
ඉරාන යුද්දය නිසා තාර නෑ.. පාරවල් හැදිල්ල නවතී..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටට අවශ්‍ය තාර ආනයනය කිරීමට නොහැකි වීම නිසා මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් අතරමග නතර වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කරයි. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් එම අධිකාරියේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වූ කාලය තුළ මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී ඇත්තේ තාර රැගත් එක් නෞකාවක් පමණක් බවත්, එය ද ලබා ගැනීමට හැකි වූයේ යුද විරාමයක් පැවති දින කිහිපයකදී පමණක් බවත් නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයට වඩාත් උචිත වන්නේ ඉරානයෙන් ආනයනය කරනු ලබන තාර වුවද, පවතින අර්බුදය හමුවේ එම ආනයන කටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇත. දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග කොටස් 549කට හානි සිදුව ඇති අතර, ඒවා ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 64.3ක මුදලක් වෙන් කර තිබේ. එහෙත් පවතින තාර හිඟය හේතුවෙන් එම සංවර්ධන කටයුතු සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Google AdSense
In-Article Ad

