
LPL අද අවසන් මහ තරගය නොමිලේ බලන්න දෙයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (08) කොළඹ ආර් . ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය . මෙම සුවිශේෂී තරගය සජීවීව නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට කිසිදු අයකිරීමකින් තොරව ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ . ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව , ක්‍රීඩාංගණයේ 'C' සහ 'D' යන ප්‍රේක්ෂක කුටිවල ඉහළ සහ පහළ මාලයන් (Upper and Lower) ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ විවෘතව පවතිනු ඇත . තරගය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රීඩාංගණයේ සියලුම පිවිසුම් දොරටු පස්වරු 5.30 සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇත . මෙවර අවසන් මහා තරගයේදී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතාව වෙනුවෙන් තරග වදින අතර , තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය . තරගය ආරම්භ වීමට පෙර ප්‍රේක්ෂකයන් උදෙසා විචිත්‍රවත් සමාප්ති උත්සවයක් සහ විනෝදාස්වාද වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි . Excitement Builds as Lanka Premier League Final Set for Today The highly anticipated final of the Lanka Premier League (LPL) cricket tournament is slated for today, August 8, at the R. Premadasa International Cricket Stadium in Colombo. This climactic match promises to deliver an unforgettable showdown for fans. In a bid to enhance the experience for cricket enthusiasts, Sri Lanka Cricket has announced that entry to the stadium will be free, allowing fans to witness the action live without any charges. This initiative is aimed at encouraging maximum attendance for the decisive game. Gates at the stadium will open at 5:30 PM, ensuring that attendees have ample time to settle in before the match begins. Today's final features the determined teams of the Galle Gladiators and the Jaffna Kings, who will battle it out for the championship title. Prior to the start of the match, Sri Lanka Cricket has planned an array of engaging entertainment activities and a vibrant closing ceremony, set to enhance the overall experience for those in attendance. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

