FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට එරෙහි නඩුවට අධිකරණය අද දුන් නියෝගය

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංග මහතාගේ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව මෙම නඩුකරය යළි දෙසැම්බර් මස 8 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළා. 2014 ජනවාරි 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව තිබූ UL319 දරන ගුවන් යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමෙන් රජයට ඇමරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදුකිරීම සහ 2014 වසරේ ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම යන චෝදනා සැකකරු වෙත එල්ල වී තිබෙනවා ඊට අමතරව 2014 වසරේ දෙසැම්බර් 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් 1,250,000 ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා. .

Google AdSense

In-Article Ad