
22 පැරදී වැලිකඩ යන ගමං නාමල්ගෙන් FaceBook සටහනක්..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. -- 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්‍ලිමේන්තුව තුළින් අද තීරණයක් ලැබී ඇත. ජනමත විචාරණයක් ව්‍යවස්ථානුකූලව අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට මම ගරු කරමි. නමුත් තවමත් මතු කළ යුතු ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් මෙම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට මේ මොහොතම තෝරා ගන්නේ ඇයි?. එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති ආරක්ෂණ මොනවාද? යන ගැටළු මතු විය යුතු බව විශ්වාස කරමි. මෙලෙස සිදු කෙරෙන සංශෝධන සහ විධිවිධාන කිසිදු පුද්ගලයෙක් මූලික කරගෙන හෝ පුද්ගල අවශ්‍යතා මත පදනම්ව හෝ වත්මන් අවශ්‍යතාවයන් මත හෝ සිදු වන්නක් නොව, අදාළ ආයතන වල යහපත සහ ස්වාධීනත්වය සුරැකීම සඳහා යොදා ගත යුතු බැවින් ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව අවධාරණය කරමි. සෑම පුරවැසියෙකුගේම අපේක්ෂාවන් වන ස්වාධීන අධිකරණයක්, ක්‍රියා පටිපාටියකට අනුකූල වූ නීතිමය රාමුවක් සහ දේශපාලන බලපෑම්වලින් තොර යුක්තියක් යන සාධක කිහිපය ඉල්ලා සිටිමි. ආණ්ඩුව, දේශපාලනඥයන් ගතිකත්වයෙන් යුතුව වෙනස් වන සුළු බැවින් ද, බලයද අතින් අත මාරු වන්නේය. එහෙත් අද බලය දරන පුද්ගලයාගෙන් හෝ අනාගතයේ බලය දරන ඕනෑම අයෙකුගෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බව විශ්වාස කරමි. ඒ, අධිකරණයේ ස්වාධීනත්වය අන් කවරෙකුටත් වඩා විශාල මූලධර්‍මයක් වන බැවිනි. Ministry Decides on 22nd Constitutional Amendment Amidst Mixed Reactions A statement by Member of Parliament Namal Rajapaksa, posted on his social media account, sheds light on the ongoing constitutional discussions in Sri Lanka. Today, Parliament reached a significant decision regarding the 22nd amendment to the Constitution. In responding to a Supreme Court ruling, he acknowledged that a public referendum is not constitutionally required for this amendment. However, Rajapaksa raised several pertinent questions that remain unresolved. He inquired why this particular moment was chosen for the proposed amendments and what safeguards are in place to ensure the independence of the judiciary. He emphasized that any changes or regulations should not be based on individual needs or current demands but should focus on maintaining the integrity and independence of relevant institutions, warranting careful consideration. Rajapaksa underscored the aspirations of citizens for an independent judiciary, a legal framework aligned with established procedures, and justice free from political influence—elements he believes are crucial for the nation's governance. He remarked on the fluid nature of power among political leaders, asserting that regardless of who holds authority today or in the future, the safeguarding of judicial independence must remain a priority. He noted that this independence represents a fundamental principle more significant than any individual or party's interests. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

