FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපේ පන්තියේ අය වයසට වඩා වයසට ගිහින්.. ඇස් ගිලිලා, හකු බැහැලා.. අපි සැප විදින්න ඔ්නෑ..- TB

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

තමන් නියෝජනය කරන පන්තියේ සාමාන්‍ය ජනතාව විඳින දුක් ගැහැට හේතුවෙන් ඔවුන් වයසට වඩා මහලු පෙනුමක් පෙන්නුම් කරන බවත්, එම තත්ත්වය වෙනස් කර ජනතාවට සතුටින් සහ සැපෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනහමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය. "අද අපේ පන්තියේ මිනිස්සුන්ගේ හැටි බලන්න. හැම මනුස්සයෙක්ම වයසට වඩා වයසට ගිහින්, ඇස් යට ගිහින්, හකු බැහැලා. ඒ තමයි අපේ පන්තියේ හැටි. හැබැයි මේ පන්තිය හැමදාම මෙහෙම ඉන්න ඕන නැහැ. අපිත් සැප විඳින්න ඕන, සතුටින් ඉන්න ඕන. අපි රදළ පන්තිවලවත්, ධනපති පන්තිවලවත් ඉපදුණු අය නෙවෙයි. අපිත් ඔබ වගේම අහිංසක අම්මා තාත්තාගේ දරුවෝ." තමන් දේශපාලනය කරන්නේ තම පන්තියේ මිනිසුන්ට යුක්තිය, සාධාරණත්වය සහ නිවහල්භාවය ලබා දීමට බව පැවසූ ඒ මහතා, බලය ලබාගෙන ජනතාවට සේවය කිරීම පිළිබඳව සතුටු වන බව ද ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි වසර කිහිපය තුළ රටේ සහ ජනතාවගේ ජීවිතවල කැපී පෙනෙන වෙනසක් සිදු කරන බවයි. "තව අවුරුදු තුන හතරක් යනකොට බලන්න ඔබ උපන් රට කොච්චර ලස්සන වෙයිද කියලා. ඔබේ ජීවිත, ඔබේ ගෙවල් දොරවල් සහ දරුවන්ගේ අනාගතය කොතරම් සුන්දර වෙයිද කියලා බලන්න. ඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා මේ ලස්සන රට ගොඩනගමු" Deputy Minister TB Sarath Envisions a Brighter Future for Sri Lanka The tough realities faced by ordinary people have led to them appearing older than their years, Deputy Minister TB Sarath emphasized during a public gathering. He asserted that the government aims to change this situation and create a country where citizens can live happily and comfortably. Speaking passionately, Sarath painted a stark picture of the challenges faced by his constituents. "Just look at our people today. Everyone seems to be aging prematurely, with weary expressions beneath their eyes," he noted, highlighting the distressing conditions affecting community members. "But this is not how it needs to be. We deserve to enjoy life and live joyfully, just like anyone else. We are not simply products of our socioeconomic class; we too are children of innocent mothers and fathers, just like you." He elaborated on the purpose of his political efforts, stating that his commitment lies in securing justice, fairness, and freedom for the people of his constituency. Sarath expressed satisfaction in being able to serve the public through governance, reinforcing his dedication to their cause. Looking ahead, the Deputy Minister assured the audience that tangible improvements in the lives of citizens would be forthcoming in the coming years. "In three to four years, take a look at your homeland and see how beautiful it has become," he urged. "Consider how enriched your life, your homes, and your children's futures will be. Let's all unite to build this beautiful country together." *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad