FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ප්‍රබල තරගකාරී ආර්‍ථිකයක් නිර්‍මාණය නොකළොත් නව ලෝක බල රටාවේ ශ්‍රී ලංකාව තනි වෙනවා..

FM Heart · 1 min read

The Heart Academy
නව චින්තනය සඳහා වන ඔක්ස්ෆර්‍ඩ් ආයතනයට අනුව ගෝලීය පාලනය වැඩි වැඩියෙන් රඳා පවතින්නේ බහු-කේන්ද්‍රීය පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන බලවත් කණ්ඩායම් මත බවත් ශ්‍රී ලංකාවද මෙම වෙනස්කම්වලට අනුගත විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි. එසේ නොවුණහොත් අප ලොකු මාළුන්ට ගොදුරු වනු ඇති බවත් තාක්ෂණය උපයෝගි කරගත් නවීකරණය මත පදනම් වූ ආර්‍ථික හා සමාජීය පරිවර්‍තනයක් අපට අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. නව ගෝලීය බල රටාව සඳහා සූදානම් වීමේදී ඉස්මතු වූ ප්‍රධාන අවශ්‍යතාවන් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාව සාගරික සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම, ඉන්දියාව සමග සමීප ආර්‍ථික සහයෝගීතාවයක් ගොඩනැගීම, බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් සහ සෙසු දකුණු-නැගෙනහිර ආසියානු රටවල් සමග මෙරට සබඳතා ශක්තිමත් කිරීම, ත්‍රෛපාර්‍ශ්වික බලවතුන් වන ඇමරිකාව, චීනය සහ රුසියාව සමග මෙන්ම ජපානය සමගද සබඳතා ශක්තිමත් කරගැනීම, කොළඹ ආරක්ෂක පදනමේ කටයුතු වේගවත් කිරීම, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නාවික නෞකා සහිත තාක්ෂණිකව දියුණු නාවික හමුදාවක් ගොඩනැගීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හෙතෙම කරුණු දැක්වීය. වර්‍තමානයේ ස්වෛරීභාවය යනු තාක්ෂණය බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
99mobile