
රන් බඩු උකස් තැබීම වාර්‍තාගත ලෙස ඉහලට.. මාස පහට කෝටි පහලොස්දාහයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එය පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 16.12ක රන් ණය ශේෂයේ වර්‍ධනයක් වන අතර, ඒ අනුව මැයි මාසය අවසන් වන විට මෙරට ජනතාව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට රන් භාණ්ඩ උකස් කර ලබාගෙන ඇති සමස්ත ණය මුදලේ ශේෂය රුපියල් කෝටි 107,900 ඉක්මවා ගොස් තිබේ. පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා ගතවූ වසරක කාලය තුළ මෙරට ජනතාව වාණිජ බැංකුවලින් රුපියල් කෝටි 37,180ක රන් ණය ලබාගෙන ඇති අතර, එය ඊට පෙර වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 52.6ක කැපී පෙනෙන ඉහළ යාමකි. ලෝක වෙළෙඳපොළේ රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ රන් ණය ලබාගැනීම ද සීඝ්‍රයෙන් වර්‍ධනය වීම හේතුවෙන් සමස්ත මූල්‍ය පද්ධතියට මතුවිය හැකි අවදානම පාලනය කිරීම සඳහා, පසුගිය මැයි මාසයේදී රන් භාණ්ඩයක වටිනාකමින් උපරිම සියයට 70ක් දක්වා වන පරිදි ණය සීමාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේය.
Google AdSense
In-Article Ad

