FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරන්න හදනවා යයි බදියුදීන් නඩු දමයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අවධාරණය කර ඇත්තේ, ඇතැම් පාර්‍ශ්වයන් විසින් තමන් ඉලක්ක කර ගනිමින් සිදුකරන එවැනි පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්‍ශනවලදී තමන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව තහවුරු වී අධිකරණයෙන් නිදහස්ව සිටින පසුබිමක, යළිත් මෙවැනි චෝදනා එල්ල කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පෙන්වා දී තිබේ. ඒ අනුව, තමන්ගේ නම ඈඳමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්‍ග ගැනීමට කටයුතු කරන බවද රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Google AdSense

In-Article Ad