
ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ආරම්භ වුණා. ඒ, අද උදෑසන පැවති උදා සමුළු සම්මන්ත්‍රණයෙන්. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අද රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාන දේශනය පැවැත්වෙන අතර හෙට උදැසන මහා සංඝ රත්නය විෂයෙහි පවත්වන සංඝගත දක්‍ෂිණාව සහ දේවාභිෂේක නානු මුර මංගල්‍යය පැවැත්වෙනවා. පළමු දිවා පෙරහැර පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදායි. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වන්නේ ලබන 13 වනදායි. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය සදහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. .
Google AdSense
In-Article Ad

