FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

August 03 (Citizen News) - පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග, නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. සිය ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව ගමන් කළ හැකි සිසුන්ට එසේ පිටත්ව යා හැකි අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් වෙත යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර වෙනත් නේවාසිකාගාරයක විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරිපාලනය දැනුවත් කර රැඳී සිටිය හැකි බව ද සඳහන් කර තිබෙනවා. එසේම අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල (boarding places) රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම්, ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙස ද නේවාසිකාගාර පාලනාධිකාරියට උපදෙස් ලබා දී ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කර තිබෙනවා. කිසිදු සිසුවෙකුට නේවාසිකාගාරවලින් පිටව යාමට බල නොකරන බවත්, විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Google AdSense

In-Article Ad