FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රවෘත්ති

Latest news from FM Heart newsroom

Google AdSense

News Header Banner

රජයේ වී තොග කොටන්න පුද්ගලික මෝල්වලට දෙයි...

2026-07-22 දින පවත්වනු ලැබ ඇති 34 වන ආහාර ප‍්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග…

"ජෙල් එක ඇතුළේ ඉඳන් WhatsApp කෝල් දීලා කුඩු ගෙන්නපු හැටි!" – මැගසින් බන්ධනාගාරයේ නිලධාරියා වනාතපාරේදී මාට්ටු වුණු හැටි මෙන්න!

බන්ධනාගාරය ඇතුළේ ඉන්න සිරකරුවන් ලවා එළියේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන තවත් අතිශය භයානක සහ ලැජ්ජාසහගත ජාවාරමක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගගනගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයන ප්‍රධාන ගෝලයා STF අත්අඩංගුවට

හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 59 ක් සහ ‘එක්ස්ට්‍රසී’ (Ecstasy) වර්ගයේ මත්පෙති 800 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූ ... ගගනගේ මත්ද්‍රව්‍ය…

ඉරාන වරායක් වෙත ගමන් කරමින් තිබූ නැවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

ඕමාන් බොක්ක ඔස්සේ ඉරාන වරායක් වෙත ගමන් කරමින්, ඇමරිකාව විසින් පනවා ඇති නාවික සම්බාධක බිඳහෙළීමට තැත් කළ විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම විධාන බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පැනමා රාජ්‍යයේ ධජය යටතේ සේවයේ යෙදී තිබූ ‘වේලා නෝවා‘ නමැති මෙම නෞකාව වෙත ඇමරිකානු නාවික හමුදා හෙලිකොප්ටර් යානයක් ... ඉරාන වරායක් වෙත ගමන් කරමින් තිබූ…

ට‍්‍රම්ප් ඉරානයෙන් වන්දි ඉල්ලයි..

ඉරානය සහ එරට මිත්‍ර පාර්ශවයන් විසින් සිදුකරන ලද විවිධ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ ඇමරිකානුවන් වෙනුවෙන් ඉරානය විසින් වන්දි ගෙවිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයෙන් සිදුවූ හානි වෙනුවෙන් වොෂින්ටනය වන්දි ගෙවිය යුතු බවට ටෙහෙරානය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත. හෝමුස්…

ලෝක අලි ඇතුන්ගේ දිනය අද

ලෝක අලි ඇතුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. පරිසරණ පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන, අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව හා පැවැත්ම වෙනුවෙන් මුළු මහත් ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා. ආසියානු අලියා යනු හුදෙක් ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා පමණක් නොව සමස්ත පරිසර පද්ධතියේම පැවැත්ම තීරණය කරන අද්විතීය සත්ව විශේෂයක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව ... ලෝක අලි ඇතුන්ගේ දිනය අද…

වී අරන් ඉවරයි කියා ලොකු මෝල් හිමියන් කියනවා.. වී මිලදී ගැනීම ගැටළුවක්...- නි. ඇමති

වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වී තොග මේ වන විටත් මිලදී ගෙන ඇති බවට මහා පරිමාණ මෝල් හිමියන් පවසන බවයි. මේ හේතුවෙන්…

හිටපු රේගු ලොක්කාට ජනපති ලගම ලොකු තනතුරක්...

ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පත් කර තිබේ. මෙම පත්කිරීම 10 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත. රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතන ත්‍රිත්වය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නව්‍යකරණ වැඩපිළිවෙළ මෙහෙයවීම මෙම…

හෙක්ටයාර් 247ක් ආයෝජකයන්ට..

විදේශ රැකියා වල නිරත වී මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලැබ ඇති හෝ කරනු ලබන තරුණ ව්‍යවසායකයින් හට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකි වන පරිදි, ඌන උපයෝජිත ඉඩම් වලින් ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන්…

උතුර-නැගෙනහිර ඒකාබද්ද කර සංවර්ධන වැඩසටහනක්...

ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන 2026 - 2031 කාලසීමාව තුළ මේ රටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇත. 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ණය පහසුකම ලබා…

ලංකාව අර්බුදයෙන් ගොඩගත්තේ රනිල්.. ඔහු නොහිටියා නම් යන්නවත් බැරිවෙනවා..- ඇමරිකාවේ හිටපු තානාපති මාධ්‍ය හමුවේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත් නොවන්නට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොලැබෙනු ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. හිරු නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථක කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම තීරණාත්මක වූ බවත්, ඔහු…

මෙට්‍රො බස් සමාගමට තවත් බිලියනයක් දෙයි..

මෙරට පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනතේ විධි විධාන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිතසමාගමක් ලෙස ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025-10-03 දින සංස්ථාගත කරනු ලැබ ඇත. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දෙන ලද අරමුදල් මඟින් මිල දී ගනු ලැබූ පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් එම සමාගම විසින් ආරම්භ කරනු ලැබ ඇති කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම්…

විනිසුරු වයස ගැන මහ නාහිමිවරුන්ගේ ලිපිය ලැබුනා.. අපි ගොස් තේරුම් කලාට පසු උන් වහන්සේලා ආශිර්වාද කලා..

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය ලැබී ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේය. අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට…

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, “රත්මලානේ සයිමා” රැඳවුම් භාරයට

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” නැමැත්තා පැය 48ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බවයි. වැඩිදුර විමර්ශන සඳහා ඊයේ රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත…

තවත් වසර තුනකින් වී අස්වැන්න වැඩි කලාම ගොවියාගේ ලාභය වැඩිවෙනවා..

ඉදිරි වසර තුනක කාලය තුළ වී අස්වැන්න ඉහළ නැංවීම මගින් ගොවීන්ගේ ලාභය වැඩිකිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ඉල්ලා ගොවීන් මේ වන විට උද්ඝෝෂණවල නිරත වන බවයි. තමන් ලබන ආදායම ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ගොවීන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත්,…

දර ලිපේ උයන්න බය කලොත් ජනතාව ගෑස්, විදුලි ලිප් වලට ඇවිත් බලශක්ති ගැටළුවක් එයි..- සෞඛ්‍ය අමාත්‍යංශය

ආහාර පිසීම සඳහා දර භාවිතය සම්බන්ධයෙන් පළවන නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා හේතුවෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්විය හැකි බවත්, එය මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ බරපතළ ගැටලු නිර්මාණය කිරීමට හේතු විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, වැරදි සහගත මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් දර භාවිත කරන විශාල පිරිසක් එකවර ගෑස් හෝ විදුලිය භාවිතයට යොමු වුවහොත්, එමගින් බලශක්ති ක්ෂේත්‍රය මත…

ඇතුලේ ඉඳන් එළියට ආපු චරිත්ගෙන් බරපතල හෙළිදරව් රැසක්!

තමන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන තමන්ව උසාවියෙන් වැරදිකරු කිරීමටත් පෙරම වැරදිකරුවෙකු බවට පත්කළ බවත්, තමන් වෙනුවෙන් පෙනී නොසිටි කිසිවෙකු වෙනුවෙන් මින් ඉදිරියට කිසිවිටෙකත් පෙනී නොසිටින බවත් සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, යූටියුබ් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවක අදහස් දක්වමින්. තමන්ව එළියේදී වීරයන් ලෙස සැලකූ පිරිස්…

signs emerge that bank officials are also implicated in the massive racket

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ව්‍යාජ සමාගම් 105 ක් ඔස්සේ ඇමෙරිකානු ඩොලර් මිලියන 715 කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යවා ඇති බවට අනාවරණය වීමත් සමඟ, 2023 ජනවාරි මාසයට පෙර සිදු වූ මෙවැනි ව්‍යාජ ආනයන ලේඛන සම්බන්ධයෙන්ද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කළ ඉල්ලීමකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ. ඩුබායි හි…

අස්වැසුම මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනා යළි රිමාන්ඩ්

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක මුදලක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර මුදල් වංචාවක් සිදු කල එම කාර්යාලයේ අංශභාර නිළධාරිනියන් දෙදෙනා ලබන 25 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ලබාදුන් නියෝගයක් මතයි. අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් නෝර්වුඩ් ...…

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – තිදෙනෙකු තවමත් රෝහලේ

නෝර්වුඩ්, අයර්බි වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කම්කරු 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ වත්තේ ගසක් මුදුනේ බැද තිබූ බඹර වදයකට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුනු බඹරුන් එම වතු කම්කරුවන්ට දෂ්ට කර තිබෙනවා. රෝහල් ගත කල ... වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – තිදෙනෙකු තවමත් රෝහලේ .

මහගොඩයායේදී බස් රථයක් පෙරළෙයි

බුත්තල – මොණරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රැදී සිට ඇත්තේ බස් රථ රියදුරු, කොන්දොස්තර ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු පමණයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොණරාගල සිට තණමල්විල දක්වා ධාවනය ... මහගොඩයායේදී බස් රථයක් පෙරළෙයි .

පාස්පෝට් කාර්යාලයේ පරිගණක අවුල අවසන් – ග්‍රාම නිලධාරීන් දෙවන දිනටත් ලෙඩ වෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් අද පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බාධා එල්ල වී තිබුණා. මේ අතර සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ සේවාලාභීන්ට සිදුවන අපහසුතාවලට රජය වගකිව යුතු බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති නන්දන රණසිංහ ... පාස්පෝට්…

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා. එම කොමිසම මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණි බවයි වාර්තා වාර්තා වුණේ. .

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නතර වෙයිද?

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ නොහැකි බව නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම වැළැක්වීම සදහා දැනට පවතින ක්‍රමවේදවලට එහා ගොස් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා කළ විමසීමකදී පැවසුවේ ”එහෙම කරලා පෙන්නුවයි කියලා මිනිස්සු ඒකෙන් මිදෙන්න කටයුතු වෙන්නේ නැහැ. ... මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම…

ජනපති සහ නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හෙට පස්වරු එකට විශේෂ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ පවතින ස්ථාවරය පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමට ද එම සංගමය පසුගියදා පියවර ගෙන තිබුණා. අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර ... ජනපති සහ…

සාගරගේ ප‍්‍රකාශයෙන් මට මරණ බය ඇති වුනා - පොලිස්පති කියූ බව CCIB කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමාට මරණ බියක් ඇතිවූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දී තිබේ. සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ බව සඳහන් කළේය. 37 වන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක්…

සෙනාධිපතිගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි..

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි. කොමිෂන් සභාව විසින් සිදුකරන ලද නිල දැනුම් දීමකට අනුව ඔහු අද උදෑසන එහි පැමිණි බව වාර්තා වේ. ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇත. අදාළ ගනුදෙනුවට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සේනාධිපති…

harshana nanayakkara

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී…

සාගරගේ ප‍්‍රකාශයෙන් මට මරණ බය ඇති වුනා..- පොලිස්පති කියූ බව CCIB කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමාට මරණ බියක් ඇතිවූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දී තිබේ. සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ බව සඳහන් කළේය. 37 වන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක්…

මරණ දඬුවම ක්‍රියාත්මක කරයි?

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වනවිට හුදු පුද්ගල සබඳතා වලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු විය. “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව (10) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ…