FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රුසියානු වෙරළ තීරයකට ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක් – වෙරළ තීරයම එකම ගිනි ජාලාවක් වෙයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දකුණු රුසියාවේ බ්ලැක් සී හෙවත් කළු මුහුදු තීරයේ පිහිටි ජනාකීර්ණ වෙරළ තීරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ළමයින් තුන්දෙනෙකුද ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරයක් සිදුව ඇත්තේ අර්කිපෝ ඔසිපොව්කා‘ වෙරළ ප්‍රදේශයටයි. කඩා වැටුණු ඩ්‍රෝන යානා ප්‍රබල ගිනි ජාලාවක් සහිතව පිපිරී ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් 17 දෙනෙකුම තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ප්‍රදේශය භාර ආණ්ඩුකාරවරයා පවසන්නේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී කිසිදු ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වී නොමැති බව ප්‍රදේශවාසීන් කියා සිටියා. කෙසේ වෙතත්, රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් මෙම ඩ්‍රෝන යානයට වෙඩි තැබීම හෝ සංඥා අඩපණ කිරීම හේතුවෙන් එය වෙරළට කඩා වැටෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව චෝදනා කරන්නේ යුක්‍රේනයටයි. කෙසේ වෙතත් යුක්‍රේනය තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ. ඉකුත් සති අන්තයේ රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළා. ඇතැම් විට දැන් එල්ල වූ ප්‍රහාරය ඊට ප්‍රති ප්‍රහාරයක් විය හැකි බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් කියා සිටියේ. මීට පෙර රුසියාවේ විශාලතම අන්තර්ජාල වෙළඳ ආයතනයකට අයත් ගබඩා සංකීර්ණ කිහිපයකටද යුක්‍රේනය ප්‍රහාර එල්ල කළා. ඒ එම වෙළඳ ආයතනය විසින් රුසියානු හමුදාවලට අවශ්‍ය සැපයුම් ලබාදෙන බවට චෝදනා කරමින්. .

Google AdSense

In-Article Ad