FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මට පල දෙන්නේ පෙර කල කරුමයක් - මරණ දඬුවම ගැන පූජිත ජයසුන්දර

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එලෙස මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඊයේ දින තීන්දුව දීමට පෙර දැනුම් දුන්නේය. ඒ අනුව අධිකරණය ඇමතු විත්තිකාර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ' මං හිතලා කිසිම මිනිමැරුමක් කළේ නැහැ යැයි කීය. හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වැඩිදුරටත් අධිකරණය අමතමින් මෙසේද පැවසීය. "මං පොලිසියට බැඳුණු දිනයේ සිට උපරිමයෙන් පොලිසියට කටයුතු කළා. මෙම සිද්ධිය ආරම්භයේ පටන්ම විජිත් මලුල්ගොඩ කමිටුවේ සිටම මට අසාධාරණයක් වූ බව හැඟෙනවා. මං වැඩකළේ තවත් නිලධාරීන් සමූහයක් සමඟයි. මං වගේම වගකීම් තිබූ අනෙකුත් නිලධාරීන් මේ සිද්ධියෙන් මුදාහැර තියෙනවා. මගේ රැකියාව නැති කළේත් මගේ මූලික අයිතිවාසිකම් කඩ වන ආකාරයට මං පුදුම විධියට පීඩාවට පත්ව සිටිනවා. සිද්ධිය දිනයේ සිටම මේ දක්වා පැවරුණු මූලික අයිතිවාසිකම් නඩු හා සිවිල් නඩු නිසා මං දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. මගේ දරු දෙදෙනා සහ බිරිඳ පත්ව ඇති අසරණ භාවය පිළිබඳ අනුකම්පාවෙන් බලන්න කියා මා ඉල්ලා සිටිනවා. මං පොලිසියට බැඳුණු දවසේ ඉඳලා කිසිම දවසක කාටවත්ම අහිතක් අසාධාරණයක් වන අන්දමින් කටයුතු කරලා නැහැ. මං අදහන ආගමට අනුව මට මේ පල දෙන්නේ පෙර කරපු කරුමයක්. මං දැඩි අසරණ තත්වයකට පත් වෙලා ඉන්නේ. මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා අද දවස දක්වාම මා හට ඇති පීඩනය ආදී සියලු දේ මට දඬුවම් නියම කිරීමේදී සලකා බලන්න. රටේ පොලිස්පති වශයෙන් මට විතරක් මේ විධියට කටයුතු කරන එක කොතරම් සාධාරණද? කියලා සලකා බලන්න කියලා ඉතාම යටහත් පහත්ව මා ඉල්ලා සිටිනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි’

Google AdSense

In-Article Ad