
අගවිනිසුරුගේ විශ‍්‍රාම දිනය පැනලා මාස හතක් වෙනවා.. වහා පරීක්‍ෂණ කරන්න..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරිය චෝදනා කළේ, අගවිනිසුරුවරයා තවත් වසර දෙකක කාලයක් ධුරයෙහි තබා ගැනීමට රජය උත්සාහ කරන්නේ සිය අභිමතය පරිදි මෙහෙයවිය හැකි රූකඩයක් අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරේ තබා ගැනීමේ අවශ්‍යතාව මත බවයි. හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සමයේ නිකුත් කරන ලද, දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන නිල ලේඛනයකට අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2026 ජනවාරි 12 වනදා විශ්‍රාම ගත යුතු බව ඇය පෙන්වා දුන්නාය. එම ලේඛනයේ සඳහන් අනෙකුත් සියලුම විනිසුරුවරුන් නියමිත දිනට විශ්‍රාම ගොස් ඇති බවත්, අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් පමණක් මෙම ගැටලුව මතු වී ඇති බවත් ඇය සඳහන් කළාය. "මාස හතක් තිස්සේ ඉහළ උසාවිවල විනිසුරු පුරප්පාඩු අටක් පවතිනවා. නමුත් සුදුසුකම් සහිත විනිසුරුවන් පත් නොකර රජය කටයුතු කරන්නේ නීතිය යනු පාලකයාගේ කැමැත්ත බව තහවුරු කිරීමටයි. මෙම ලේඛනය අසත්‍යයක් නම් වහාම විමර්ශනයක් පවත්වා එය රටට හෙළි කළ යුතුයි," යැයි ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය. කෙසේ වෙතත්, රෝහිණී කවිරත්න මහත්මියගේ මෙම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය දැඩි විරෝධය පළ කළාය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව, පූර්ණ යෝජනාවක් නොමැතිව විනිසුරුවරුන්ගේ පෞද්ගලික පැවැත්ම හෝ ධුර කාලය පිළිබඳව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ නොහැකි බව ඇය පෙන්වා දුන්නාය.
Google AdSense
In-Article Ad

