FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෙට්‍රො බස් සමාගමට තවත් බිලියනයක් දෙයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දෙන ලද අරමුදල් මඟින් මිල දී ගනු ලැබූ පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් එම සමාගම විසින් ආරම්භ කරනු ලැබ ඇති කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම් කටයුතු වල වර්තමාන ප්‍රගතිය සැලකිල්ලට ගැනීමේදී එම සේවාවේ වාණිජමය ශක්‍යතාව සහ මහජන පිළිගැනීම තහවුරු වී තිබේ. ඒ අනුව, එම සමාගම විසින් එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් පත්ල පහත් බස්රථ 112 ක් සේවයේ යෙදවීමට සැලසුම් කර ඇත. අදාළ මෙහෙයුම් කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා ඒ කල ප්‍රදේශයේ අංග සම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදි කිරීම, තලංගම, කඩවත, රත්මලාන හා හෝමාගම යන ස්ථානයන්හි නවීන බස් ඩිපෝ ඉදි කිරීම, අභ්‍යන්තර මාර්ග හා බස් නැවතුම් අංගන සංවර්ධනය කිරීම ආදී යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, එකී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සඳහා ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 800 ක් මෙම වර්ෂය තුළදී සහ 2027 වසරේ සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 267.5 ක් වශයෙන් හිමිකම් ප්‍රාග්ධනය සලසා දීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Google AdSense

In-Article Ad