
මහනුවර ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකුට පහරදීමක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මහනුවර ප්‍රධාන පෙලේ විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකුට එම විදුහලේ ශිෂ්‍ය නායකයන් සිව් දෙදෙනකු පහර දී තිබෙනවා. එහිදි තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි කටුගස්තොට පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පොලීසිය පැවසුවේ. මේ අතර එම සිසුවාට පහරදීමේ සිද්ධියට අදාළව පාසල් පරිපාලනයේ ගැටළුවක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයද පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

