
මර්වින්ගෙන් සල්ලි ගත්තා කිවුවාට රිතූ කෝප වේ.. සියල්ලන්ට පාඩමක් උගන්නයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකට අදාළව, තම නම සහ බැංකු ගිණුම් තොරතුරු භාවිත කරමින් පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රංගන ශිල්පිනී රිතු ආකර්ෂා පවසයි ඇය මේ බව අවධාරණය කර සිටියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වන පරිදි, බැංකුවේ ගිණුමට මුදල් බැර කිරීම සම්බන්ධයෙන් තමන් වෙත එල්ල වී ඇති චෝදනා ඇය තරයේ ප්‍රතික්ෂේප කරයි ඇතැම් ප්‍රධාන පෙළේ පුවත්පත් සහ සමාජ මාධ්‍ය ජාලා මගින් සිය ඡායාරූප සහ නම භාවිත කරමින් මෙම ගනුදෙනුවලට තමන් සම්බන්ධ බවට හඟවමින් පුවත් පළ කර ඇති බව ඇය පෙන්වා දෙයි කෙසේ වෙතත්, තමන් සතුව DFCC බැංකුවේ කිසිදු ගිණුමක් මෙතෙක් පවත්වාගෙන ගොස් නොමැති බවත්, අදාළ පුවත්වල සඳහන් වන ගිණුම් අංකය තමන්ට අයත් නොවන බවත් ඇය සිය නිවේදනය මගින් වගකීමෙන් යුතුව සහතික කර සිටියි එම කරුණ සනාථ කිරීම සඳහා DFCC බැංකුව විසින් නිකුත් කරන ලද නිල ලිපියක් ද තමන් සතුව ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි තම වෘත්තීය ගෞරවයට සහ ප්‍රතිරූපයට හානි වන අයුරින් මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුවත්පත්, සමාජ මාධ්‍ය අඩවි සහ පුද්ගලයින්ට එරෙහිව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව රිතු ආකර්ෂා මෙනෙවිය පවසයි ඉදිරියේදී ද මෙවැනි අසත්‍ය තොරතුරු සංස්කරණය කරන හෝ පතුරුවන ඕනෑම අයෙකුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ඇය අවධාරණය කර සිටියි Marvin silva and rithu akarsha
Google AdSense
In-Article Ad

