
එකම දිසාවට ගිය ලංගම බස් රථ එකට ගැටී අනතුරක්...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එකම දිසාවට ධාවනය වූ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීඅනතුරක් සිදු වී ඇති බව තලවකැලේ පොලිසියේ නිළධාරියෙකු පැවසිය . මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සෙන් ක්ලෙයාර් දිය ඇල්ල ප්‍රදේශයේදිය . හැටන් සිට තලවකැලේ ඇල්ජින් දක්වා ධාවනය වු හැටන් ලංගම බස් රථය එක්වරම සෙන් ක්ලෙයාර් ප්‍රදේශයේ නතර කිරිමත් සමග එම දිසාවටම නාවලපිටියේ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ නාවලපිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථය ලිස්සා ගොස් ඉදිරියෙන් නතර කල හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇත . බස් රථ දෙක අනතුරට පත් වන අවස්ථාවේ බස් රථ දෙකේම මගීන් විශාල පිරිසක් සිටි බවත් , අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත් , බස් රථ දෙකේම රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ . - රංජිත් රාජපක්ෂ
Google AdSense
In-Article Ad

