FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගොවියන් රජවරුනං ඇයි රජවරු දුප්පත්.. වී වගාවට වඩා බඩ ඉරිගු වවන එක ලාබයි..- ලාල් කාන්ත

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගොවි සංගම් සමග පැවති සාකච්චාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වී අලෙවි මණ්ඩලයේ පවතින ගබඩා පහසුකම් සීමිත බැවින්, වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට 'ඔඩපන ණය' ලබා දීමට රජය කටයුතු කර ඇති බවයි. එලෙස රජයේ සහාය ලබාගන්නා මෝල් හිමියන් ගොවීන්ගෙන් වී මිලදී ගත යුත්තේ රජය ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලටම විය යුතු බවත්, ඇතැම් පිරිස් එම මිලට වඩා අඩුවෙන් වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත් ඔහු පැවසීය. එවැනි අත්තනෝමතික ලෙස කටයුතු කරන ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී රජය සමඟ ගනුදෙනු කිරීමට ඇති අවස්ථාව අහිමි කරන බවට ඔහු අනතුරු ඇඟවීය. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ප්‍රථමයෙන්ම ගොවියාට හිමි සාධාරණ කොටස ලබා දීම බවත්, අතරමැදියන් තම ලාභය උපයා ගැනීමේදී ගොවියා හෝ පාරිභෝගිකයා සූරාකෑමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. "ගොවියා රජෙක්" යැයි පැවසුවද ඔවුන් තවමත් දිළිඳු මට්ටමේ පසුවීම පිළිබඳව අමාත්‍යවරයා සිය කනගාටුව පළ කළ අතර, එම තත්ත්වය වෙනස් කිරීම රජයේ අරමුණ බව ද සඳහන් කළේය. එමෙන්ම, වී වගාවට සාපේක්ෂව බඩ ඉරිඟු වගාවෙන් අක්කරයකට ලැබෙන ආදායම වැඩි බවත්, මේ වන විට බඩ ඉරිඟු මෙරට දෙවන ප්‍රධාන බෝගය බවට පත්ව ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙළඳපොළ පාලනය කිරීමේ අභියෝගයට රජය සාර්ථකව මුහුණ දෙන බව ද ඔහු අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad