
වත්තල සාදයකට වෙඩි තැබූ සිද්ධියට ගෑවුණු සැකකරුවෙකු අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වත්තල, කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ පසුගියදා පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින්. එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදූව, මූකලන්ගමුව ප්‍රදේශයේදීයි. අදාළ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබා ගැනීමට මෙම සැකකරු සිය ගිණුමෙන් මුදල් බැර කර ඇති බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු මූකලන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. .
Google AdSense
In-Article Ad

