
දුරකතන නිසා පවුල් අවුල් වෙලා..- අගරදගුරු දුරකතන විරෝධයක
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
වර්තමාන සමාජය නව තාක්ෂණය සහ ජංගම දුරකථන භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් මානව සබඳතා මෙන්ම පවුල් ඒකකයේ පවතින සමීප බව පළුදු වී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති. සීදුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ. මෙරටට හඳුන්වා දුන් නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමය හරහා සමාජය තුළ අසීමිත පරිභෝජනවාදයක් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් අගරදගුරු හිමියෝ, එමඟින් මිනිසුන් තුළ කෘත්‍රිම ආශාවන් ජනිත කර මුදල් ඉපයීම පමණක් පරමාර්ථය කරගත් සමාජයක් බිහි වී ඇති බව ප්‍රකාශ කළහ. වෙළෙඳපොළ අවශ්‍යතා තීරණය වන්නේ මිනිසුන්ගේ සැබෑ වුවමනාවන් මත නොව, ලාභය අරමුණු කරගනිමින් නිර්මාණය කරන ලද කෘත්‍රිම අවශ්‍යතා මත බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ. පවුල් සංස්ථාව බිඳ වැටීමට මෙම පරිභෝජනවාදී සංස්කෘතිය සහ තාක්ෂණික මෙවලම්වලට ඇති අසීමිත ඇබ්බැහිය සෘජුවම බලපා ඇති බව උන්වහන්සේගේ අදහසයි. "ඉස්සර නම් පාරේ මනුස්සයෙක් තනියෙන් කතා කර කර ගියොත් අල්ලලා ගිහින් අංගොඩට භාර දෙනවා. දැන් මිනිස්සු මේ කලේ මොකක්දෝ එකක් ගහගෙන කෑ ගගහා ඇවිදිනවා. පරිභෝජන වාදයේ එක අංගයක් තමයි සමහර අය ඇවිත් මට කියනවා දැන් ඔබ වහන්සේ ලේටර්ස්ට් එක ගත්ත ද කියලා. මට තේරෙන්නේ නෑ මේ ලේටර්ස්ට් එක කියන්නේ මොනවාද කියලා. අපිට ෆොන් එකක් තිබුණම ඒකෙන් කෝල් එකක් ගන්නයි පණිවිඩයක් දෙනයි තමයි ඔය පාවිච්චි කරන්නේ දැන්මේ ෆෝන් එක තමයි සම්පූර්ණ ජීවිතය. ඇදට ගිහිලත් ෆෝන්එක බල බලා ඉන්නවා රෑ තිස්සේ නිදා ගන්නේ නෑ එළී වෙනකම් වැඩසටහන් බලනවා. අම්මලා තාත්තලා දරුවෝ පවුල් ජීවිතයක් නෑ වටිනාකම් ඔක්කොම නැති වෙලා" -lankacnews
Google AdSense
In-Article Ad

