
අකිල විරාජ් අත්අඩංගුවට ගනී..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. ප්රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ එහි පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ලෙස කටයුතු කරමින්, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධනහලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රු.2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) අකිල කාරියවසම් යන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. Former Minister Akila Viraj Kariyawasam Arrested by Bribery Commission Akila Viraj Kariyawasam, a former minister, was apprehended earlier today by the Commission to Investigate Allegations of Bribery or Corruption. This significant development comes as part of ongoing investigations into corruption. Kariyawasam is expected to be produced before the courts shortly. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

