FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ක්‍රීඩා පුවත්

Latest news from FM Heart newsroom

Google AdSense

News Header Banner

CNN මාධ්‍යයට ට්‍රම්ප් ආයෙත් එරෙහි වෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සදහා එක්වීමට නියමිතව තිබූ නිල ගුවන් යානය වන ‘එයාර් ෆෝස් වන්‘ වෙත සී.එන්.එන් මාධ්‍යවේදීන් ඇතුළත් කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්‍තා කරනවා. ටෙනසි ප්‍රාන්තයේ පැවැත්වෙන ඇමරිකානු පාපන්දු තරගයක් නැරඹීමට ට්‍රම්ප් එලෙස ගුවනින් යාමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලැයිස්තුවෙන් සී.එන්.එන් නාලිකාව ඉවත් කිරීමට ධවල මන්දිරය පියවර ගෙන ඇති ... CNN…

‘අපේ ආණ්ඩුව’ අරන් ජනපති මේ සති අන්තයෙත් රට වටා..

වත්මන් රජයේ දෙවසරක පාලන කාලය සනිටුහන් කරමින් 'අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි' තේමාව යටතේ පැවැත්වෙන දැවැන්ත ජන රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් 27 වැනි ඉරිදා ගම්පහදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එදින පස්වරු 3.30ට ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී මෙම මහා රැලිය ආරම්භ වීමට නියමිත බව නිවේදනය කර ඇත. රජයේ දෙවසරක ගමන්මග සහ ජයග්‍රහණ සැමරීම වෙනුවෙන් සංවිධානය…

කුසල්ගේ ශතකය ලංකාවට ජය ගෙනේ.. පලමු තරගයෙන් ලංකාව දිනයි..

නායක කුසල් මෙන්ඩිස් වාර්‍තා කළ විශිෂ්ට ශතකය සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලීඩ්ස්හිදී පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක තියුණු ජයක් වාර්‍තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලීඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම දිවා-රාත්‍රී තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක…

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර Chester-le-Street හිදී පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක පහසු ජයක් වාර්‍තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කළේය. එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක හැරී බෲක් පන්දු 69කින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 67ක්…

වසර පහකට පසු සුපිරි ක්‍රීඩක දික්වැල්ල යලි 20-20 කණ්ඩායමට කැදවයි...

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වසර පහක පමණ ඇවෑමෙන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල යළිත් ජාතික විස්සයි20 සංචිතයට කැඳවීමට පියවර ගෙන තිබේ. දික්වැල්ලට අමතරව, වසර තුනක කාලයකට පසුව අෂේන් බණ්ඩාරද යළි කණ්ඩායමට එක්ව ඇත. නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන්…

ක්‍රිකට් ගොඩගන්න අලුත් පනතකට කැබිනට් අනුමැතිය...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව "ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත" රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව ඇත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාකරණය, පාලනය, නියාමනය,…

ක්‍රිකට් දූෂණයට තිත තියන්න හදපු අලුත් පනතට කැබිනට් එකේ කොළ ලයිට් එක පත්තුවේ! ක්‍රිකට් පුටු රත්කරපු අයට වැඩ වරදින ලකුණු!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව අනුමැතිය සඳහා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2026 ජූනි 08 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට්…