
අගමැතිනි ඝාතන සැලසුමක වාර්‍තාවක් ගැන පොලිසියෙන් අධිකරණයට දැනුම් දීමක්!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. පොලිස් මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්‍ශනය ආරම්භ කළ බව එම කාර්‍යාංශයේ පරිගණක අපරාධ විමර්‍ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලින්ද ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළ පොලිස් නිලධාරීන් සඳහන් කළේ, Facebook හරහා "Breaking හරිනි ඝාතන සැලසුමක්" යන තේමාව යටතේ ද්වේෂසහගත ලෙස සහ රාජ්‍ය නොසන්සුන්තාවක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකර ඇති බවයි. අග්‍රාමාත්‍යවරිය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ ඇයට වස දී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව පවසමින් මෙම ව්‍යාජ තොරතුරු සමාජගත කර ඇති බව ද විමර්‍ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්‍තා කරන ලෙස මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයට නියෝග කළේය.
Google AdSense
In-Article Ad

