FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

චමින්ද විජේසිරිට සිර දඬුවම් නියම කෙරේ!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී මරණ තර්ජනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) නියම කරන ලදී. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී බදුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. චමින්ද විජේසිරි මහතාට අමතරව ඔහුගේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියෙකු ද මෙහිදී වරදකරු කර තිබේ. 2019 වසරේ පෙබරවාරි මාසයේදී බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මෙම සිදුවීම වාර්තා විය. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පොලිස් ජීප් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදු කර මරණ තර්ජනය කර ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි මන්ත්‍රීවරයාගේ රියදුරු බන්දුල රත්නායක යන අය මේ වන විට ජීවතුන් අතර නොමැති අතර, අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක යන අය චෝදනා 3කට වරදකරු විය. මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා 4කට වරදකරු කරමින් මෙම සිර දඬුවම නියම කෙරිණි.

Google AdSense

In-Article Ad