
ට්රම්ප් ඉරාන ප‍්‍රහාර අත්හිටුවයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඉරානය සමඟ ඉතා ඉක්මනින් එකඟතාවකට පැමිණෙන්නේ නම්, එරටට එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇත. නව ගිවිසුමක මූලික රාමුව සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වී තිබෙන බැවින්, ප්‍රහාරය තාවකාලිකව නතර කරන ලෙස ඉරානය සහ මැදපෙරදිග අනෙකුත් රටවල් තමන්ගෙන් ඉල්ලා සිටි බව ට්‍රම්ප් එහි සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ඇමරිකාව ඕනෑම මොහොතක ප්‍රහාරයකට සූදානම් බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව මෙතෙක් නොදුටු මට්ටමේ හමුදාමය බලයක් ඉරානයට එරෙහිව භාවිත කිරීමට තමන් පසුබට නොවන බවත් ඔහු දැඩිව අවධාරණය කර ඇත. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන 'මෙහර්' පුවත් සේවය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඇමරිකාවෙන් එවැනි ඉල්ලීමක් ඉරානය සිදු නොකළ බවත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශය තවත් එක් අලුත් බොරුවක් පමණක් බවත් ඔවුන් වාර්තා කර ඇත. ඉරානයේ වැඩබලන ආරක්ෂක අමාත්‍ය මජිඩ් ඉබ්න් අල්-රේසා ප්‍රකාශ කළේ, සතුරාගෙන් එල්ල වන ඕනෑම තර්ජනයක් තමන් බැරෑරුම්ව සලකන බවත්, ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට ඉරානය සීරුවෙන් සිටින බවත්ය. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පසුගිය සිකුරාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති බව සීබීඑස් පුවත් සේවය වාර්තා කළේය. මේ අතර, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු ද ට්‍රම්ප් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙමින්, කලාපීය නොසන්සුන්තාව අවම කර ගැනීමට රාජ්‍යතාන්ත්‍රික විසඳුම්වලට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ජෝර්දානය වැනි ඇමරිකාවේ මිත්‍ර රටවල් ද මෙම යුදමය තත්ත්වය පිළිබඳව දැඩි බියකින් පසුවෙයි. ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව සීමිත වුවද, තම රටවල ජල පිරිපහදු මධ්‍යස්ථාන වැනි තීරණාත්මක ස්ථාන ඉරාන මිසයිල ප්‍රහාරවලට ලක්විය හැකි බවට ඔවුන් කනස්සල්ල පළ කර ඇත.
Google AdSense
In-Article Ad

