FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මීගමුවේ මරා ගනිද්දි අධිකරණ ඇමති බීලා නිදි… 2029 ඇමති හර්ෂණ හිරගෙදරට යවනවා…! – රාමනාදන් අර්චුනා

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මත්පැන් පානය කර නින්දේ පසුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා පවසයි. පසුගියදා (24) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මෙම චෝදනාව කළේය. “එහිදී සිදුවෙමින් පැවති දේ පිළිබඳව අමාත්‍යවරයා දැන සිටියේ නැහැ. මම 2029 වසරේදීත් පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය නානායක්කාරව බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනවා.” ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා මත්පැන් පානය කිරීම ඔහුගේ පෞද්ගලික කාරණයක් බවයි. “මේ මන්ත්‍රීවරු කතා කරන්නේ අමාත්‍යවරයාගේ බීම වීදුරුවට සෝඩා දැමුවේ ඔවුන් වගේ. ගැටුමෙන් පසුව අමාත්‍යවරයා තම රාජකාරිය ඉටු කළා. ගැටුමට ලක්වූවන් වෙනුවෙන් ඔහු සියලු දේ සිදු කළා” යැයිද වසන්ත සමරසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad