
බෙන්තොට මුහුදට පැරාමෝටර ගුවන් යානයක් කඩා වැටී විදෙස් කාන්තාවක් මරුට..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
2026.07.29 වන අද දින සවස බෙන්තොට පොලිස් වසමේ වෙරළ මාර්ගයේ පවත්වා ගෙන යනු ලබන ආයතනයක් මගින් ගුවන් ගත කරන ලද සැහැල්ලු ගුවන් පැරෂූට් යන්ත්‍රයක් එය හසුරවන්නා හා එහි සිටි විදෙස් ජාතික කාන්තාව සමඟ මුහුදට කඩා වැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් එම කාන්තාව මියගොස් ඇති අතර පැරෂූටය මෙහෙයවූ කොලොම්බියා ජාතික පුද්ගලයා දිවි බේරාගෙන ඇත. මරණකාරිය අවුරුදු 31 ක් වූ පලස්තීන ජාතික කාන්තාවකි. මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි. bentota paramotoring accident
Google AdSense
In-Article Ad

