
රුමේෂ් තරංග දිවයිනට – හෙල්ල කට්ටලයට ගුවන් ගමනේදී හානි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හංගේරියාවේ බූඩාපේස්ට්හිදී පැවති විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන් ගමනේදි කණගාටුවට කරුණක් වන්නේ ජයග්‍රහණය සදහා ඔහු භාවිත කළ හෙල්ල කට්ටලය හානි වී තිබීමයි. ”හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග අද අලුයම කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු තුර්‍කි ගුවන් සේවයට අයත් ඔණ 730 දරන ගුවන් යානයෙන් ගුවන්තොටුපළ වෙත පැමිණියා. කනගාටුවට කාරණය වූයේ ඔහු සිය ජයග්‍රහණය සඳහා භාවිතා කළ හෙල්ල පහක් අඩංගු ගමන් මල්ල තුළ ඒ සියල්ලම කඩා දමා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා. මේ අනුව රුමේෂ් තරංග ඉතාමත් කනගාටුවට වේදනාවට පත්ව සිටියා. ඔහු ප්‍රකාශ කළා වෙනදාට ගුවන්තොටුපළ වෙත පැමිණෙන්නේ සතුටින් වුවත් මෙවර පැමිණියේ ඉතාමත් දුකෙන් බවයි. ඒ අනුව ඔහු භාවිතා කළ හෙල්ල පහම කෑලි කෑලි වලට කඩා දමා තිබෙනවා. එය තුර්‍කි ගුවන් සේවයේ වගකීමක් පැහැර හැරීමක් වෙනවා. ඒ තමයි අද දින ඔහුව පිළිගැනීම සඳහා පැමිණි උත්සවයේ විශේෂත්වයම වෙලා තිබෙන්නේ. ඔහුව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ඒ වගේම ඔහුගේ දෙමාපියන්, ඥාතීන්, ඒ වගේම ඔහු සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විශාල පිරිසක් මේ වන විට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටිනවා.” .
Google AdSense
In-Article Ad

