FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මධ්‍යම කදුකරයට අධික සුළං සමග තද වැසි... විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට රාත්‍රියේ සිට අධික සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වෙයි . පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග විදුලි බලයද වරින් වර ඇනහිටිම හේතුවෙන් ජන ජීවිතයට බාධා පැමිණ ඇත . නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැම්මට පටන් ගෙන ඇති අතර , කැනියොන් ජලශයේ ද එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි කැනියොන් ජල විදුලි බලාගාරයේ නිළධාරියෙකු කියා සිටියේ . පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි එම ජලශභාර ඉංජිනේරුවන් කියා සිටියේ . - රංජිත් රාජපක්ෂ

Google AdSense

In-Article Ad