FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මුදාගත් ඉන්දීය යාත්‍රාවේ සිටි පිරිස ඩෙල්ෆ් දූපතට රැගෙන එයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදි අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 11 දෙනා මේ වනවිට ඩෙල්ෆ් දූපත වෙත රැගෙනවිත් තිබෙනවා. ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයක් සදහා යොමු කළ බවයි නාවික හමුදාව පැවසුවේ. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද ප්‍රකාශ කෙරුණා. අදාළ ධීවර යාත්‍රාව අද අලුයම 5 ත් 5.30 ත් කාලය තුළ අනතුරට ලක්ව ඇති බවට නාවික හමුදා වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ ඩෙල්ෆ්හි නාවික හමුදා කණ්ඩායම් කිහිපයක් නෞකා සහ ඩිංගි යාත්‍රා කිහිපයකින් එම ස්ථානයට ළගා වී තිබෙනවා. ඉන් අනතුරුව අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් 11 දෙනා නිරුපද්‍රිතව මුදාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුව එම පිරිස ඩිංගි යාත්‍රා කිහිපයක් මගින් ඩෙල්ෆ් දූපත වෙත රැගෙනවිත් තිබෙනවා. .

Google AdSense

In-Article Ad