
වසර 17කට පසු මාලිමාව ලැබූ ජය
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වසර 17කට පසු ජාතික ජන බලවේගයට හිමි වී තිබෙනවා. එම සමිතියට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සමාජිකයන් 09 දෙනෙක,ු සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සදහා එම සමිතියේ මහා සභාව මහනුවර මූලස්ථාන සමූපාකාර සංවර්ධන නිළධාරි ඒම්.ආර්.මුස්තාෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ, නාවලපිටිය පල්ලේගම නාවලපිටිය සමූපාකාර ප්‍රධාන කාර්යාලයේදියි. මංජු ශ්‍රී ධර්මකිර්ති මහතා සභාපතිවරයා ලෙසත් එස්.ගුණදාස මහතා උප සභාපතිවරයා ලෙසත් නිතරගයෙන් පත්වී තිබෙනවා. නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ මංජු ශ්‍රී ධර්මකීර්ති මහතා නුවරඑලිය දිස්ත්‍රික් දේශිය ආදායම්බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වශයෙන්ද කටයුතු කරනු ලබනවා. .
Google AdSense
In-Article Ad

