
Rathna Sri Wijesinghe resigns
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැනටමත් බලධාරීන් වෙත යොමු කර ඇති අතර, එම ඉල්ලා අස්වීම ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව, සිය භාරයේ පවතින නිල ලේඛන සහ දේපළ මණ්ඩලය වෙත නිල වශයෙන් භාරදීම සඳහා අද දිනයේ ඔහු කාර්යාලය වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ. පසුගිය 2024 වසරේ දෙසැම්බර් මස 16 වැනිදා රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙම ධුරය සඳහා පත් කරන ලදී. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස හා පී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් එහි සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ලෙස කටයුතු කරයි. ප්‍රකට කිවිවරයෙකු සහ ගේය පද රචකයෙකු වන විජේසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. Rathna Sri Wijesinghe resigns
Google AdSense
In-Article Ad

