
පනතට එරෙහිව නඩු දමයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එහි සාමාජිකයන් වන උදය කළුපතිරණ සහ සුනිල් ජයසේකර පෙත්සම්කරුවන් ලෙස පෙනී සිටින අතර නීතිඥ ලක්ෂාන් ඩයස් මගින් පෙත්සම ගොනුකොට ඇත. පෙත්සම මගින් වග උත්තරකරුවන් ලෙස නම් කොට ඇත්තේ නීතිපතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාය. අද එම පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ අගෝස්තු 11 වන දිනට ලිඛිතව කරුණු දක්වන ලෙසයි. අදාළ පනත් කෙටුම්පත සම්මත වී, යෝජිත ආයතනය ස්ථාපිත කරනු ලැබුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පැනවෙනු ඇතැයි යන්න පෙත්සම්කරුවෝ කියා සිටිති. එසේම යෝජිත පනත් කෙටුම්පතෙහි ඇතැම් නිර්වචන සහ අර්ථ දැක්වීම් මගින් පොදු පුරවැසියාගේ මෙන්ම ඔන්ලයින් අන්තර්ගත ඉදිරිපත් කරන්නන්ගේද අයිතිවාසිකම් සීමා කළ හැකි බව ඔවුන්ගේ තර්කයයි. එසේම අදාළ ආයතනය පිහිටු වීමේ පළමු පියවර වන අතුරු කමිටුව පත් කිරීම රාජ්‍ය යාන්ත්‍රණයේ අභිලාෂය මත පමණක් පදනම් වන අතර එමගින් නිර්මාණය වන රීති ඔස්සේ දැඩි ලෙස පාලනයට නතු වූ ආයතනයක් බිහිවනු ඇත. පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත සංශෝධනවලින් තොරව සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු බවයි.
Google AdSense
In-Article Ad

