
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන ආණ්ඩුව ඇතුළේ පිල් බෙදීමක්
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම පරපස්පර අදහස් ඉදිරිපත්වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම යෝජනාවට ජාතික ජනබලවේගයෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති බවයි වාර්තා වුණේ. ඒ පිළිබද සහ දේශපාලන වේදිකාවේ පිටත මෙතෙක් හෙළි නොවූ තොරතුරු ද ඇතුළත් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයේ තොරතුරු පහතින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙම පිල් බෙදීමක් ඇති වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේකට සාමාන්‍යයෙන් ආණ්ඩුව කියන්නේ ජේ.වී.පී. එකයි එන්.පී.පී. එකයි දෙකමනේ. මේකට ලොකුම විරෝධය එල්ල වෙලා තියෙන්නේ මාලිමාව පැත්තෙන්, ඒ කියන්නේ එන්.පී.පී. එක පැත්තෙන් කියලා තමයි කියන්නේ. හැබැයි ජේ.වී.පී. එකේ ඉන්න ඉහළම ඉන්න අයියා කෙනෙකුත් මේකට විරෝධය පළ කරලා තියෙනවා. ඔහු කියන්නේ නම්, මේ වගේ අර්බුද ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව යන එක තමයි හොඳ. මේ වගේ දේවල් කරන්න ගියාම මහජන විරෝධයක් එන්න පුළුවන්. විනිසුරුවරුන්, නීතිඥවරුන් මේ ඔක්කොම තරහ වෙන්නත් පුළුවන්. ඒක ලොකු ගැටලුවක්. ඔහු එහෙම කියනකොට පහුගිය බදාදා පෝය දවසේ ආණ්ඩුවට සම්බන්ධ ලොකු තැනක විශේෂ සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදිත් මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන ගොඩක් කතා වෙලා තියෙනවා. එක එක්කෙනාට ඕන දේවල් කරන්න ගිහින් නිකන් ජනතා විශ්වාසය බිඳගන්න හොඳ නැහැ. මේකට ජනතා විරෝධයක් ඇති වෙන්න පුළුවන්. මොනවාද මේ කරන වැඩ? මේ වගේ කතා ටිකක් එක්ක මේ වැඩේ ටිකක් උණුසුම් විදිහට ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. මේකට එන්.පී.පී. එකට සම්බන්ධ, ජේ.වී.පී. එකට සම්බන්ධ දෙගොල්ලොම ඇවිල්ලා ඉඳලා තියෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන අය බහුතරයක් මෙතන හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි ඉතින් තීරණය නම් ලොකු වෙනසක් සිදු වෙලා නැහැ කියලත් මේ වෙද්දී වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා රාජීව් අමරසූරිය සමඟ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහභාගී වෙච්ච විශේෂ සාකච්ඡාවක් තිබිලා තියෙනවා. මේක තිබිලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේදී. ඒකට රාජීව් ඇවිල්ලා තමන්ගේ තියෙන්නා වූ ප්‍රශ්න ටික කියලා තියෙනවා. ඊට පස්සේ හර්ෂණ කියලා තියෙනවා, “මම මේ ගැන ආයෙ සැරයක් ජනාධිපතිවරයාත් එක්ක කතා කරන්නම්” කියලා. රාජීව් කියලා තියෙනවා, “පවතින විරෝධය නම් එච්චර හොඳ නැහැ, හැමෝම මේකට විරුද්ධයි” සහ මේකට විරුද්ධ වෙන කරුණු ගැනත් ඔහු පැහැදිලි කරලා තියෙනවා. “මේක දැනටමත් කැබිනට් එක අනුමැතිය හම්බවෙලා තියෙන වැඩක්. බලමුකෝ මොකද කරන්න පුළුවන්” කියලා ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා කියලා හර්ෂණ කිව්වා කියලා තමයි කියන්නේ. මෙහෙම නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇමතිවරයා හම්බවෙලා කතා කරන අතරතුරේදී, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් වෙනම තැනක හම්බවෙලා පවතින තත්ත්වය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. “මේ වැඩේ කරන්නේ කවුරු වුණත්, ඔය කහ සිවුරයි කළු කෝට් එකයි එක්ක හැප්පුණොත් නම් මොන ජගතෙකුටත් ඔය වැඩ කරන්න නම් හම්බවෙන්නේ නැහැ. මේක මගේ මංකීය එකක් නෙවෙයි, මේක කිව්වේ ජේ.ආර්.” කියලා එතන හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් කියලා තියෙනවා. මොකද, ඔය ජේ.ආර්.තුමාත් ඔය දෙගොල්ලොත් එක්කම හැප්පෙන්න ගිහින් වැඩේ ඇනගත්තනේ. ඇනගත්තට පස්සේ තමයි කියලා තිබුණේ ඔය කහ සිවුරයි කළු කෝට් එකයි එක්ක හැප්පෙන්න යන එක නම් එච්චර හොඳ නැහැ කියලා. “මේ වැඩේ කළොත් ඉතින් අනුරටත් වෙන්නේ ජේ.ආර්.ට වෙච්ච දේම තමයි” කියලා මෙතන හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ කියලා තියෙනවා. ඔය අතරතුරේදී තවත් නීතිඥයෝ පිරිසක් මේ තත්ත්වය ගැන දැනුම් දෙන්න සූදානම් වෙලා තියෙනවා පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු නීතිඥ සංගමයට. ඔවුන් දැනටමත් ඒකට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔවුන්ගේ සූදානම ජාත්‍යන්තර නීතිඥ සංගමයේ (IBA) එකට දැනුම් දෙන්න. ඒක තියෙන්නේ ලන්ඩන්වල. මොකද ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ ප්‍රශ්නය වෙලාවෙත් IBA එකේ නිලධාරීන් ඇවිල්ලා තත්ත්වය නිරීක්ෂණය කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ. මේ දැන් මේ අය හදන්නේ IBA එක හරහා IMF එකට දැනුවත් කරන්න. IMF එකට මොකටද මේක දැනුවත් කරන්නේ? “මේක ආර්ථිකයට සම්බන්ධ දෙයක් නෙවෙයිනේ” කියලත් එතන කට්ටිය කතා වෙද්දී, IMF එකට මේක දැනුවත් කරන ප්‍රධානම හේතුව තමයි, මේ ආණ්ඩුව මේ ‘Good Governance’ (යහපාලනය) ගැන IMF එකත් එක්ක සංවාදයක ඉන්නවනේ, ඉතින් “මේ වගේ වැඩ වෙනකොට ඒක වෙන්නේ නැහැ කියලා පෙන්වන්නයි අපි ලෑස්ති වෙන්නේ” කියලා මේ නීතිඥවරු කියලා තියෙනවා. මේ හරහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මේ කට්ටිය ඔක්කොටම දැනුම් දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මේක හකුලා නොගත්තොත් එහෙම, ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න ආණ්ඩුවට සිද්ධ වෙයි කියලා මේකෙදි කියලා තියෙනවා. කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකියි. The post විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන ආණ්ඩුව ඇතුළේ පිල් බෙදීමක් app
Google AdSense
In-Article Ad

