FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අධිභාරය නිසා වාහන මිල තවත් ලක්‍ෂ 50 තෙක් ඉහල යයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව අනාවරණය කළේය. විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම අධිභාරය දීර්‍ඝ කර ඇති අතර, එහි සෘජු බලපෑම මැයි මස 15 වන දිනෙන් පසුව ණයවර ලිපි විවෘත කරන ලද වාහන සඳහා එල්ල වන බව ඔහු පෙන්වා දුන්නේය. දැනට ප්‍රදර්‍ශනාගාරවල පවතින වාහන මැයි 15 දිනට පෙර ණයවර ලිපි විවෘත කළ ඒවා බැවින්, පාරිභෝගිකයන්ට දැනට පවතින මිල ගණන් යටතේ එම වාහන මිලදී ගැනීමට මෙය කදිම අවස්ථාවක් බව ද සභාපතිවරයා සඳහන් කළේය. "ඉදිරියේදී එන වාහනවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනවා. වැගන් ආර් (Wagon R) රථයක් ලක්ෂ 5කින් ද, ටොයෝටා රේස් (Toyota Raize) රථයක් ලක්ෂ 10කින් ද, වෙසල් (Vezel) රථයක් ලක්ෂ 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ද මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. එමෙන්ම ප්‍රාඩෝ (Prado) රථයක් ලක්ෂ 30කින් ද, ලෑන්ඩ් කෲසර් (Land Cruiser) රථයක් ලක්ෂ 50කින් ද සහ ඩබල් කැබ් රථයක් ලක්ෂ 20ත් 25ත් අතර ප්‍රමාණයකින් ද මිල ඉහළ යා හැකියි." නිතර නිතර මෙලෙස අධිභාරයන් වෙනස් කිරීමෙන් වෙළඳපොළ අස්ථාවර වන බව පෙන්වා දුන් ප්‍රසාද් මානගේ මහතා, ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීමට රජයට අවශ්‍ය නම් ඒ සඳහා බදු ප්‍රතිපත්ති සංශෝධනය හෝ ණයවර ලිපි පාලනය වැනි විකල්ප ක්‍රමවේද භාවිතා කළ හැකි බව ද යෝජනා කළේය.

Google AdSense

In-Article Ad