
එල්ල කළ ප්‍රහාරයට ඉරානයෙන් පළි ගන්නා බව ට්‍රම්ප් කියද්දී ලෝක වෙළද පොළේ බොරතෙල් මිල යළි ඉහළට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව එයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉරාන – අමෙරිකා ගැටුම කෙටි කාලීනව හෝ විසඳෙනු ඇතැයි පැවති අපේක්ෂා බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවන් පසුබිමක් තුළ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එම බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.93ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. .
Google AdSense
In-Article Ad

