
පාස්කු නඩුවේ වරදකරුවන් වූ එක් අයෙකුට වසර 220 බැගින් බරපතළ වැඩ සහිතව සිර දඬුවම්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට මීට සුළු මොහොතකට පෙර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දඬුවම් නියමකර ඇත. ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතළ සිරදඬුවම් නියමකර තිබේ. එමෙන්ම ඔවුන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ. මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නඩු පවරා තිබූ අතර, චෝදනා එල්ලව තිබූ විත්තිකරුවන් 09දෙනෙකු අධිකරණය නිදොස්කොට නිදහස් කිරීමට මීට පෙර නියෝග කළේය.
Google AdSense
In-Article Ad

