FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

Court Orders Dispersal of Monks Protesting Outside Presidential Secretariat

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 55 දෙනෙකුගෙන් යුත් පිරිසකට ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝගයක් නිකුත් කර ඇත. කොළඹ කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රය ආශ්‍රිතව රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන අදාළ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට මෙමඟින් නියම කෙරේ. අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් 'නිදහසේ පාද යාත්‍රාව' නමින් පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙති. එහිදී ජනාධිපති ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට අවම වශයෙන් මසක කාලයක් අවශ්‍ය බව දැනුම් දුන්නද, විරෝධතාකරුවන් එම ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරමින් එම ස්ථානයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළහ. ඉන් අනතුරුව විරෝධතාකරුවන් ගාලු පාර අවහිර වන සේ මාර්‍ගය මධ්‍යයේ තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට උත්සාහ දැරීමත් සමඟ පොලිසිය සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්‍මාණය වූ අතර, පසුව පොලිස් මැදිහත්වීම මත එම කූඩාරම මාර්‍ගයේ පසෙකට ගෙන ගොස් රඳවා තැබිණි. කෙසේ වෙතත්, රජයෙන් ස්ථිර ප්‍රතිචාරයක් ලැබෙන තුරු පරිශ්‍රයෙන් ඉවත් නොවන බවට භික්ෂූන් වහන්සේලා කළ ප්‍රකාශය හමුවේ මහජන පීඩාව සහ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිසිය මෙම අධිකරණ නියෝගය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

Google AdSense

In-Article Ad