FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලංකාවේ ධාන්‍ය අවශ්‍යතාවට මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් ආනයනය කරන්න වෙනවා...- FAO

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

එම සංවිධානයේ ‘ගෝලීය තොරතුරු හා පූර්‍ව අනතුරු ඇඟවීමේ පද්ධතිය’ මගින් නිකුත් කරන ලද නවතම වාර්‍තාවක මේ බව සඳහන් වේ. ආනයනය කිරීමට අපේක්ෂිත ධාන්‍ය අතරින් වැඩි ප්‍රමාණයක් තිරිඟු වන අතර, මෙරට ජනගහන වර්‍ධනය සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් තිරිඟු ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම මෙලෙස ඉහළ ගොස් ඇති බව එම වාර්‍තාව පෙන්වා දෙයි. ලෝක ආහාර හා කෘෂිකර්‍ම සංවිධානයට අනුව, මෙවර ධාන්‍ය නිෂ්පාදනය පසුගිය වසර 5ක සාමාන්‍ය අගය සමග සැසඳීමේදී සියයට 9ක වර්‍ධනයකි. පසුගිය වසරේ මෙරට සමස්ත ධාන්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 55ක් ලෙස සටහන් වූ අතර එය සාමාන්‍ය අගයට වඩා සියයට 12ක ඉහළ යාමකි. වාර්‍ෂික වී නිෂ්පාදනයෙන් සියයට 60ක් නියෝජනය කරන ‘මහ’ කන්නයේ අස්වැන්න නෙළීම පසුගිය මාර්‍තු මාසයේදී අවසන් වූ අතර, එහිදී මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක අස්වැන්නක් ලැබී ඇත. සියයට 40ක දායකත්වයක් සපයන ‘යල’ කන්නයේ අස්වැන්න නෙළීම මේ දිනවල සිදුවන අතර එය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. මීට අමතරව, මෙවර බඩඉරිඟු නිෂ්පාදනය ද මෙට්‍රික් ටොන් 450,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිෂ්පාදනය ඉහළ ගියද, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ගොවීන්ට විශාල අභියෝගයක් වී ඇති බව එම වාර්‍තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම රතු මුහුදේ පවතින නාවික ප්‍රවාහන බාධා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අස්වනු නෙළීමේ හා ප්‍රවාහන කටයුතුවලට වැය වන පිරිවැය ඉහළ ගොස් තිබේ. එල්-නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ වර්‍ෂාපතනය සියයට 35කින් පමණ අඩුවීම ලෝක ධාන්‍ය නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ හේතුවෙන් ලෝක ආහාර සැපයුමට බාධා එල්ල වී ඇති අතර, 2022 වසරෙන් පසු ලෝක ආහාර මිල ගණන් ඉහළම මට්ටමකට පැමිණ ඇති බව ද ලෝක ආහාර හා කෘෂිකර්‍ම සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවයි.

Google AdSense

In-Article Ad