
පද්ධතියේ ස්ථාවරභාවය අවදානමක... ඕනෑම මොහොතක නොදන්වා විදුලි කප්පාදුවක්...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියේ ස්ථාවරභාවය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඕනෑම මොහොතක ග්‍රාමීය ප්‍රදේශවලට පූර්ව දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉඩකඩ පවතින බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර සිටී. පද්ධතියේ ස්ථාවරභාවය පිළිබඳව ඇතැම් මාධ්‍ය ආයතන ගෙන යන වාර්තාකරණය විවේචනය කරන රලපනාව මහතා, වත්මන් ගැටලුව ජලය නොමැතිකම නොව, පද්ධතියේ උත්පාදන ධාරිතාව පිළිබඳ ගැටලුවක් බව පෙන්වා දෙයි. ජලාශවල ජල මට්ටම කුමක් වුවත්, පද්ධතියේ ස්ථාවරභාවය පවත්වා ගැනීම මේ වන විට අසීරු වී ඇති බව ඔහුගේ අදහසයි. විදුලි පද්ධතියක ස්ථාවරභාවය සහතික කිරීම සඳහා පවතින 'N-1' නිර්ණායකය අනුව, පද්ධතියේ ඇති විශාලතම බලාගාරය හදිසියේ බිඳ වැටුණහොත් එය පියවා ගැනීමට හැකි වන පරිදි එම බලාගාරයේ ධාරිතාවට සමාන අතිරික්ත විදුලි ප්‍රමාණයක් සැමවිටම සංචිතයක් ලෙස තිබිය යුතුය. මෙරට පද්ධතියේ විශාලතම බලාගාරය වන 'සෝබාධනවි' බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 320ක් වන අතර, අවම වශයෙන් එම ප්‍රමාණයේ සංචිතයක් පවත්වා ගත යුතුය. එහෙත් පසුගිය දින 11න් දින 5කදීම මෙම අවම අවශ්‍යතාව සපුරාලීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහු දත්ත සහිතව පෙන්වා දෙයි. විදුලි ඉල්ලුම තවත් මෙගාවොට් 100කින් පමණ ඉහළ ගියහොත්, පද්ධතියේ සමස්ත බිඳ වැටීමක් වැළැක්වීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවලට පූර්ව දැනුම්දීමකින් හෝ නියාමන අවසරයකින් තොරව විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති මෙහෙයුම් මැදිරිය කටයුතු කරනු ඇති බවට ද ඔහු අනතුරු අඟවයි. Risk of Power Outages Looms Over Sri Lanka's Electricity System The stability of Sri Lanka's electricity grid is currently under severe threat, with the possibility of power cuts in rural areas occurring without prior notice, as warned by energy expert Vidura Ralapanawa. In a recent post on his Facebook account, he emphasized the gravity of the situation. Ralapanawa criticized some media reports regarding the stability of the electricity system, clarifying that the pressing issue at hand is not merely a lack of water but rather a challenge related to the system's production capacity. He pointed out that maintaining system stability has become increasingly difficult, regardless of the water levels in reservoirs. Under the existing 'N-1' criterion, which ensures the reliability of an electricity system, there must always be a reserve of excess electric power equal to the capacity of the largest power plant in the system in case of an unexpected failure. The Sobadhanawe power plant, which is the largest in the country, has a capacity of 320 megawatts, and authorities are required to maintain at least this amount in reserve. However, Ralapanawa provided data suggesting that officials have failed to meet this minimum requirement over the past five days leading up to the 11th of the month. He also warned that if electricity demand increases by another 100 megawatts, the National System Control Centre may resort to implementing power cuts in rural areas without prior notice or regulatory approval in order to prevent a total system collapse. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

