FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගොවින්ගේ අස්වැන්න දෙගුණ කරනවා.. එවිට ඔවුන්ගේ ආදායමත් දෙගුණ වෙනවා...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

රජයේ දෙවැනි පස් අවුරුදු පාලන කාලය අවසන් වන විට මෙරට ගොවීන් අක්කරයකින් ලබාගන්නා අස්වැන්න දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනහමුවකට එක්වෙමිනි. ගොවීන්ගේ වත්මන් ආදායම දෙගුණ කිරීම සඳහා ක්‍රමානුකූලව නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය. "අපේ මූලික අරමුණ ගොවියාගේ ආදායම ඉහළ නැංවීමයි. ඒ සඳහා දැනට පවතින අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික ක්‍රමවේදයන් අපි ඉදිරියේදී හඳුන්වා දෙනවා. රජයේ පළමු පස් අවුරුදු කාලය අවසන් කර දෙවැනි පස් අවුරුදු කාලයට එළඹෙන විට, මෙම තාක්ෂණික මැදිහත්වීම හරහා ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපට හැකි වෙනවා," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇති කිරීම සඳහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ හරහා දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

Google AdSense

In-Article Ad