
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, “රත්මලානේ සයිමා” රැඳවුම් භාරයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” නැමැත්තා පැය 48ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බවයි. වැඩිදුර විමර්ශන සඳහා ඊයේ රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදුන් මෙම 41 හැවිරිදි ප්‍රධාන සැකකරු, 2014 වසරේ පුද්ගලයෙකු පැහැරගෙන යාම සහ 2016 වසරේ සිදුකළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු ද වනවා. ජාත්‍යන්තර පොලිසියේ සහ මැලේසියානු පොලිසියේ සහාය ඇතිව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ මෙරටට රැගෙන ආ අතර, එම අනෙක් සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. .
Google AdSense
In-Article Ad

