
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය ගැන ඉරානය අලුත් එකගතාවක
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ නාවික ගමනාගමනය සඳහා වන නව ගමන් මාර්ගය සම්බන්ධයෙන් අවබෝධතාවකට පැමිණ තිබෙනවා. ඒ, ඉරානය සහ ඕමානය අතරයි. තෙවන පාර්ශ්වයන්ගෙන් බාධාවක් සිදු නොවන්නේ නම්, මේ පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉස්මයිල් බගායි පවසනවා. කෙසේ වෙතත්, ඉරානය සහ ඕමානය අතර ඇති කරගන්නා මෙවැනි එකඟතාවයකින් පමණක් මෙම උපායමාර්ගික ජල මාර්ගයේ සම්පූර්ණ ආරක්ෂාව තහවුරු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ යෝජිත මෙම ගිවිසුම මගින් හෝමුස් සමුද්‍රසන්ධිය හරහා ගල්ෆ් කලාපයට ඇතුළු වන නෞකා පාලනය කිරීමේ බලය ඉරානය වෙත හිමිවීමට නියමිත අතර, මෙය ඉරානය ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. .
Google AdSense
In-Article Ad

