FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරිත්වය භාණ්ඩාගාරය සතු සමාගමකට.. කළමනාකරණය ගුවන් හමුදාවට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්‍ථික සංවර්‍ධන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සකස් කරන ලද නව පාලන සහ මූල්‍ය රාමුවකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ රෝහල මගින් මහජනතාව වෙනුවෙන් නොමිලේ මෙන්ම සාධාරණ ගාස්තු අය කිරීමේ පදනම මත ද නේවාසික සහ බාහිර රෝගී ප්‍රතිකාර සේවාවන් සැපයීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නව කළමනාකරණ සැලැස්මේ ප්‍රධාන කරුණු මෙසේය. 2017 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනුණු මෙම රෝහල, රජයේ ව්‍යවසායයක් ලෙස වඩාත් ඵලදායීව මහජන සේවයට යෙදවීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.

Google AdSense

In-Article Ad