FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්ධන මිල වැඩි වෙයිද? තීරණාත්මක සාකච්ඡාව පස්වරුවේ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු හයට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේදීයි. එහිදී ගනු ලබන තීරණ මත ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද රාත්‍රීයේ ප්‍රකාශයට පත් කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු කළ විමසීමකදි පැවසුවේ කෙසේ වෙතත්, මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී මිල ගණන් අඩු වනවා නම් එය විශාල මුදලකින් අඩු නොවනු ඇති බව ඔහු කියාසිටියා. ඒ, මෙම මාසය තුළ ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස උච්ඡාවචනයන්ට ලක්වීම හේතුවෙන්. පසුගිය ජුනි මාසයේදී ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල්වල මිල පමණක් පහත දැමුණා. ඒ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කෙරුණා. .

Google AdSense

In-Article Ad