FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

August 03 (Citizen News) - මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය ද, ඉදිරියේදී වර්ෂාපතනය තවත් ලැබිය හැකි බවට වන පුරෝකථන හා කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කිරීමේ අවදානම ද හේතුවෙන්, මහවැලි ගංගා ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්බාගේ කෝරළේ, ගඟඉහළ කෝරළය, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙම මහ ගංවතුර තත්ත්වය පිළිබඳව අවදානම් නිවේදනය නිකුත් කර ඇත.

Google AdSense

In-Article Ad