
ලීසිං ඇරියස් කියා සමාගම්වලට මහ මග වාහන පැහැරගනීම තහනම්..- පොලිසියෙන් නිවේදනයක්..
කල්බදු සහ මූල්‍ය සමාගම් මඟින් වාහන අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේදී නීතිවිරෝධී ලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි. බදු ගැණුම්කරුගේ විරෝධතාවක් පවතින අවස්ථාවකදී අදාළ වාහන හෝ උපකරණ අත්පත් කරගත හැක්කේ දිසා අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව පමණක් බව ද පොලිසිය පෙන්වා දෙයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, 2000 අංක 56 දරන…















