ‘අතිශය පිරිසිදු, සදාචාර සම්පන්න’ චරිත සේ පෙනී සිටි ඇතැම් නිලධාරීන්ගේ සැබෑ තරම හෙළිදරව් කරමින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවෙන් දැවැන්ත දූෂණ වංචාවක් කරළියට පැමිණ තිබේ. සංස්ථාවේ නීති අංශයේ නීති නිලධාරී (I) ධුරය හොබවන එස්.ඒ.එන්.කේ. කරුණාරත්න හෙවත් නයනා කුමාරි කරුණාරත්න නමැති නිලධාරිනියගේ වැඩ වහාම ක්‍රියාත්මක…

වස් කවිය ගැන කාගෙන්වත් ප්‍රකාශ ගත්තේ නෑ - පොලිසිය

දෙමටගොඩ පොලිස් ස්ථානය මඟින් ‘වස් කවියක්’ සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය සම්පූර්‍ණයෙන්ම සත්‍යයෙන් තොර අසත්‍ය ප්‍රකාශයක් බව දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති,…

"මාධ්‍ය සංදර්‍ශන චීවරයට නොගැළපෙයි" - සමන්තභද්‍ර හිමියන්ට මල්වතු මහා නාහිමිගෙන් දැඩි අවවාද... මහා නාහිමි පාමුල වැඳ වැටී නැවතත් සමාව ගනී!

22 දින එනම් ඊයේ මහනුවර මල්වතු මහ විහාරයට කැඳවූ මල්වතු පාර්‍ශ්වයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්‍ථ සුමංගල මහ නාහිමියන් විසින් සමන්ත භද්‍ර හිමියන් දැඩි ලෙස අවවාද කර, විහාර පරිශ්‍රයෙන් පිටත් කර හැරීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මෙම කැඳවීම හුදෙක් සාමාන්‍ය අවවාද කිරීමක් පමනක්ද, නැතහොත් මල්වතු පාර්‍ශ්වයේ දැඩි තීරණයකට පෙර පැමිණි අවසාන අනතුරු ඇඟවීමද යන්න පිළිබඳව මේ වන විට දැඩි මතභේදයක් නිර්‍මාණය වී…

පොස්පේට් සමාගම් 3කින් ලක්ෂ 83ක අල්ලස් ගත් චෝදනාවට චාමර සම්පත් නොවැම්බර් 06 දක්වා රිමාන්ඩ්!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන මස 06 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළා. සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම…

ඥානසාර හිමි ගැන ජනපති ගත් තීරණය

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති සමාව හිමි වෙයිද? හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද? ඒ ඇතුළු මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කනින් කොනින් විශේෂාංගය පහතින් ”පහුගිය දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙච්ච මාතෘකාවක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇයි, ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්‍යාවටයි මොකද සිද්ධ වුණේ ... ඥානසාර හිමි…

ජලාශ 25ක් තවමත් වාන් දමයි

වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 25ක පමණ තවමත් වාන් දමන බව එම දෙපාර්‍තමේන්තුව පවසනවා. එමෙන්ම ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ට්ම් ඉහළ ගියද ඉන් අවදානමක් නොමැති බවයි වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ. ”ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් දකින්නට තියෙනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟ, ... ජලාශ 25ක් තවමත් වාන් දමයි .

චාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව චාමර සම්පත් දසනායක ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමටයි අධිකරණය නියෝග කළේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් ... චාමර…

ට්‍රම්ප්ගේ බලය ගිලිහෙන්න යයි.. මැතිවරණයෙන් අවාසියිලු...

යුක්‍රේන යුද්ධය නිමා කිරීමේ සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පොළඹවා ගැනීමේ අරමුණින් රුසියාවට පනවා තිබූ ආර්‍ථික සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්‍ගය හමුවේ අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ දෙපාර්‍ශ්වික දැඩි විරෝධයක් මතුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්‍තා කරයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පවා මෙම…

රිමාන්ඩ් සිටින නාමල්ට රෝහලේ සිට පියාගෙන් තීරණාත්මක විශේෂ ලිපියක්! මාධ්‍යට හෙළි නොවූ ලිපිය මෙන්න

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සිය පුත්, පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව වාර්‍තා වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඔහුගේ ලේකම්වරයෙකු විසින් කෙටුම්පත් කරන ලද මෙම ලිපියේ අඩංගු සියලු තොරතුරු මෙතෙක් මාධ්‍ය වෙත හෙළිදරව් වී නොමැති අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා සිය පුත්‍රයාට අවධාරණය කර…

ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 16 ක් ජීවිතක්‍ෂයට – තවත් 32කට තුවාල

ටිබෙටයේ කඳුකර කලාපයක සිදුවූ රික්ටර් මාපකාංක 7 ක ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ටිබෙටයේ ලාසා අගනුවර සිට කිලෝමීටර් 400 ක් පමණ ඊසාන දෙසින් පිහිටි ‘බචෙන්‘ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා. එම භූ කම්පනයත් සමඟ ... ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 16 ක්…