
තව හිරගෙවල් 3ක රැඳවියෝ කැරලි ගසති…3 ක් මරුට... 23 කට තුවාල... පිටුපස කුමන්ත්‍රණයක්ද?
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
බන්ධනාගාරවල ඇතිවී තිබෙන ගැටුම් පිටුපස සංවිධානාත්මක විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත. බන්ධනාගාර 05 ක කැරලි ඇතිවිය හැකි බවට බුද්ධි අංශ විසින් කළ හෙළිදරව්වක් ‘දිවයින’ පුවත්පත ඉකුත් 04 වැනිදා ප්‍රධාන සිරස්තලය යටතේ අනාවරණය කර තිබිණි. එම අනාවරණය සිදුකර දින 03 ක් ගතවන්නටත් පෙර කොළඹ මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරවල ඊයේ (07දා) ගැටුම් සහ නොසන්සුන්තාවන් හට ගත්තේය. මෙම ගැටුම්වලින් රැඳවියන් තිදෙනකු මියගොස් තවත් 23 දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා (06දා) රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබිණි. බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් එවූ මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධයෙන් රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ආරවුල අවසානයේ ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබිණි. පසුව බන්ධනාගාර නිලධාරීහු සහ පොලිසිය එක්ව එම ගැටුම පාලනය කළහ. එහෙත් ඊයේ උදෑසන නැවතත් එම ගැටුම හටගත් අතර කෝපයට පත් රැඳවියන් බන්ධනාගාරයේ කාර්යාල සහ ගොඩනැගිලි කීපයකට පහරදී විනාශ කර තිබිණි. මෙහිදී ඇතිවූ ගැටුම්වලින් එක් රැඳවියකු මියගිය අතර 10 දෙනෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකු එක් සිරමැදිරියක් කඩාගෙන පිටතට පැමිණ මෙම කලහකාරී තත්ත්වය ඇතිකර තිබූ බව විමර්ශනවලින් හෙළිවිය. ඒ අනුව මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට කටයුතු කළ රැඳවියන් 20 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට බන්ධනාගාර පාලන අංශය කටයුතු කළහ. මැගසින් බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව පෙරේදා රාත්‍රියේ සිට දඩි වෙහෙසක් ගෙන කටයුතු කළහ. මේ අතර ඊයෙ උදෑසන කුරුවිට බන්ධනාගාරයේදී රැඳවියන් අතර දැඩි නොසන්සුන්තාවක් හට ගත්තේය. කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් කුරුවිට බන්ධනාගාරයේ රෝහලට සහ තවත් ගොඩනැගිලි කීපයකට පහරදී දැඩි හානි සිදුකර තිබිණි. මෙම ගැටුම් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීහු සහ පොලිසිය රැඳවියන්ට කඳුළු ගෑස් ප්‍රහාර සහ වෙඩි ප්‍රහාර එල්ල කළහ. ගැටුම් සමථයකට පත්වීමෙන් පසු තුවාල ලබා සිටි රැඳවියන් පහළොස් දෙනෙකු රෝහල්ගත කළ අතර ඉන් දෙදෙනෙකු පසුව මිය ගියහ. තුවාල කරුවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය. විමර්ශනවලින් හෙළි වූ අන්දමට මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ගැටුම්වලින් පසු කුරුවිට බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියන් අතරය. රැඳවියන් 1000 කට වැඩි ප්‍රමාණයක් මීගමුවේ සිට කුරුවිට බන්ධනාගාරය වෙත ගෙන ආ අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැති බව කියමින් උද්ඝෝෂණය කිරීම නිසා මෙම නොසන්සුන්තාව හටගෙන තිබිණි. මේ අතර මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ ඊයේ උදෑසන නොසන්සුන්තාවක් හට ගත්තේය. ඊයේ උදෑසන ආහාර ලබාදීම සඳහා රැඳවියන් සිරමැදිරිවලින් පිටතට ගත් අවස්ථාවේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබිණි. රැඳවියෝ පිරිසක් ආපසු තම සිරමැදිරි වෙත නොගොස් බන්ධනාගාරයේ වහලය මතට නැගී විරෝධතාවක් ආරම්භ කළහ. මෙම විරෝධතාව දහවල් වෙද්දී තවත් උත්සන්න වූ අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ගේට්ටු ආසන්නයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇත. ඒ අවස්ථාවේ ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට බන්ධනාගාර සහ පොලිස් නිලධාරීහු කටයුතු කළහ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට පල්ලන්සේන බන්ධනාගාරය් රඳවා සිටින අතර, මෙම නොසන්සුන්තාවට හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආරවුලක් බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම බන්ධනාගාරවල ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත. බන්ධනාගාරවල ගැටුම් මුලින්ම හටගෙන තිබුණේ මීගමුව බන්ධනාගාරයේය. එහි ගැටුම් වලින් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු 31 දෙනෙක් මියගියහ. මීගමුව බන්ධනාගාරයෙන් පසුව මහර බන්ධනාගාරයේ ගැටුම් හටගත් අතර, එම ගැටුම්වලින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 21 ක් තුවාල ලැබූහ. මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී ඇමැති හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ රටපුරාම පිහිටි බන්ධනාගාර 36ටම ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි. - හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, චමින්ද සිල්වා, තිලකසිරි දෑලබණ්ඩාර, නිශාන්ත වික්‍රමසිංහ – රත්නපුර - දිවයින
Google AdSense
In-Article Ad

